|
දක්ෂතා රාශියක් කරපින්නා ගත් චන්ද්‍රිකා ටෙලිනිස ඇගැයුමට
ටෙලි නිර්මාණවේදීන්ගේ සංගමය (ටෙලිනිස) පැවැත් වූ සිනමා අධ්‍යක්ෂණ පාඨමාලාවේ කේවල අංශයේ හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය චන්ද්‍රිකා මුණසිංහ අධ්‍යක්ෂණය කළ 'ෆෙයරි ඩෝල් ත්රූ ද ෆාස්ට්' යන කෙටි චිත්‍රපටය සඳහා මෙවර හිමි විය.
කෙසේ නමුත් ඇයගේ මෙම ධෛර්්‍යයය නිසාම ජාත්‍යන්තර වෙසක් කෙටි චිත්‍රපට උළෙල සඳහා ඇය අධ්‍යක්ෂණය කළ 'යළි පිබිදුම' චිත්‍රපටය හොඳම අධ්‍යක්ෂණයට හිමි සම්මානය ද, 1988 යෞවන සම්මාන උළෙලට අධ්‍යක්ෂණය කළ දඩමං වේදිකා නාට්‍යයට ද සම්මාන රැසක් හිමි කර ගත්තාය. ඇය මෙම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයට ප්‍රථම මිහිමඬල ගිනි ගනී, කඩවර, බණ්ඩාර දෙයියෝ යන ටෙලි නාට්‍ය සඳහා ද, සළුවඩන රාත්‍රිය, කළු රෝස මල, දඩමං, වර්ණවත් රාත්‍රිය වැනි වේදිකා නාට්‍යවලටද, ජුලියට්ගේ භූමිකාව,සෙයිලම වැනි සිනමා නිර්මාණ සඳහා ද සිය රංගන දායකත්වය ලබා දී ඇත. ඇය රංගනය උදෙසා 1982 දී සරසවි නිර්මාණ රංග පීඨයේත් හොඳම නිළියට හිමි සම්මානය ද දිනා ගත්තාය. 'මා අධ්‍යක්ෂණයන කළ 'ෆෙයරි ඩෝල් ත්රූ ද ෆාස්ට්' චිත්‍රපටය ජාත්‍යන්තරයට ගෙනි යන්න මට අවස්ථාව උදා වෙලා තියෙනවා. නමුත් ඒ සඳහා මට වත්කමක් නෑ. කවුරුන් හෝ නිෂ්පාදකවරයෙක් ඒ සඳහා ඉදිරිපත් වෙනවා නම් මට ලොකු ධෛර්්‍යයයක්' යැයි චන්ද්‍රිකා මුණසිංහ පවසා සිටිනවා. [email protected] යන විද්‍යුත් ලිපිනයෙන් හෝ 0775482920 මෙම දුරකතන අංකයෙන් ඇයව සම්බන්ධ කර ගත හැකිය.
|