|
|
දුරු රටක තනි වූ මිතුරන්ගේ ශෝකය
මේ හේතුවෙන් අප කලාකරුවන් කිහිප දෙනකුගෙන්ම විජය පිළිබඳ ඇති මතකයන් මොනවාදැයි විමසීමක් කොට පසුගිය සරසවියේ පළ කළා. එතැන අත්‍යවශ්‍යම කලාකරුවන් තිදෙනෙකු සිටියේ නැහැ. ඔවුන් විජයගේ අතිශය සමීපතමයන්. ගිරිරාජ් කෞශල්‍ය, රොඩ්නි වර්ණකුල සහ ප්‍රියන්ත සෙනෙවිරත්න ඒ තිදෙනායි. මේ තුන් කට්ටුව පසුගිය සඳුදා ප්‍රසංග මාලාවක් වෙනුවෙන් විදෙස් ගත වුණා.
තමන්ගේ සහෘදයාගේ අවසන් මොහොතට සහභාගී වෙන්නත් බැහැ. විදෙස් රටකට ගිහිල්ලා හාස්‍යෝත්පාදක ප්‍රසංගයක් පවත්වන්න වෙන්නේ හදවත හි දුක් ගොඩක් තියාගෙන. ආයේ ඔවුන් මවුබිමට එන්නේ සැප්තැම්බර් අට වෙනිදලු. ගිරිරාජ් තමන්ගේ සිකුරු හතේ සහ සුහද කොකා යන චිත්‍රපට තුළින් විජයව වෙනම තැනකට ඔසවා තැබුවා. බොහෝ නිර්මාණවලදී විජයගේ ගෝලයා වුණේ රොඩ්නි. ඒ වගේම ප්‍රසංග සමඟින් විජය ප්‍රියන්තත් එක්ක රට වටේම ගියා. අවසනදී කාටත් නොකියාම විජයට අවසන් ගමන් යන්න සිදු වුණා. |





කවුරුවත්ම නොසිතූ නොපැතූ මොහොතක විජය නන්දසිරි අප අතරින් සදහටම සමුගත්තා. ඒ පුවත
අසා අප සැවොම කම්පාට පත් වුණා. විජය අවසන් ගමන් ගියේ කිසිවෙකුටත් පිරවිය නොහැකි
හිඩැසක් ඉතිරි කොට තබලා.
ඔවුන් ගුවන් තොටුපළෙන් ගුවන් යානයට
නැංගාමයි විජය නැති වුණා කියන ආරංචිය ඔවුනට ලැබුණේ. ගිරාට, රොඩ්නිට, ප්‍රියන්තට
මොනවා හිතෙන්නට ඇතිද.