වර්ෂ 2016 ක්වූ අගෝස්තු 18 වැනිදා බ්‍රහස්පතින්දා




කරාටේ නිසා හොයා ගන්නත් නෑ

කරාටේ නිසා හොයා ගන්නත් නෑ

මල්කි නටාෂි කියන නිළියට දිනක් අප රටේ නමගිය අධ්‍යක්ෂවරයකු කතා කරලා. ඔහු විසින් නිර්මාණය කිරීමට නියමිත අලුත් චිත්‍රපටයකට මල්කිව ගන්නයි ඔහු එහෙම අමතලා තියෙන්නේ. මුලදී වැදගත් විදිහට කතා කරපු නිසා මල්කි එම චිත්‍රපටය ගැන උනන්දු වෙලා.

ටික දවසක් යද්දී මේ ඩිරෙක්ටර් චිත්‍රපටය සහ මල්කිගේ චරිතය ගැන කතා කරන එක අඩු කරලා මල්කිගේ ගෙදර විස්තර අහන්න ගත්තලු. ඊළඟ දවසෙත් එහෙමලු. මල්කිට තේරුණාලු එන පොට හොඳ නැහැ කියලා. ඊට පහුවෙනිදත් මල්කිට මේ ඩිරෙක්ටර්ගෙන් ඇමතුමක් ආවලු.

එතකොට ෆෝන් එක ආන්ස්වර් කරපු මල්කි ගත්කටටම කිව්වලු අයියේ මට දැන් කතා කරන්න බැහැ, මම දැන් කරටේ ක්ලාස් යන්න ලැහැස්ති වෙනවා කියලා. ඒක අහපු වෙලාවේ ඉඳලා අර ඩිරෙක්ටර් ෆෝන් එක තිබ්බා තිබ්බමලු ආයෙත් මල්කිට කතා කළේ නැතිලු.