|
නුහුරු නිසා දහ සැරයක් සිපගන්න සිදු වුණා
පෝෂිණී දිසානායක
එදා ළමා නිළිය ‘පාටක් නැති ආදරයක්’ හරහා නැවතත්
* ඔබේ නම කියන්න? පෝෂීණී දිසානායක. * මා දන්නා පරිදි ඔබ වෘත්තයෙන් නිළියක්? ඔව්. * ළමා වියේදීම තමයි රංගනයට පිවිසෙන්නේ? ඒකත් හරි. * ඔබගේ රංගන ගමන් මඟහි ආරම්භය ගැන සඳහනක් කළොත්? අට වසෙරදි තමයි මං හා හා පුරා කියලා රංගනයට පිවිසෙන්නේ. * ඒ මොන නිර්මාණයෙන්ද? රංජිත් අනුරාධගේ රාවණා අඩවිය ටෙලි සිතුවමෙන්. * පළමු රංගන අත්දැකීම කොහොමද ඔබට දැනුණේ? හරිම සුන්දරව මං ඒ අවස්ථාවට මුහුණ දුන්නා. මං කොහොමත් බොහොම ආසාවෙන් හිටියේ නිළියක් වෙන්න. ඒත් පුංචි සංධියෙම නිළියක් වෙයි කියලා නම් හිතුවේ නැහැ. ඒ නිළි හීනය මට වැඩිය මගේ අම්මට තිබුණා. ඇයයි මාව යොමු කලේ කලාවට. මං පළමුවරට කැමරාවක් ඉදිරියේ මුහුණ දුන් දවසේ කිසිදු චකිතයකින් තොරව රඟපෑවා. * රාවණා අඩවියෙන් පසුව ඔබ දායක වූ නිර්මාණයන් මොනවාද? යකඩ සපත්තු වේදිකා නාට්‍යයෙහි චරිතයක් රඟපෑවා. එය කීර්ති බණ්ඩාරගේ අධ්‍යක්ෂණයක්. වී. සිවදාසන් මහත්මයාගේ දරුවනේ, ප්‍රදීප් මහේෂ් ලියනගේ ගේ හීරෝ නීරෝ, සුමිත් රෝහණ තිත්තවැල්ගලගේ පුංචි අන්දරේ මං රංගනයෙන් දායක වූ නිර්මාණ කිහිපයක්. ඒ වගේම මේ ළඟදී මං දායක වුණා තවත් චිත්‍රපටයකට. ඒක මට සුවිශේෂ්යි. * ඒ විශේෂත්වය මොකක්ද? මං මීට ප්‍රථම දායක වූ සේරම නිර්මාණවල මං රඟපෑවේ ළමා චරිත. වැඩිහිටි චරිතයකින් මං ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ ඒ චිත්‍රපටයෙන්. ඒකයි මට සුවිශේෂී. චිත්‍රපටයේ නම පාටක් නැති ආදරයක්. එය සිවදාසන් සර්ගේ අධ්‍යක්ෂණයක්. * පාටක් නැති ආදරයක් හි ඔබ කවුද? මං සඳලි. වංශවත් පවුලක ගැහැනු ළමයෙක්. චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය තමයි සඳලි. * චිත්‍රපටයක ප්‍රධාන චරිතය ලැබීම රංගන ශිල්පිණියකට ඉතා සුවිශේෂී අවස්ථාවක්? ඔව් මං කාලාන්තරයක් තිස්සේ හීන මැව්වා චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්න. අද ඒ හීනය සැබෑ වෙලා තියෙනවා. ගොඩක් සතුටුයි කියලා කියන්න කැමැතියි. * සඳලි කියන්නේ පෙම්වතියක්ද? පෙම්වතියක් තමයි. ඇය දමිල තරුණයකු සමඟ ප්‍රේම සබඳතාවයක් පටන් ගන්නවා. චිත්‍රපටයේ කතාව ගලාගෙන යන්නේ ඒ ඔස්සේ. * ආදරබර ජවනිකා රඟපාද්දී අම්මා ළඟ හිටියලු නේද? මං රංගන කටයුතුවලට යන්නේ අම්මත් එක්ක. එදා