|
මට අහු වුණොත්...
අපොන්සු එහෙම කියාගෙන යද්දී අප තක්බීර් වෙලා මෙහෙම කිව්වා. අපොන්සු අයියේ මේ සරසවිය පත්තරෙන්. සරසවිය පත්තරෙන්? වෙන්න බෑ. මං මේ නම්බර් එක සේව් කරගෙන තියෙන්නේ . . . . බැංකුව කියලනෙ. බොරුවක් නෙවෙයි නේද කියන්නේ? නෑ අයියේ නෑ. මේ ලේක්හවුස් එකේ ජෙනරල් ලයින් එකනෙ. එහෙනම් ෂුවර් එකට මං බැංකුවෙන් නම්බරේ ඉල්ලද්දී මේක තමයි ලියලා දීලා තියෙන්නේ. මාර ලණුවක්නෙ මමත් ගිලලා තියෙන්නේ. ඉන්නකො මං මේක කරපු කෙනාව අල්ල ගන්නම්. අපොන්සු ෆෝන් එක තිබ්බෙ බැංකුවේ කියලා අපේ නම්බර් එක දුන්නු කෙනාව අල්ල ගන්න වෙන්න ඇති. ෂුවර් එකටම මිනිහව හොයා ගත්තොත් අපොන්සු එයාව වෙනම බැංකුවක ෆික්ස් ඩිපොසිට් කරනවා.
|