|
සරසවිය හරහා තරුවක් වෙන්න හෙට වැලිගම චාන්දනි සිනමාහලට එන්නලාංකික සිනමාවේ අනාගතය සරුසාර කිරීමේ අදහසින් හා දිවයින පුරා වෙසෙන සිනමා, ටෙලිවිෂන්, වේදිකා, දැන්වීම් සහ විලාසිතා ලෝකයට එක්වීමට බලාපොරොත්තු වන සියලු දෙනාට අත්වැලක් සැපයීමේ දැවැන්ත කර්තව්‍යයක් සරසවිය ආරම්භ කරයි. එහි පළමු ව්‍යාපෘතිය හෙට (09) උදෑසන 10.00ටවැලිගම චාන්දනි සිනමාහලේදී ඇරඹෙන්නේ ‘රුහුණෙන් තරුවක්’ නමිනි. වයස් කාණ්ඩයකින් තොරව ළමා, වැඩිහිටි සියලු දෙනාට මෙම ක්ෂේත්රයන්ගේ දොරගුළු විවර කරදීම සරසවිය බලාපොරොත්තුවයි. මේ අනුව සරසවිය අතිදක්ෂ ඡායාරූප ශිල්පීන් අතින් රූ ගැන්වෙන ඔබේ රුව හා විස්තර මෙරට සිනමාවේ හා ටෙලිවිෂනයේ ප්රමුඛ පෙළේ නිෂ්පාදකවරුන් සහ අධ්යක්ෂවරුන් ඇතුළු ශිල්පීන් වෙත යොමු වේ. ඔබ කළ යුත්තේ 09 වැනිදා එනම් හෙට වැලිගම චාන්දනි සිනමා ශාලාවට උදේ 10.00ට පැමිණ ලියාපදිංචි වීමය. එමෙන්ම සරසවිය පුවත්පතක් රැගෙන එන අයට ‘උලත් එකයි පිලත් එකයි’ චිත්‍රපටය නොමිලයේ නැරඹීමට අවස්ථාව ද හිමි වේ.
දැවෙන විහඟුන් බූෂාන් උලෙළට
සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ දැවෙන විහඟුන් චිත්‍රපටය (Burning Birds) විසි එක්වන බුෂාන් අන්තර්ජාතික සිනමා උළළේ (21stBusan International Film Festival) තරගකාරී අංශය (NEW CURRENTS AWARDS) සඳහා තේරී ඇත. ලොව ප්‍රමුඛතම සිනමා උලෙළවල් කිහිපය අතරින් එකක් වන බුෂාන් සිනමා උළෙල දකුණු කොරියාවේ බුෂාන් නගරයේදී ලබන ඔක්තෝම්බර් 6දා සිට 15දා දක්වා පැවැත්වේ. දැවෙන විහඟුන් චිත්‍රපටය සංජීව පුෂ්පකුමාරගේ දෙවැනි වෘත්තාන්ත චිත්‍රපටයයි. චිත්‍රපටය ශී‍්‍ර ලංකා, ප්‍රංශ, දොහා කටාර් සහ නෙදර්ලන්තය යන රටවල සම නිෂ්පාදනයකි. දැවෙන විහඟුන් තිර රචනය කාන් සිනමා උළළේ 2012-2013 වසරේ සිනේ ෆොන්ඩේෂන් නේවාසික අංශයට (Cinéfondation Résidence,Cannes Film Festival) තේරුණු අතර පසුව චිත්‍රපටයේ තිර රචනය වැඩිදුරටත් සංවර්ධනය කිරීම සදහා 2014 දී ඊශ්‍රාලයේ, ජෙරුසුලම් තිර රචනා ඇකඩමියට (The Jerusalem International Film Lab) තෝරා ගන්නා ලදී. එහිදී සංජීව ප්‍රංශ ජාතික තිර රචනා උපදේශක ජාක් අක්කොතිගේ උපදෙස් මත දැවෙන විහඟුන් තිර රචනය සත්මසක කාලයක් පුරා වැඩිදුරටත් රචනා කරන ලදී. ප්‍රංශයේ නියෝන් ප්‍රඩක්ෂන් වෙනුවෙන් අන්තොනා දෙදේ (Antonin Dedet) සහ ඩොමිනික් විලෙන්ස්කිත් (Dominique Welinski) ශී‍්‍ර ලංකාවේ සපුෂ්ප එක්ස්ප්‍රෂන්ස් වෙනුවෙන් සංජීව පුෂ්පකුමාරත් දැවෙන විහඟුන් චිත්‍රපටයේ නිෂ්පාදකයන් ලෙස කටයුතු කරයි. මහේන්ද්‍ර පෙරේරා, සමනලී ෆොන්සේකා, අනෝමා ජනාදරී, චාන්දනී