ජැකී චෑන් ආපසු සටනට
ජැකී චෑන්
ආපසු සටනට
Skiptrace
හොංකොං පොලිස් නිලධාරියකු වන බෙනී චෑන්, දරුණු මැර නායකයකු කොටුකර ගැනීමට දශකයක්
තිස්සේ උත්සාහ දරයි. බෙනී මේ අපරාධකරුවා වොන් නැමැත්තා බවට විශ්වාස කරයි. මේ අතර
බෙනී ගේ මියගිය සහකරු වූ යුන් ගේ දියණිය, සමැන්තා වොන්ගේ කල්ලියට මැදි වෙයි.
සමැන්තා ඉන් මුදා ගැනීමට නම් බෙනීට ඇමෙරිකානු වංචනිකයකු වන වොට් සොයා ගැනීමට
සිදුවෙයි. කැසිනෝ ලෝලියකු වන වොට් අමෙරිකාවට පය තැබීමට තහනම් වූ පසුව චීනයේ වෙසෙයි.
කෙසේ නමුත් මේ වනවිට වොට් රුසියානු මැර නායකයකු විසින් අත්අඩංගුවේ රඳවාගෙන සිටියි.
වොට් මෙම මැරනායකයාගෙන් ගලවා ගෙන රුසියාවෙන් හොංකොං වෙත ගෙන ඒමට බෙනී බලවත්
උත්සාහයක නියැලෙයි.
රුසියානු සහ චීන මැර කණ්ඩායම් දෙකකින් බේරී දේශාන්තර ගමනක යෙදෙන මොවුන්ගේ
වික්‍රමාන්විත අත්දැකීම් අළලා නිමැවුණු නවතම චිත්‍රපටය 'ස්කිප්ට්රේස්' නමින් රිදී
තිරයේ දිග හැරේ.
හොංකොං - චීන - ඇමෙරිකානු ක්‍රියාදාම හාස්‍යෝත්පාදක චිත්‍රපටයක් වන මෙහි, බෙනී ගේ
චරිතය රංග දක්වන්නේ සුප්‍රකට හාස්‍යෝත්පාදක සටන් නළුවකු වන ජැකී චෑන් විසිනි.
වින්ස්ටන් චාඕ, ෆෑන් බින්බින්, ජොනී නොක්ස්විල් පිළිවෙලින් වොන්, සමැන්තා සහ වොට්ස්
ගේ චරිත වලට පණ පොවති. රෙනී හාලින් විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය ජැකී
චෑන්, චාර්ලි කුකර් සහ ඩේමියන් සක්කානි ගේ නිෂ්පාදනයකි. විනාඩි 120 ක ධාවන කාලයකින්
සමන්විත 'ස්කිප්ට්රේස්' අමෙරිකානු ඩොලර් 60 ක පිරිවැයකින් තනා නිම කර ඇත.
සැප්තැම්බර් මස ආරම්භ වන විට මෙම චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 120කට වැඩි
ආදායමක් ලබා තිබුණි. පසුගිය ජුලි 21 වනදා චීනයේ මුදා හැරුණු මෙම චිත්‍රපටය පසුගිය
සැප්තැම්බර් 2 වැනිදා සිට අමෙරිකාව ඇතුළු අනෙක් රටවල් වල තිරගත කිරීම ආරම්භ විය.
IMDB දර්ශකයේ 6.3/10 ක් පෙන්නුම් කරන 'ස්කිප්ට්රේස්' රෝටන් ටෝමාටෝස් හි 29% ක
ලකුණු ප්‍රමාණයක් ලබාගෙන ඇත. බොහොමයක් විචාරකයන්ගෙය් එයට ලැබී ඇත්තේ ඍණ
ප්රතිචාරයන් ය. රෝටන්ටෝමාස්හි විචාරකයින් පවසන අන්දමට, බොහෝ දෙනා (විශාල ප්‍රේක්ෂක
සංඛ්‍යාවක්) සතුටු කිරීමට මෙම චිත්‍රපටය උත්සාහ දරා ඇත. ඒ නිසාම එය අවසාන වශයෙන්
අසාර්ථක නිර්මාණයක් වී ඇත. කෙසේ නමුත් තවත් විචාරකයකුගේ අදහස නම්, "මෙය ඔබ ගෙවන
මුදලට සරිලන ක්‍රියාදාම, සහ විනෝදය ලබාදෙන හොඳ චිත්‍රපටයක්" බවයි. 'බඩී කොමඩි' ගණයේ
ලා ගැනෙන චිත්‍රපටයක් වන මෙය එතරම් නවමු රචනයක් නොවන බව 'වැරයිටි' සඟරාව පවසයි.
මින් වසර 16 කට පෙර තිරගත වුනු ජැකී චෑන් රඟපෑ 'ෂන්හායි නූන්' චිත්‍රපටයේද මෙහි එන
දෙපළ (චෑන් සහ වොට්ස්) වැනිම චරිත දෙකක් අඩංගුව තිබුණු අතර, එහි සාර්ථකත්වය නිසාම
ඊට දෙවැනි කොටසක්ද (ෂාන්හායි නයිට්ස්) රිදී තිරයට එක් විණි.
මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන මෙරට රසිකයින් අතරද දශක ගණනාවක් තිස්සේ
ජනප්‍රියත්වයක් උසුලන ජැකී චෑන් රංගන ශිල්පියා ගැනද යමක් සඳහන් නොකළේ නම් එය
අඩුවකි. මේ වන විට 62 වන වියෙහි පසුවන ඔහු, හොංකොං ජාතික සටන් ශිල්පියකු, නළුවකු,
අධ්‍යක්ෂකවරයකු, නිෂ්පාදකවරයකු, ක්‍රියාදාම ශිල්පියකු ලෙසින් ඉහළ ප්‍රසිද්ධියක්
ලැබුවද ඔහු ගායකයකුද වන බව බොහෝ දෙනා නොදනිති. එමෙන්ම ඔහුගේ චිත්‍රපටවල සෑම
වික්‍රමාන්විත රූප රාමුවක්ම ඔහු විසින්ම නිරූපණය කරන බව ප්‍රකට කරුණකි.
හාස්‍යෝත්පාදක නිර්මාණාත්මක සටන් ජවනිකා වලට ප්‍රසිද්ධියක් උසුලන ජැකී චෑන් මේ වන
විට චිත්‍රපට 150 කට අධික සංඛ්‍යාවක රඟ දක්වා ඇත.
යතේජා ඥානරත්න
|