|
අලුත් අධ්යක්ෂවරුන් දෙදෙනකුගේ චිත්‍රපට එන සතියේ තිරයට
එළඹෙන 25 සහ 26 යන දෙදින තුළ සිංහල සිනමාවට අලුත්ම අධ්යක්ෂවරුන් දෙදෙනකුගේ කුලුඳුල් සිනමාපට යුගළක් තිරගතවීමට නියමිතය. එම සිනමාපටයන්හි රංගනයෙන් දායක වෙමින් ප්‍රධාන චරිතය රඟන නිළියන් කිහිප දෙනෙකු ද සිනමාවට අවතීර්ණවීම තවත් විශේෂත්වයකි. උලත් එකයි පිලත් එකයි ඉන් පළමු චිත්‍රපටයයි. ලබන 25 වැනිදා සිට එම්. පී. අයි. මණ්ඩලයේ තිරගත වන එය හර්ෂ උඩකන්දගේ අධ්‍යක්ෂණයකි. එහි ප්‍රධාන නිළි භූමිකා රංගනයේ යෙදෙන රුක්ෂානා දිසානායක, බියංකා ෆොන්සේකා, සමාධි පෙරේරාගේ පළමු සිනමා රංගනය ඇතුළත් වනුයේ උලත් එකයි පිලත් එකයි චිත්‍රපටයේය. එළඹෙන 26 වැනිදා සිට සම්මානනීය සිනමා කෘතියක් වන මෝටර් බයිසිකල් තිරගත වේ. ශමීර රංගන නාඔටුන්නගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය වන එය තුළින් සමනලී ෆොන්සේකා ප්‍රධාන චරිතයකට මුල්වරට පණ පොවමින් සිනමාවට පැමිණෙයි. මෝටර් බයිසිකල් සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගතවීමට නියමිතය. මෝටර් බයිසිකල් ජාත්‍යන්තර සම්මාන රාශියක් මේ වන විටත් දිනා ඇත්තේය. උලත් එකයි පිලත් එකයි දිනිත් චමින්ද රණසිංහ සහ කේ. ජේ. ඒ. නිශාන්තගේ නිෂ්පාදනයක් වන අතර මෝටර් බයිසිකල් සුරංග ජයසූරියගේ නිෂ්්පාදනයකි.
චිත්‍රපට නරඹන්නන්ගේ සංගමයට පනහයි ඒ වෙනුවෙන් අජාසත්තදේශීය චිත්‍රපට නරඹන්නන්ගේ සංගමයට සහ එහි ප්‍රධාන ලේකම් සරත් සිල්වාගේ සිනමා ජීවිතයට වසර පනහක් සපිරීම නිමිති කර ගනිමින් මෙම මස 21 වැනිදා සවස පොලොන්නරුවේ ගල් විහාරයේදී බෝධි පූජා පින්කමක් පැවැත්වේ. එය අවසනදී ජෝ මයිකල් අධ්‍යක්ෂණය කළ අජාසත්ත චිත්‍රපටය තිරගත කෙරෙනු ඇත. ඒ හේමප්රිය කණ්ඩම්බිගේ අනුග්රහයෙනි. අජාසත්ත හි ඔස්වල්ඩ් ජයසිංහ, සුමනා අමරසිංහ, පියදාස ගුණසේකර, අග්‍රා සංජීවනි සහ අරුණ ශාන්ත ඇතුළු පිරිස රංගනයේ යෙදෙයි.
වසන්ත නිෂ්පාදකයෙකු වන රන් සයුර ළඟදීම
නව පරපුරේ සටන් නළු වසන්ත කුමාරවිල සිනමා නිෂ්පාදකවරයකු ලෙස කලඑළියට පැමිණෙන ‘රන් සයුර’ සිනමාපටය ළඟදීම තිරගතවීමට නියමිතය. සදේශ් වසන්ත පීරිස් අධ්‍යක්ෂණය කළ එය සයුර ජීවිකාව කොට ගෙන වැල්ලේ ජිවත්වන මිනිසුන් පිරිසක් වටා ගෙතුණු කතාපුවතකි. වසන්ත කුමාරවිල, රොජර් සෙනෙවිරත්න, හිමාලි සිරිවර්ධන, රංගන ප්‍රේමරත්න, සුසිලා කෝට්ටගේ, මහින්ද පතිරගේ, රුවංගි රත්නායක, සංජීවනි වීරසිංහ, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, විශ්ව ලංකා, ප්‍රේමදාස විතානගේ, හේමන්ත ඊරියගම, ජීවන් හඳුන්නෙත්ති, මහින්ද ඉහළගම, කැළුම් කුලරත්න, සිනෙති අකිලා, හිමාෂා ද සිල්වා, ෂෙනුලි ශමල්කා පීරිස් මෙහි රංගනයේ යෙදෙයි.