සෙනවිරත්න, ලීයෝනි කොතලාවල, ශ්‍යාම් ප්‍රනාන්දු, දසුන් පතිරණ, පුබුදු චතුරංග, ධර්මපි‍්‍රය ඩයස්, තිස්ස බණ්ඩාරනායක, පි‍්‍රයංකා සමරවීර, දර්ශන් ධර්මරාජ්, සංජීව දිසානායක ඇතුළු පිරිස රංගනයෙන් දායකවන දැවෙන විහඟුන් චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය කාලිංග දේශපි්රයගෙනී. ඇදුම් නිර්මාණය අජන්ත අලහකෝන්, කලා අධ්‍යක්ෂණය පියතිස්ස අකුරම්බොඩ, වේශ නිරූපණය ප්‍රියන්ත දිසානායක, සංස්කරණය අජිත් රාමනායක සහ කැතරිනා වර්තේනා (Katharina Wartena), වර්ණ සංයෝජනය එළි අකෝකා (Elie Akoka), ශබ්ද පරිපාලනය පි‍්‍රයන්ත කළුආරච්චි සහ නිකොලා දාහලින් (Nicolas D’halluin), පළමු සහය අධ්‍යක්ෂණය අරුණ තිලකරත්න, දෙවන සහය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්න සහ නිෂ්පාදන කළමණාකරණය හැරල්ඩ් කරුණාතිලකගෙනි. බන්දු - ටෙනී යළිත් එක් කරමින් යම රජ සිරි වැඩ ඇරඹේ
වසර ගණනාවකට පසු බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ එකට රංගනයේ යෙදෙන සිනමාපටයක මූලික වැඩකටයුතු පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදි පැවැති මුහුරත් උලෙළකින් පසුව ආරම්භ කෙරිණි. ‘යම රජ සිරි’ යනුවෙන් නම් කොට ඇති එය සජීව සංකල්ප දසනායකගේ අධ්‍යක්ෂණයකි. ‘යම රජ සිරි’ ඔහුගේ කුලුඳුල් සිනමා නිර්මාණය වේ. බන්දු සහ ටෙනී සමඟ රෙක්ස් කොඩිප්පිලි, දිල්හානි අශෝකමාලා, සේමිණි ඉද්දමල්ගොඩ, කුමාර තිරිමාදුර, නදීශා හේමමාලි, රොනි ලීච්, රිචඩ් මානමුදලි, ශිරෝමිකා ප්‍රනාන්දු, දිමුතු චින්තක, දෙනුවන් සේනාධි. නදිශානි පේලිආරච්චි, ප්‍රසන්න ෆොන්සේකා, අනුර බණ්ඩාර රාජගුරු, ලාල් වීරසිංහ, ඩී. බී ගංගොඩතැන්න, ලාල් කුලරත්න, බර්ටි නිහාල් සුසිරිපාල, උදයකුමාරි රණසිංහ, තිලක් ජයවීර, වරුණි මධුෂාණි පෙරේරා, රොහාන් ප්‍රියදර්ශන ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි. අධ්‍යක්ෂණය මෙන්ම කැමරාකරණය, සංස්කරණය සහ සංගීත අධ්‍යක්ෂණය සජීව සංකල්පගෙනි. අයිවෝ ෆිල්ම්ස් ‘යම රජ සිරි’ නිෂ්පාදනය කරයි. ලංකා ධර්මවික්‍රම නිෂ්පාදන විධායකවරයා ය. යු. ඩබ්ලිව් ප්‍රේමරත්න රේඛිය නිෂ්පාදනයෙන් දායක වෙයි. රන්ජන් ප්‍රසන්න නිෂ්පාදන සම්බන්ධිකරණයෙන්ද සාලින්ද රත්නායක සහාය අධ්‍යක්ෂණයෙන්ද, සුජීව රොහාන් කරුණාරත්න නිෂ්පාදන කලමනාකරණයෙන්ද, තාරක අධිකාරි අංග රචනයෙන්ද මේ සඳහා එක් වෙති. දිනේෂ් රාජපක්ෂගේ කලා අධ්‍යක්ෂණයකි. නිහාල් ප්‍රේමචන්ද්‍ර තිරරචකයා ය. කුමාර තිරිමාදුරගේ පිටපත් සංස්කරණයකි. තරිඳු ඉලංගකෝන් සහාය අධ්යක්ෂවරයා ය. සමන්ත බණ්ඩාර ඉලංගකෝන්ගේ සටන් අධ්‍යක්ෂණයකි. මාධ්‍ය සම්බන්ධිකරණය උපුල් නිශාන්ත ගෙනි.
