සඳකඩ පහන අද කොළඹ බිෂොප් විද්‍යාලයේදී
සඳකඩ පහන අද කොළඹ බිෂොප් විද්‍යාලයේදී
විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සුබ සාධක සංගමය විසින් සංවිධානය කෙරෙන ප්‍රවීණ
ගායක සුනිල් එදිරිසිංහගේ ‘සඳකඩ පහන’ සංගීත ප්‍රසංගය අද (සැප්. 08) සවස 6.00ට කොළඹ
බිෂොප් විදයාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
මේ මඟින් ලැබෙන ආදායම ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින
විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සේවක සේවිකාවන්ගේ සුබ සාධනය මෙන්ම දිවයිනේ විවිධ
ප්‍රදේශවල ජනතාවගේ සුබ සාධනය හා උන්නතිය වෙනුවෙන් වූ ව්‍යාපෘති වෙනුවෙන් යෙදවීමට
නියමිතය.
යතේජා
නිම් නැති තුන්යම තෙවැනි මුද්‍රණය නිකුත් වේ
ප්‍රවීණ කාව්‍ය රචක, සිනමා විචාරක බුද්ධදාස ගලප්පත්ති විසින් රචිත ‘නිම් නැති
තුන්යම’ කාව්‍ය සංග්‍රහයේ තෙවැනි මුද්‍රණය දැන් නිකුත් වී ඇත.
‘නිම් නැති තුන්යම’ ඔහුගේ අටවන කාව්‍ය සංග්‍රහය වන අතර එහි ප්‍රථම මුද්‍රණය 2008
වසරේදී එළි දැක්විණි. පිටපත් දහසක ප්‍රථම මුද්‍රණය 2010 වසරේදී විකිණි අවසන් වූයේ
පාඨක විචාරක අවධානය දිනාගනිමිනි. දෙවන මුද්‍රණයේ පිටපත් සියල්ලද විකිණි අවසන් වීම
හේතුවෙන් තෙවැනි මුද්‍රණය නිකුත් කර තිබේ. සම්මාන උලෙළක ඇගයිමට ලක් නොවූවද නිර්මාණ
කෘතියක අලෙවියට සම්මාන බලපෑමක් නොකරන බව නිර්මාණකරුවාගේ අදහසයි.
සුදර්ශියේ අලුත් ඇත්තෝ ජීවන්, සමන්ප්රිය මුල් පුටුවලට
වසර
හැට දෙකක ශ්‍රී ලාංකේය කලාකෙත අස්වද්දමින් කලාකරුවන් දහස් ගණනක් දැයට දායාද කළ
සිංහල සංස්කෘතික ආයතනයේ 2016 වසරේ නව නිලධාරි මණ්ඩලය පසුගියදා තේරි පත් විය. පහත
දැක්වෙනුයේ, එම නිලධාරි මණ්ඩලය යි.
සභාපති – ජීවන් කුමාරතුංග
උප සභාපතිවරු – මියුරි සමරසිංහ, ජයම්පති පළිපාන, මහාචාර්ය මුදියන්සේ දිසානායක
ලේකම් - සමන්ප්රිය මාරසිංහ
උපලේකම් – දයා වයමන්
භාණ්ඩාගාරික - මොන්ටිගු සරච්චන්ද්‍ර
උපභාණ්ඩාගාරික – උදේනි අල්විස්
අනුමණ්ඩල ලේකම්වරු
සාහිත්‍ය සහ ජනසම්මත සාහිත්‍ය අනුමණ්ඩලය – රත්නසිරි පරණවිතාන
කලාව සහ කලාශිල්ප අනුමණ්ඩලය – ලලිත් කළුබෝවිල
නැටුම් අනුමණ්ඩලය – ගීත් ද සිල්ව
නාට්‍ය අනුමණ්ඩලය – රත්නා පුෂ්පකුමාරි
සංගීත අනුමණ්ඩලය – හර්ෂ ආරියසිංහ
හස්ත කර්මාන්ත අනුමණ්ඩලය – මාෂල් ජනතා
සිනමා අනුමණ්ඩලය - සුගත් සමරකෝන්
සූපශාස්ත්‍ර අනුමණ්ඩලය – නයනා කුමාරි
පාරිසරික අනුමණ්ඩලය – අජිත් ශාන්ත
ප්රවෘත්ති සටහන - සිරිල් ආරියපාල
|