|
ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය ජනපි‍්‍රය චිත්රශිල්පී අරවින්ද ගේ සිතුවමින්
මම යනවා අපේ ගෙදර, මෙයා යනවා එයාගේ ගෙදර'ඔයාගේ ටෙලිය තමා මේ දවස්වල රේටිංවලින් නම්බර් වන්' ජයවාහිනී නාළිකාවේ ප්‍රධානියා රාජ් පැවසුවේ මානවීට ඇසෙන් ඉඟි මරමිනි. රාජ් නාළිකාවේ මුල් පුටුවට ආවේ මෑතකය. ඔහු ඉන්දියානු ජාතිකයෙකි. සිංහලෙන් කතා කිරීම නුහුරු වුවත් ගලපමින් සිංහල කතා කරන්නට ඔහු කැමැතිය. මෙයට පෙර වකවානුවක ලංකාවේ දැන්වීම් සමාගමක සේවය කළ හෙයින් සිංහල හොඳින් තේරුම් ගත හැක්කේය. 'මම කිව්වා ඊළඟට තියෙන ප්‍රඩක්ෂන්වලට ඔයා ගන්න කියලා' ගොනා හැරෙන්නේ පොල් පැලය තියෙන පැත්තටය. මානවී සිනාසෙන්නට උත්සාහ කළාය. ඇය අතැති තේ කෝප්පය හිස්ය. රාජ් පෝච්චිය යළි ඇය වෙත පෑවේය. ඈ එය සිනාසී ප්‍රතික්ෂේප කළාය. 'තැන්ක් යූ මිස්ටර් රාජ්. මගේ මේ ප්‍රඩක්ෂන් එකේ එකවුන්ට්ස් පියවන්නත් ඕනෑ'. 'ඒක මං කියලා තියෙන්නේ. ඔයාට හෙට සල්ලි හම්බ වෙයි' ටෙලි නාට්‍ය අවසන් වන්නට ආසන්නය. කිහිප දෙනෙකුගේම සුළු සුළු මුදල් ගෙවීමට ඇත. 'අක්කේ සුජිත් අයියා සල්ලි ගැන ඇහැව්වා' චාමරගේ ගනුදෙනු හමාරය. ඔහු විමසුවේ සුජිත් ගැනය. 'දැන් උඹ තෝල්ක වැඩත් කරනවද?' 'එයා අම්බානට බොන්ඩ පටන් අරං' මානවී එය නෑසුණු ගානට සිටියාය. චාමර යළිත් ඒ ගැන කියන්නට ගියේ නැත. ඒගොල්ලන්ගේ ගනුදෙනු ඒගොල්ලන් බේරා ගත්තා දෙන් ඔහු හිත හදා ගත්තේය. 'මට ඕකිත් එක්ක ගනුදෙනු නෑ. ඕකිට මුල මතක නෑ' සුජිත් චාමරගේ නිහැඬියාව බිඳිම්න් බැන වැද තිබිණ. මං ආපහු ගමට යනවා. මුල ඉඳන් පටන් ගන්නවා' ඔහු චාමර සමඟ පැවසුවේය. පසුවදා උදේ චාමර සුජිත් සොයා ඔහුගේ කාමරයට ගියේය. එය වසා දමා තිබිණ. දුරකතන ඇමතුමක් ගත්ත ද ප්‍රතිචාරයක් නොවීය. මානවී රාජ් හමුවන්නට ගියේ චමිල සමඟය. ඔහු ඇය හමු වී එනතුරු රථය නවත්වාගෙන සිටියේය. පාරේ ගිය යුවතියෝ ඔහු දැක සිනාපෑහ. ඔවුන් පාසල් ශිෂ්‍යාවන් බව ඔහු වටහා ගත්තේය. 'අයියා මෙතන' 'යාළුවෙක් එනකම් ඉන්නවා. ඔයගොල්ලො කොහේද?' 'අපි ක්ලාස් ගියා. අපි නම් අලුත් වලව්ව බලන්නේ ආසාවෙන්' එකියක පැවසුවාය. ඔවුන්ගේ මුකුළු සිනා පාර පුරා ඉතිරී යයි. චමිල මෝටර් රථයෙන් බැස එයට හේත්තු විය. යුවතියෝ ඔහු වට කර ගත්හ. 'මොනවද ඔයාලාගේ නම්' ඔහු විමසා සිටියේය. එකිනෙකා ඔවුන්ගේ නම් පැවසූහ. එකියක ඒ අතරවාරයේ ඔහු සමඟ සෙල්ෆියක් ගත්තේය. 'ඔයාගේ යාළුවා කවුද?' තවත් දැරියක ඇසුවාය. ඈ කළු පැහැතිය. එහෙත් පියකරු මුහුණක් ඇයට තිබේ. 'යාළුවෙක්?' 'ඒ මානවීද?' තවත් දැරියක ඇසුවාය. චමිලගේ මුහුණේ සිනහ පොදක් ඇඳිණ. 