|
නම දිග පදවියක්
සිය පියාණන් වූ නැසීගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගුණදාස ලියනගේ තමයි ශ්‍රීමත්ට, ශ්‍රීමත් යනුවෙන් නම තිබ්බේ. ඉතින් මේ ශ්‍රීමත්ට තවත් පදවියක් ලැබිලා. ඒ ලංකා ප්‍රත්‍ර කීර්ති ශ්‍රී අභිනන්දන නමින්. ගම්පහ ප්‍රජා ශාලාවේ පැවති තිස්ස ඩයස් ප්‍රමුඛ මීබිඳු කලා හවුල සංවිධානය කළ උත්සවයකදී මෙම සම්මාන නාමය ශ්‍රීමත්ට ලබා දෙනු ලැබුවා. ශ්‍රීමත් වසර දහ අටක් පුරා මෙරට නිවේදන ක්ෂේත්‍රයට අලුත් පරපුරක් හඳුන්වාදීමෙහිලා කළ මෙහෙවර වෙනුවෙනුයි ඔහු මෙලෙස අගයනු ලැබුවේ. ශ්‍රිමත් මීට ප්‍රථම දේශබන්ධු නාමයෙන් ද පිදුම් ලැබුවා. දැන් ඔහුව අපට හඳුන්වා දෙන්න වෙන්නේ දේශබන්ධු ලංකා පුත්‍ර කීර්ති ශ්‍රී අභිනන්දන ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ කියලා. නම දිග වැඩිද මන්දා.
|