ඉඳලාම එහෙමයි. ඇය ඈත සිට මං රඟපාන දිහා බලාගෙන ඉන්නවා. හැබැයි මෙවර මට ඇය ඉදිරියේ රඟපාන්න මහත් වූ චකිතයක් දැනුණා. ආදරබර දර්ශන මේකෙ හුඟක් තිබුණා. ඒ හින්දා අම්මා ආවත් මං එයාට ටිකක් ඈතට වෙලා ඉන්න කිව්වා. * ඔබේ පෙම්වතාට රඟපාන නළුවාත් නවක නළුවෙක්. කොහොමද ඔහුගෙන් ලැබුණු සහාය? ඉතාම හොඳයි. මම සැබෑ ජීවිතයේ ආදරය කරලා නැති නිසා මට හරිම නුහුරුයි ආදරය කරන විදිහ. නමුත් ඔහුගෙන් ලැබුණු සහාය නිසා ඉතාම හොඳින් වැඩේ කරගෙන ගියා. බයත් හිතුණා. නමුත් ක්‍රම ක්‍රමයෙන් තිරයේදි පෙම්වතිය ලෙස අත්දැකීම් ලබාගෙන හොඳින් ආදරය කළා. * ආදරය කිරීමට ඇති නුහුරුකම නිසාම පෙම්වතාගේ නළල දහ සැරයක් විතර සිප ගත්තලු නේද? ඒකනෙ බලන්නකො, පිටපතට අනුව සඳලි පෙම්වතාගේ නළල සිපගන්න ඕනෑ. මට හරි බය හිතුණා ඒ දර්ශනයට. මුලින්ම කළේ අම්මව දුරකට යවපු එක. සිවදාසන් සර් ඇක්ෂන් කිව්ව පස්සේ මං ඔහුගේ නළල සිප ගත්තා. පළමුවැනි සැරය හොඳටම අවුල්. දෙවැනි සැරයත් එහෙමයි. කොහොම හරි සිවදාසන් සර්ගේ හිතට අල්ලන විදිහට මං පෙම්වතාව සිපගත්තේ දහවැනි සැරයට. යන්තම් ඇති ඒ සැරේ හරි ගියා. * පෝෂිණීගේ අනාගත බලාපොරොත්තු මොකක්ද? චිත්‍රපට නිළියක වීම තමයි. * එතකොට ඔබ ටෙලි නාට්‍යවලට ආස නැතිද? ටෙලිවලට මගේ ලොකු ප්‍රියතාවයක් නැහැ. මට දිගින් දිගටම ලැබුණේ චිත්‍රපට. ඉතින් මං ඒ මාධ්‍යයට බෙහෙවින් ළං වුණා. * නිළියකට ලංකාවේ ඇති පිළිගැනීම ගැන මොකද කියන්නට තියෙන්නේ? එහෙම පිළිගැනීමක් තියෙනවද, මම නම් හිතන්නේ නැහැ. ඒ තත්ත්වය ඇති කරගෙන තියෙන්නේ අපේ අය විසින්ම තමයි. * පෝෂිණීගේ විනෝදාංශය මොකක්ද? නිදාගන්න එක තමයි. * කට කතා ගැන මොනවද කියන්න තියෙන්නේ. සාමාන්‍යයෙන් නිළියකට කටකතා හැදෙනවා? ඒක හරි. මං නම් හිතන්නේ කටකතා හොඳයි. එතකොට අපිට ජනප්‍රිය වෙන්න පුළුවන්නෙ. හැබැයි ඉතින් කට කතාවල තියෙන බහුතරයක් දේවල් බොරු. * පෝෂිණීගේ පාසල මතක් කළොත්? ශ්‍රී පඥ්ඥානන්ද ජාතික පාසල, රද්දොළුගම සහ මීගමුව හරිශ්චන්ද්‍ර යන විදුහල්වලින් මං ඉගෙන ගත්තා. * පදිංචිය? ජාඇල. * උපන් දිනය? 1997 ජනවාරි 03. * මෙතෙක් ආ ගමනට උදව් කළ අය කවුද? අම්මා ගංගානි පතිරණ, තාත්තා චන්දන දිසානායක, අක්කා රශ්මි, වී. සිවදාසන් සර්, සුනිල් ධර්මසිරි, සුනිල් ටී, අනුර වරාගොඩ, සුමිත් රෝහණ, ප්‍රදීප් මහේෂ්, කීර්ති රුවන් ලාල්සන් ඇතුළු පිරිස.
|