සමන් ප්‍රනාන්දුට නළු නිළියන්‘කෝපි කඩේ’, ‘බල බිඳුම’, ‘සූරිය සුනෙර’ ආදි නාට්‍ය ගණනාවක් අධ්‍යක්ෂණය කළ සමන් ප්‍රනාන්දුගේ නවතම ටෙලි සිතුවම සඳහා නර්තන හැකියාව ඇති නවක රංගන ශිල්පීන් කිහිප දෙනෙකුට අවස්ථාව ලබාදීමට අධ්යක්ෂවරයා අපේක්ෂා කරයි. මේ සඳහා සම්මුඛ පරීක්ෂණයක් මේ මස 20 වැනිදා බොරැල්ල ශ්‍රී රාහුල නාට්‍ය පුහුණු ආයතනයේදී පැවැත්වීමට නියමිතය
කෙටි චිත්‍රපටයට ජගත් සම්මානයක්
මාධව ශ්‍රීනාත් සිය ප්‍රථම කෙටි චිත්‍රපටය ලෙස The Soldier අධ්‍යක්ෂණය කළේ 2013 වසරේදීය. 2015 වසරේ ජාතික තරුණ සේවා සභාව විසින් පැවැත්වූ සමස්තලංකා කෙටි චිත්‍රපට තරගයෙන් ඔහුගේ The Soldier කෙටි චිත්‍රපටය කුසලතා සම්මානයකින් පිදුම් ලද අතර අමෙරිකා එක්සත් ජනපදය සහ බංග්ලාදේශය විසින් පවත්වන ලද Creative International Open Film Festival හිදී ජූරියේ විශේෂ සම්මානයකින් පිදුම් ලැබීය. ‘රං දෝණි’ වැඩ අරඹයි
ප්‍රවීණ වේදිකා නාට්‍ය හා ටෙලි නාට්‍ය අධ්යක්ෂ ප්‍රියන්ත සමරකෝන්ගේ ප්‍රථම සිනමා නිර්මාණය වන ‘රං දෝණි’ ළමා චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගියදා කැලණිය රජමහ විහාරයේදි ආරම්භ කෙරිණි. රෝහණ බැද්දගේ, නිල්මිණි බුවනෙක, රිචඩ් මානමුදලි, රත්නාලාලනි ජයකොඩි, අනුර බණ්ඩාර රාජගුරු, වික්‍රම සෙනවිරත්න, වසන්ත කුමාරසිරි, හැරී විමලසේන, අනූජා වීරසේකර, සුගත් මෛත්‍රී, දයා වයමන්, සරත් දික්කුඹුර, කීර්ති රංජිත් ඇතුළු පිරිසන් මෙහි රංගනයෙන් දායක වෙති. එසේම නිපුනි විල්සන් සමඟින් ළමා රංගන ශිල්පින් විසිදෙනෙකුගේ රංගන දායකත්වය ද විශේෂ වේ. පසුගිය ‘රං දෝණි’ ළමා චිත්‍රපටයේ රූගත කිරීම් බෙලිහුල් ඔය සහ කල්තොට ප්‍රදේශ අවට පසුගිය අගෝස්තු 11 වැනිදා සිට ආරම්භ කෙරිණි. මෙහි කතාව, තිර රචනය සහ අධ්‍යක්ෂණය ප්‍රියන්ත සමරකෝන් ද, කැමරාකරණය හා ආලෝකකරණය තිලක් රන්ජිත් විසින්ද, කලා අධ්‍යක්ෂණය විජිත බණ්ඩාර බෙරලපනාතර විසින්ද, නිෂ්පාදන කළමණාකරණය මංජුල ගුණවර්ධන විසින්ද වන අතර සහය අධ්‍යක්ෂණය ඉන්ද්‍රජිත් චන්ද්‍රකුමාර විසිනි. වේශ නිරූපණය හෙන්ද්‍රි ප්‍රේමරත්නගෙන් වන අතර නර්තන රංග වින්‍යාසය නිලාන් මලිගැස්පේ ගේය. ‘රං දෝණි’ ළමා චිත්‍රපටය නිෂ්පාදනය සිළුමිණ චිත්‍රපට වෙනුවෙන් ආචාර්ය ජගත් විජේනායක විසිනි. ජාතික යොවුන් නාට්‍ය උලෙළ අද සිට37 වැනි ජාතික යොවුන් නාට්‍ය තරගාවලියේ අවසන් වටය නියෝජනය කරනු ලබන නාට්‍ය අද (අගෝස්තු 18) සිට අගෝස්තු 27 දක්වා කොළඹ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය රංග ශාලාවේදි වේදිකාගත කිරීමට කටයුතු යොදා ඇත. