වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 08 වැනිදා බ්‍රහස්පතින්දා




සුමීගෙන් අහන්න

‘මන්ද නාව කාරණාව’ ගීතයෙන් කියැවෙන්නේ කුමක්ද?

මාතලේ ධර්මා ඒකනායක
ප්‍රශ්නය - නන්දා මාලිනී ගයන ‘මන්ද නාව කාරණාව - යන්න අපේ වන්දනාව’ ගීතයෙන් කියැවෙන්නේ මොකක්ද?
පිළිතුර
- ගැටවරයෙකුට ආසක්ත වූ වයසක උන්දෑ කෙනෙක්ගේ ප්‍රේම ශෝකාලාපයක් විදියටයි මට ඒ ගීතය දැනෙන්නේ. ඒක හින්දා වෙන්නැති නේද ‘මට හරි පාළුයි ළමයෝ’ කියලා කියන්නේ.

මත්තෙගොඩ අජිත් ජෝතිය කරසිංහ
ප්‍රශ්නය - සාප්පු කැඩුවේ ජාති ආලෙන් - බඩු ටික බෙදුණේ හරිම සාමෙන් - කොල්ලන්ට බීගන්න බැරි තරම් අරක්කු - සූප්පුව ගලවන්න ඇයි තාම පරක්කු' ගීතය ගයන්නේ කවුද? පද රචනය කාගේද? සංගීතය කාගේද?
පිළිතුර -
ගායනය හා පදමාලාව මාධව සුදන්ත, සංගීතය තිළිණ බාලසූරිය

කපුගොඩ මාළිඳ සරත් රණසිංහ
ප්‍රශ්නය - 'කලා පෙළ' සංවිධානයේ ආරම්භක සාමාජික බන්දු මුණසිංහ චිත්‍රපට සටන් නළු බන්දු මුණසිංහද?
පිළිතුර -
නැහැ.

මෝදර එම්. ආර්. සී. ඩයස්
ප්‍රශ්නය - තම සමාගම නිෂ්පාදනය කළ චිත්‍රපට ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය වෙත යොමු නොකරන බවට චෝදනාවක් සිනමාස් අධිපති කේ. ගුණරත්නම්ට තිබුණා නේද?
පිළිතුර -
ඔව්. එහිදී ඇතැම් පුවත්පත්, රැඟුම් පාලක මණ්ඩලය විවේචනයට ලක් කළා. එවක එහි සභාපතිව සිටියේ ඇම්. ජේ. පෙරේරා. ඔහු ඉවත් කර කේ. සෝමසුන්දරම්ව පත් කළා. ඔහු ගුණරත්නම්ගේ සොහොයුරෙක්. මෙය පනින රිළවුන්ට ඉණිමං බැඳීමක් ලෙසයි එවක පුවත්පත් දක්වා තිබුණේ.

පාදුක්ක වටවල ආරියදාස පිංදෙනිය
ප්‍රශ්නය - අසෝක පොන්නම්පෙරුම මුලින්ම රඟපෑ චිත්‍රපටය කුමක්ද?
පිළිතුර -
'සුනීතා'

අලුත්ගම අජිත් කුමාර උඩුගමසූරිය
ප්‍රශ්නය - ලැඩි රණසිංහ අවසන් වරට රඟපෑ චිත්‍රපටය කුමක්ද?
පිළිතුර -
'දෙවියනි ඔබ කොහිද?'

කොටුගොඩ යාගොඩමුල්ලේ සුනිල් චන්ද්‍රසේකර
ප්‍රශ්නය - 'මදර් ඉන්ඩියා' චිත්‍රපටයේ රඟපෑ ප්‍රධාන නළු නිළියන් කවුද?
පිළිතුර -
රාජේන්ද්‍ර කුමාර්, සුනිල් දත්, නාර්ගිස්, රාජ් කුමාර්.

ජාඇළ කලඑළියේ සරත් සේනාධීර
ප්‍රශ්නය - 'මම මනමාලි මගේ ප්‍රේම ලොවේ පාමු රැඟුම්' ගීතය අඩංගු චිත්‍රපටය කුමක්ද, එහි රඟපෑ නළු නිළියන් කවුද?
පිළිතුර -
'උමතු විශ්වාසය'. එඩී ජයමාන්න හා මේබල් බ්ලයිත් මෙහි රඟපෑවා.

මොරටුව කටුබැද්දේ ඩඩ්ලි ගෝමස්
ප්‍රශ්නය - 'ජිශ් දේශ් මේ ගංගා බෙහෙති හෛයි' චිත්‍රපටය ගැන තොරතුරු ටිකක් කියන්න.
පිළිතුර -
මෙය රාජ් කපූර්ගේ නිෂ්පාදනයක්. හැබැයි අධ්‍යක්ෂණය කළේ රාධු කර්මාකර්. මෙහි රාජ් කපූර්, පද්මිණි, ප්‍රාන්, රාජ් මෙහේරා, ලලිතා පවර්, නානා පල්සිකාර් රඟපෑවා. සංගීතවත් කළේ ශන්කර් ජායිකිෂන්.

මුංහේනේ එම්. ඉන්ද්‍රපාල
ප්‍රශ්නය - මොනරතැන්න චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කවුද?
පිළිතුර -
යසපාලිත නානායක්කාර.

වල්පොල රංජනි අමරසිංහ
ප්‍රශ්නය - ලේඛිකා ප්‍රීති රන්දෙණිය මහත්මියගේ ලිපිනය සොයා දෙන්න.
පිළිතුර -
283, පරණ නුවර පාර, දලුගම, කැලණිය.

මේ අයත් මෙවර ප්‍රශ්න අසා තිබුණා. උණවටුන මැටරඹ කල්‍යාණ ජයනෙත්ති, වැලිගල්ලේ එච්. එම්. විජේතිලක, රන්මුතුගල සරත් ලියනගේ, බණ්ඩාරගම අමරදාස බියන්විල.

ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න