අගය කළ යුතු පුරුද්ද
අගය කළ යුතු පුරුද්ද
වේලාව පාන්දර හයට විතර ඇති. දිනය ඉකුත් බ්‍රහස්පතින්දා දින. අපේ සරසවිය කර්තෘතුමාගේ
දුරකතනය නාද වෙනවා. මේ කතා කරන්නේ රන්ජන් රාමනායක.
ඔහු එහෙම ඇමතුවේ වෙන කාරණයක්
හින්දා නෙවෙයි. පසුගිය සරසවිය පුවත්පතහි කවරය සහ මැද පිටුවේ ලිපිය රන්ජන් වෙනුවෙන්
වෙන් කළාට තුති පිදීමට. රන්ජන් සාමාන්‍යයෙන් බ්‍රහස්පතින්දා මහ පාන්දරම සරසවිය අරන්
බලනවලු.
ඒක ඔහුගේ ජීවන චර්යාවක් බවට පත් වෙලා. අපේ ඇතැම් ජනප්‍රිය නළු නිළියන්ට
පුවත්පතක පළවන ලිපියකට තුති පුදන්නට මුව විවර වන්නේ නැති තරම්. වැරැද්දක් එහෙම
තිබුණොත් නම් හොඳට කට ඇරලා කියවයි.
එවන් වූ අය අතරේ රන්ජන් රාමනායක නමැති චරිතය
නිහතමානීකමින් ඉතාම ඉහළ තැනක ඉන්නවා කියලා කියන්න පුළුවන්. අපි කිව්වේ ඇත්ත. අනිත්
අයට වදින්නත් එක්ක තමයි රන්ජන්ව උදාහරණයට ගෙන එහෙම කිව්වේ.
|