වර්ෂ 2016 ක්වූ අගෝස්තු 18 වැනිදා බ්‍රහස්පතින්දා




Next Gen  - මීළඟ පරපුර ගී ප්‍රසංගය 21 වැනිදා

Next Gen  - මීළඟ පරපුර ගී ප්‍රසංගය 21 වැනිදා

මෙරට ගී ලොව දිග් විජය කළ ගායක ගායිකා මව්පියන් හය දෙනෙකු සහ ඔවුන් ගිය මඟ අනුගමනය කරමින් මේ වන විට සංගීත ක්ෂේත්‍රයට අවතීර්ණ වී සිටින ඔවුන්ගේ දූදරුවන් හය දෙනෙකු ගීතවත් වන ව්ඥයබ ට්ඥද - මීළඟ පරපුර ගීත ප්‍රසංගය මෙම මස 21 වැනිදා සවස 6.00ට කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

කීර්ති පැස්කුවල් සහ පුතු කසුන් පැස්කුවල්, රූකාන්ත ගුණතිලක සහ දියණිය රයිනි චාරුකා , නුවන් ගුණවර්ධන සහ පුතු ගයාන් ගුණවර්ධන, චාන්දනි හෙට්ටිආරච්චි සහ දියණිය ජැකලීන් හෙට්ටිආරච්චි, සංගීත් වික්‍රමසිංහ සහ පුතු සනුක වික්‍රමසිංහ, සමිතා එරන්දති මුදුන්කොටුව සහ දියණිය කාවින්ද්‍යා අධිකාරි මෙහිදි ගැයුම් ඉදිරිපත් කරනු ලබයි. ප්‍රසංගයේ සංගීත සංයෝජනය සහ අධ්‍යක්ෂණය නාලක සජී ජයසිංහ ගෙනි. නාරද බක්මීවැව කථනයෙන් දායක වේ.


මෙවන් පිටිසරේ මහරගම

සුනිල් ශාන්තයන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයකු වන විශාරද මහින්ද තෙන්නකෝන් ඉදිරිපත් කරන සුනිල් ශාන්ත උපහාර ගී ප්‍රසංගයක් මෙවන් පිටිසරේ නමින් මෙම මස 21 වැනිදා සවස ජාතික අධ්‍යාපන ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. සංගීතය මෙහෙයවීම තුෂාර අලුත්ගේගෙනි. අයිරාංගනී කලුතන්ත්‍රිගේ නර්තන අංග නිර්මාණය කොට ඇත. මෙම ප්‍රසංගය නැරැඹීම සඳහා සුනිල් ශාන්ත ළැදි සංගීත ලෝලීන්ට ප්‍රසංගයේ සංවිධායක කමිටුව විසින් විවෘත ආරාධනාවක් කරයි.


රුවන් නන්දිකගේ ‘පට්ට’ හෙට

රුවන් නන්දික ඉදිරිපත් කරන 'පට්ට' ප්‍රසංගය 19 දා මහරගම යොවුන් රඟහලේදී පැවත්වේ. බාචි සුසාන්, සුමිත් මන්දනායක, රෂින්ත ගයාන්, කපිල ප්‍රියංකර, අසංක ප්‍රදීප්, රසික මධුරංග ආදී ගායක ගායිකාවන් රැසක් ගී ගයන මෙය 16 දෙනෙකුගේ පමණ වාද්‍ය වෘන්දයකින් යුතු වෙනස්ම ආරකින් ඉදිරිපත් කරන ප්‍රසංගයක් බැවින් එදිනට ප්‍රිය රසික සහභාගිත්වය ඉහළ අගයකින් සිදුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් රුවන් නන්දික වැඩිදුරටත් සරසවියට පැවසීය.

කවියකු , ගීත රචකයකු, රූප රචනා ශිල්පියකු, කැමරා සහ කලා අධ්‍යක්ෂවරයකු ආදී වශයෙන් විවිධ කලා දක්ෂතා දක්වන රුවන් 'ප්‍රේමණීය මිනිසා' නමින් ගී පද රචනා එකතුවක් ද එළිදක්වා ඇත්තෙකි.


සින්දගී එදා මෙදාතුර හින්දි ගී එකතුව 21 දා

මෙරට ජනප්‍රිය ගායක ගායිකාවන් විසින් ගයනු ලබන හින්දි ගීතවලින් පමණක් සමන්විත අපූරු සංගීතමය ප්‍රසංගයක් මෙම මස 21 වැනිදා සවස මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වේ. සින්දගී යනුවෙන් නම තබා ඇති එම ප්‍රසංගය සඳහා කසුන් කල්හාර, උරේෂා රවිහාරි, දුමාල් වර්ණකුලසූරිය, රන්ජන් සාලිය, හර්ෂණ දිසානායක, සූර්යා දයාරුවන්, ලක්ෂානා ලක්මිණි, සන්දීරා රණසිංහ ගායනයෙන් දායක වෙති. සින්ද ගී ප්‍රසංගය සඳහා සංගීත අධ්‍යක්ෂණය නාලක අංජන කුමාර ගෙන් වන අතර තරිඳු වනිගසූරියගේ ඉදිරිපත් කිරිමකි.


සන්ජීව්ගේ සිතුවම් දැක්ම සිව්දිනක

චිත්‍ර ශිල්පී සන්ජීව් සෙනෙවිරත්නගේ දියසායම් සිතුවම් දැක්ම උපඡචද ඉනචජඥ මෙම මස 19, 20, 21 සහ 22 යන දිනයන්හී කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. මෙය ඔහුගේ පස්වැනි ඒක පුද්ගල සිතුවම් ප්‍රදර්ශනය වේ.

නාගරිකත්වය තුළ මිනිසාගේ ජීවන අවකාශය යන්න තේමා කර ගනිමින් ඇඳි සිතුවම් රැසකින් උපඡචද ඉනචජඥ සමන්විත වේ.

වෘත්තීය දිය සායම් චිත්‍ර ශිල්පියකු මෙන්ම දෘශ්‍ය කලා ආචාර්යවරයකු ද වන සන්ජීව් සිය කලා ජීවිතය ආරම්භ කරන්නේ 2011 වසරේදී අඥටතඥජබඪධද ඵ ධට එචබඥප ඛ්ධතධපඵ නමින් සිතුවම් දැක්මක් පවත්වමිනි. වෘත්තීය ජීවිතය තුළ ඔහු මේ ගත කරන්නේ පහළොස් වැනි වසරයි.

සන්ජීව් ගම්පහ ත්‍රිවර්ණ ලලිත කලා ඇකඩමියේ අධ්‍යක්ෂවරයා ලෙසින් ද කටයුතු කරයි.