ඩිජිටල් තාක්ෂණය දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක්
යාවත්කාලීන වන ඩිජිටල් තාක්ෂණය සිංහල සිනමා නිර්මාණකරණයට අනුගත කිරීමේ හැකියාව හා එයින් ලබන ප්රතිලාභ සහ වටිනාකම් පිළිබඳව, සිනමා කර්මාන්තයේ නියැළී සිටින ශිල්පීන් සහ ශිල්පිනියන් දැනුවත් කිරීම සහ පෝෂණය කිරීමේ වැඩසටහනක් මෙම 14 වැනිදා පවස 4.30ට මාලඹේ තලාහේන ඩිල් ෆිල්ම්ස් චිත්‍රාගාරයේදී පැවැත්වේ. එහි මේවන විට ආරම්භක වැඩසටහන් දෙකක් පවත්වා ඇත. ඒ අනුව ‘කොළඹ සන්නිය’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම හා එහි පැවති ඇනලොග් තාක්ෂණය සහ නිර්මාණකරණය සම්බන්ධයෙන් මුල් වැඩසටහන ද දෙවන වැඩසටහන වන නව ඩිජිටල් තාක්ෂණය මඟින් උපයෝගි කරගන්නා විෂුවල් ඉෆෙක්ට් සහ සිනමා (විශේෂ දෘශ්‍ය ප්‍රයෝග සහ සිනමා) යන මැයෙන් පැවැත් වූ වැඩසටහනක් ද පවත්වා ඇත. තෙවන වැඩසටහන ලෙසින් 14 වැනිදා පැවැත්වෙනුයේ, ‘දෘශ්‍ය ප්‍රයෝග සහ සංස්කරණ’ යන මාතෘකා යටතේ ඩිජිටල් තාක්ෂණයේ යාවත්කාලීන වන තත්ත්වයන් දැනුවත් කිරීමේ වැඩසටහනකි. ප්‍රවීණ සංස්කරණ, ශබ්ද පරිපාලන, දෘශ්‍ය ප්‍රයෝග ශිල්පී සහ කැමරා ශිල්පී ප්‍රවීන් ජයරත්න විසින් එය පැවැත්වීමට නියමිතය. මෙය මෙහෙය වනුයේ ෆිල්ම් මේකර්ස් ඇන්ඩ් ආර්ටිස්ට් සර්කල් මඟිනි. මෙම සංවිධානයේ විධායක කමිටුව අපේක්ෂා කරනු ලබන්නේ, සිනමා ක්ෂේත්රයේ නියැළි සිටින ශිල්පීන්, ශිල්පිනියන් ඇතුළුව කර්මාන්තයේ යෙදී සිටින සියලු දෙනාට යාවත්කාලීන වන ඩිජිටල් තාක්ෂණය හා සම්බන්ධ දැනුම මෙන්ම අවබෝධය ලබාදීමට අවශ්‍ය පහසුකම් සපයා දීමය. තවද මෙම තාක්ෂණයේ ක්‍රම විධි උපයෝගිකර ගනිමින් සිනමා නිර්මාණයක් එළිැක්වීමට ද ෆිල්ම් මේකර්ස් ඇන්ඩ් ආර්ටිස්ට් සර්කල් ඉදිරියේදී කටයුතු යෙදීමට බලාපොරොත්තු වේ.
රැලෙක්ස් එළි දකි
මෙරට ඡායාරූප කලාව නව මඟකට යොමු කළ විශිෂ්ට මාධ්‍යවේදියකුව සිටි රැලෙක්ස් රණසිංහගේ කාච ඇසට ලක් වූ දුර්ලභ ඡායාරූප එකතුවක් ඇතුළත් ග්රන්ථයක් ‘රැලෙක්ස්’ නමින් පසුගියදා එළිදැක්විණි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, සිරිසේන විමලවීර, සුනිල් ශාන්ත, ගාමිණි ෆොන්සේකා, ටෝනි රණසිංහ, ජෝ අබේවික්‍රම, සුගතපාල ද සිල්වා, ස්වර්ණා මල්ලවආරච්චි, රවීන්ද්‍ර රන්දෙණිය ඇතුළු කලාකරුවන් බොහෝ දෙනෙකුගේ ඡායාරූප සියයකින් පමණ එය සමන්විත වේ. මෙම ග්‍රන්ථය සුනිල් මිහිඳුකුල සහ රනිල් රණසිංහගේ සංස්කරණයකි.
|