වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




නොබැනීම නරකයි

නොබැනීම නරකයි

රශිප්‍රභා සංදීපනී මේ දිනවල රඟපාන දේදුන්නයි ආදරේ ටෙලි සිතුවමේ එහි දෙවුනා හැටියටයි ඇය රඟපාන්නේ. දෙවුනා කියන්නේ ඉතාමත් නපුරු චරිතයක්. රශි මෙම චරිතය රඟපාන්න බාර ගත්තේ සමස්ත පේ‍්‍රක්ෂකයන්ගෙන් බැනුම් අහන්න බලාගෙන.

හැබැයි පුදුමේ කියන්නේ ඒ නාට්‍යය බලන කිසිම අයෙක් රශීට බනින්නේ නැතිවීම. ඒ ගැන ඇය තරමක් විමතියට පත් වෙලා. සාමාන්‍යයෙන් නපුරු චරිතවලට ඉන්න නළු නිළියන් බැනුම් අහනවනේ.

නමුත් රශීට එහෙම වෙලා නැහැ. ඇය හොඳට රඟපානවා කියලා ප්‍රේක්ෂකයෝ ඇයට කියනවලු. දෙවුනාට ප්‍රතිචාර හොඳයි. ඒත් නොබැනීම නරකයි.