'ආයි,ආයි ' කෙල්ලෝ වදයක් පටන් ගත්හ. ඔවුන්ගේ උස් සිනහ හඬට මහ මඟ ගමන් ගත් වැඩිහිටියකු හෙළුවේ නොපහන් බැල්මකි. 'මේ ඔයා ලව් කරන්න ඉගෙන ගත්තේ කොහොමද? ඔයා මානවීට සීරියස් ලව් කරවවාද?' ප්‍රශ්න වැලකි. රථයෙන් බැස ගත් මෝඩකම යැයි චමිලට සිතිණ. මේ කෙල්ලන් පිරිසගෙන් ගැලවීමට බැරි හැඩය. 'ඒක රඟපෑමක් විතරයි' 'එහෙනම් මොනවටද ඔයා මෙතන මානවී එනකම්' ඉන්නේ' ඇත්ත නේන්නම් චමිලට සිතිණ. මානවී එනතුරු රථය නවත්වා බලා සිටින ඔහු ඇයගේ රියැදුරු පමණක්දැයි චමිලට සිතිණ. පළමු ටෙලි නාට්‍ය විකාශය වීමත් සමඟ චමිල වටා ද රසිකයෝ රොක් වූහ. පසුගිය සතියේ ගමට යන්නට පිටකොටුවට ගිය ඔහු සුඛෝපභෝගී බස් රියක අසුනක් සොයා ගියේය. ඉතා පහසුවෙන් ඔහුට අසුනක් ලැබිණ. ගිය සිංහල අවුරුද්දට ගමට යන්නට පිටකොටුවට ආ තමා රියකට නැග ගන්නට කළ යුද්ධය ඔහුට මතක් විය. වලව්වේ ධනවත් තරුණයා ලෙස රඟපෑව ද ඇත්තටම සල්ලි අඩුපාඩු එමටය. මානවී තවමත් එන පාටක් නැත. මේ කෙල්ලන් පිරිස ද යන පාටක් නැත. ඔවුන් ආපසු යැවීමට ලෝබකමක් ද ඔහු සිතේ උපන්නේය. 'ඉතින් ඔයගොල්ලන්ගේ විස්තර මට කිව්වේ නෑනේ?' ඔවුහු එකිනෙකා විස්තර පැවසූහ. එකියක හැර අන් සියල්ලෝම කොළඹ ශිෂ්‍යාවෝය. 'ඔයා ෆේස්බුක් ඉන්නවද? අපි මේ පින්තුර අප්ලෝඩ් කරනවා' මානවීට තවත් ටෙලි නාට්‍යයකට කතා කරන්නීය. සියල්ල දොඩම් ගොඩ මෙන් බදා ගන්නට නොහැක. රාජ් හොඳින් තබා ගැනීම ද කළ යුතුය. 'අපේ අදහස අලුතින් ෆිල්ම් එකක් කරන්න. ඒක ඉන්ඩියන් ස්්ටෝරි එකක්. ඔයාව මේන් රෝල් එකට ගන්නයි මං හිතන් ඉන්නේ. ඔයත් ඒකේ ඇට් කරන නයනතාරා වගේ' රාජ් පැවසුවේ මානවීගේ නිරාවරණය වූ දෙපා සිට හිස දක්වා බැල්මක් ලමිනි. මානවී ඒ බැල්ම දුටුවාය. එයින් මෑත් වන්නට ඇයට සිත් දුන්නේ නැත. නයනතාරා දකුණු ඉන්දියාවේ නිළියකි. රාජ්ට ඇමතුමක් ලැබිණ. සවස චැනලයේ විකාශය වන දේශපාලන වැඩ සටහනට පොරොන්දු වූ එක් දේශපාලකයකු පැමිණෙන්නේ නැත. උයා ගත් දේ කටේ තබා ගන්නට බැරි කරුම රස්සාවක් යැයි ඔහුට සිතිණ. මානවී යන්නට නැඟිට්ටාය. චමිල මදුරුවන් තලමින් ඇති යැයි ඇයට සිතිණ. ඈ දුටුවේ චමිල වට කර ගත් තරුණියන්ය. 'අපි යන්නද?' දුරදීම මානවී දුටු චමිල යුවතියන්ට පැවසුවේය. ඔවුහු හැරී බැලූහ. මානවී එතනට පැමිණියේ රථයට නඟින්නට වුවත් යුවතියන් දුටු ඇය සිනාසුණාය. එකියකගේ අත ඈ කර වටා වැටුණේ අනවසරයෙනි. ඒ පින්තූරයකටය. 'ඔය ගොල්ලෝ කොහේද යන්නේ?' යුවතියක ඇසුවේ සරදම් ස්වරයකිනි. 