වර්ෂ 2016 ක්වූ අගෝස්තු 18 වැනිදා බ්‍රහස්පතින්දා




අපූරු මිතුදම

අපූරු මිතුදම

වසර තිහකට ආසන්න කාලයක් චිත්‍රපට ක්ෂේත්‍රයේ වැඩ කරන මිතුරන් දෙදෙනකු අපට හමු වුණා. කොතරම් හමුවිම් වෙන්වීම් සිදු වුණත් මේ දෙන්නා නම් හමුවුණා පමණයි. වෙන්වීමක් නැහැ. චිත්‍රපට අධ්‍යක්ෂ වී සිවදාසන් තමයි මේ දෙදෙනාගෙන් එක් අයෙක්.

සංගීත අධ්‍යක්ෂ සෝමපාල රත්නායක අනෙක් කෙනා. සිවදාසන් චිත්‍රපට අධ්‍යක්ෂණය කරනවා. සෝමපාල සංගීතවත් කරනවා. මේ සුසංයෝගයෙන් හරි අපූරු නිර්මාණ බිහි වුණා. මේ මිතුදම තව චිරාත් කාලයක් පවතින්න යැයි කියලා අප ප්‍රාර්ථනා කරනවා.

ඒ වගේම සෝමෙ හරිම පුදුමාකාර කෙනෙක් කියලත් කියන්න ඕනෑ. තමන් ගැන ප්‍රචාරය හොයා නොයන කලාකරුවන් අතරේ සෝමෙ පෙරමුණේ ඉන්නවා. ඒක විශේෂයෙන් සඳහන් කළ යුතුමයි.