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාව එක්ව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරාගේ පූර්ණ මැදිහත්වීම හා මාර්ගෝපදේශකත්වයෙන් මෙය සංවිධානය කෙරේ. ජාතික යොවුන් නාට්‍ය තරගාවලියේ සමාරම්භක උත්සවය ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් ශාන්ත බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් අද ප.ව 6.30 සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වේ. මෙවර ජාතික යොවුන් නාට්‍ය තරගාවලියේ අවසන් වටය නියෝජනය කරනු ලබන නාට්‍ය පෙළගැස්ම මෙසේය. 2016.08.18 (දිගු නාට්‍ය) සුරඟනක් බඳු පුරඟනක් – රංග මනුප්‍රිය සහ දමිත් අලුත්ගමගේ 2016.08.19 (කෙටි නාට්‍ය) සිංහසේයා - සචිත්ර අනූපම රාහුබද්ධ 2016.08.19 (කෙටි නාට්‍ය) ව්චදඨචචඪ (දෙමළ) – එස් සීදේවි 2016.08.19 (කෙටි නාට්‍ය) ජ්පඥඤ - රංග මනුප්‍රිය 2016.08.20 (දිගු නාට්‍ය) ඹ්ධමඥ චදඤ ඹ්ඪටඥ - එස්. අයි සමරක්කොඩි 2016.08.21 (කෙටි නාට්‍ය) ඇයි අවුල් ද - ජේ. එම් ක්‍රිෂාන්ත ජයබාහු 2016.08.21 (කෙටි නාට්‍ය) ඊඩධතචද (දෙමළ) – එම්. විර්නිතිරසා 2016.08.21 (කෙටි නාට්‍ය) මඟුල – ඒ. එල් කසුන් මධුසංඛ 2016.08.21 (කෙටි නාට්‍ය) ර්ථපචදඬ ඹ්චඤර - චතුර දසනායක 2016.08.22 (දිගු නාට්‍ය) නෑසෙන්නට කියූ කවි – ප්‍රබෝධ බුද්ධිප්රිය 2016.08.23 (කෙටි නාට්‍ය) අමල් බිසෝ - සුදර්ශන ක්‍රිෂාන්ත 2016.08.23 (කෙටි නාට්‍ය) කුප්පෙයි පෝඩ තඩෙයි (දෙමළ) – රුමේෂ් ටී. චන්ද්‍රසිරි 2016.08.23 (කෙටි නාට්‍ය) මේ මනමේ නෙමේ - කේ. ඩබ්. ටී හිමාෂි 2016.08.23 (කෙටි නාට්‍ය) හෙලෝ - එස්. අයි සමරක්කොඩි 2016.08.24 (දිගු නාට්‍ය) 2දඤ ඩ්චදඤ ජීවිතේ - සනත් කුමාර කරුණාරත්න 2016.08.25 (කෙටි නාට්‍ය) ආණ්ඩුවේ රස්සාව - ප්‍රදීප් සම්පත් ඇරැගම 2016.08.25 (කෙටි නාට්‍ය) නීදීයින් ඉරුක්කෛගල් (දෙමළ) – චන්ද්‍රිකා ප්‍රියංගනි 2016.08.25 (කෙටි නාට්‍ය) ඕතචජඬ රිත්මිකා දිල්කි වන්නිආරච්චි 2016.08.25 (කෙටි නාට්‍ය) එතකං පාන් කෑල්ලක් කමු - ප්‍රබෝධ බුද්ධිප්රිය 2016.08.26 (දිගු නාට්‍ය) දහස් ගණන් වැන්දඹුවෝ - සංජීව ගුණරත්න 2016.08.27 (දිගු නාට්‍ය) ප්‍රොමිතියස් පෙම්වතිය – ප්‍රදීප් රාමවික්‍රම හා විශ්ව චින්තක තිලකරත්න |