'මම යනවා අපේ ගෙදර, මෙයා එයාගේ ගෙදර' මානවී සිනාසෙමින් උත්තර දුන්නාය. කෙල්ලෝ සිනාසුණහ. චමිල රථයට නැඟ එය පණ ගන්වා ගත්තේය. මානවී අනිත් පසින් එයට ගොඩ වුණේ යුවතියනට අත වනමිනි. රථය මහ පාරට ඇදිණ. ඉර අවරට ගිය ද තවමත් වාහන පෙල තදබදයකය. චමිල කතාබහකින් තොරව රථය ගෙන ගියේ සීරුවෙනි. බස් රථයක් කන් බිහිරි කරවන නළා හඬක් නංවයි. ඉදිරියේ රතු එළිය දැල්වෙයි. 'උඩින් යන්න තියෙනවද දන්නේ නෑ මල ඉලව්ව' චමිල පැවසුවේ කෝපයෙනි. මානවී ආපසු හැරී බැලුවාය. අංක 32 බස් රථයේ සඳහන් විය. 'ඌට කතරගම යන්න හදිස්සි වෙලා' 'කතරගම තියා කොහේ ගියත් උඩින් යන්නයැ' 'අලුත් ටෙලි නාට්‍යයකට කතා කළා. එකක් ආපහු ප්‍රඩක්ෂන් එකක් කරතෑකි' මානවී රාජ් සමඟ කළ කතාවෙන් හෙළි කරන්නේ අඩකි. 'මොනවද අර කෙල්ලො ටිකක් වට කරගෙන' 'ඉස්කෝලෙක ළමයි වගයක්. ටියුෂන් ඇරිලා යන ගමන්' 'මොනවද උන් ඇහැව්වේ' 'උන් අපේ ටෙලිය බලනවලු' 'ඒක තමයි රාජ් කිව්වෙත් අපේ ටෙලිය තමා රේටින්ස්වලින් ෆස්ට් අරන් තියෙන්නේ' 'උන් ඇහැව්වා කවුරු එනකම් ද බලන් ඉන්නේ කියලා. මං කිව්වා යාළුවෙක් එනකම් කියලා' 'ඉතින්' 'ඒ පාර අහනවා ඒ මානවී ද කියලා' චමිල පැවසුවේ කිසිදු හැඟීමකින් තොරවය. ඔහු රිය පදවන්නේ ඉදිරිපිට බලාගෙනය. කොහොමටත් මේ මාර්ග තදබදය ඔස්සේ වටපිටාව බලන්නට නොහැකිය. 'මිනිස්සු එහෙම හිතන්නේ ටෙලි නාට්‍ය ජනප්‍රිය හින්දා. ඉස්සර එහෙමලුනේ. ෆිල්ම් එකේ කපල් එක කසාද බඳියි කියලා ඒ අය හිතාගෙන ඉන්නවලු' චමිල කිසිත් පැවසුවේ නැත. ඇත්තටම මානවී ඉදිරියේ තමා කවුදැයි ඔහු සිතා බැලුවේය. මානවී යනු තේරුම් ගත නොහැකි ප්රහේළිකාවකි. කලක් තමා ආදරය කළ යුවතිය ඔහුට අහිමි වූයේ රැකියාවක් නැති හෙයිනි. ඇය චාමලීය. චාමලී විවාහව ඇත්දැයි ඔහුට නිකමට සිතිණ. අද ඈ ගැන මිතුරකුගෙන් විමසිය යුතුය. ඔහු මානවී දෙස බැලුවේය. මානවී මෙතුවක් රාජ් සමඟ කරන්නට ඇත්තේ කුමක්ද? තමන් ඇගේ රියදුරා පමණක්ය යන සිතුවිල්ල සමඟ දරා ගත නොහැකි ආත්මානුකම්පාවකින් චමිල වෙලී ගියේය. අලුත් වලව්වේ රඟපෑමෙන් නමක් දිනා ගත්තද අලුත් ටෙලි නාට්‍යයක් තවම ලැබුණේ නැත. රඟපෑ දින ගණන සඳහා මානවීගෙන් මුදලක් ලැබිණ. ඒ තිස්ස හරහාය. මුල්ම නාට්‍ය බැවින් එය ප්‍රමාණවත් යැයි හිත හදා ගත්තද, තවත් කිසිවකු හෝ නැවත කතා කළේ නැත. සුජිත් ගිය සතියේ කතා කොට තමා අත මුදල් ඇත්දැයි විමසා සිටියේය. 'ඇයි උඹ වාහනේ ජොබ් එකට ගෙවන්නේ නැත්ද?' ඔහු ඇසුවේ ඔලොක්කුවටය. 'නැහැ' 'බලං හිටපං උඹටත් කවදා හරි ඩ්‍රයිවින් ජොබ් එකෙන් තමා කෙල වෙන්නේ' සුජිත් යන්නට ගියේ නොමනාපයෙනි. තමා මානවීගේ රියදුරා පමණක්දැයි විමසා බලන්නට ඔහුට සිතිණ.' |