|
|
විමුක්ති ප්‍රත්‍යවලෝකනය ඊශ්‍රායලයේදී
‘සුළඟ එනු පිණිස’ නම් වූ සිය කුලුඳුල් දීර්ඝ
මෙලෙස දේශීය යාන්ත්‍රණය තුල ඔහුගේ සිනමාපට වෙනුවෙන් වාරණ සහ බාධාවන් පැන නැගුනද , විමුක්තිගේ සිනමා නිර්මාණයන් උදෙසා අන්තර්ජාතිකව ලද අවධානය සහ කිත් පැසසුම් හේතුවෙන් ශී‍්‍ර ලංකාවේ බිහිවූ විශිෂ්ට සිනමාකරුවන් ගොන්න අතරට එක්වීමට විමුක්ති ජයසුන්දර සමත් විය. ඒ බව යළිත් වරක් සනාථ කරමින් ජූනි මස 05 වෙනිදා සිට 09 වෙනිදා දක්වා ඊශ්‍රායලයේ පැවැත්වෙන 15 වෙනි සිනමා සවුත් චිත්‍රපට උළෙලේදී (Cinema South Film Festival) විමුක්ති ජයසුන්දරගේ සිනමා භාවිතය යළිත් ජගත් අවධානයට නතුවීමට නියමිතය.
සිය සිනමාපට තුලින් අන්තර්ජාතික සිනමාව උදෙසා සිදු කලාවූ දායකත්වය වෙනුවෙන් , ජාත්‍යන්තර සිනමා උලෙළවල කි‍්‍රයාත්මක ප්‍රතිභාවලෝකන දැක්මන් (Retrospectives) තුලින් ජාත්‍යන්තර උපහාර ලද ශී‍්‍ර ලාංකේය සිනමා නිර්මාණකරුවන් ලෙස ලෙස්ටර් ජේම්ස් පීරිස් , ප්‍රසන්න විතානගේ, එච්. ඩී ප්‍රේමරත්න, සුමිත්‍රා පීරිස්, ධර්මසේන පතිරාජ, විමුක්ති ජයසුන්දර සහ අශෝක හඳගම සැලකෙන අතර , එවන් ඇගයීමක් ලද ශී‍්‍ර ලංකාවේ ලාබාලතම සිනමා අධ්‍යක්ෂකවරයා ලෙසට විමුක්ති ජයසුන්දර ඉතිහාසයට එක්ව ඇත. - උදිත
‘ඇගේ ඇස අග’ විචාර සම්මන්ත්‍රණය ජුනි 07
‘ඇගේ ඇස අග’ විචාර සම්මන්ත්‍රණය ජුනි 07 වැනිදා පස්වරු 3.00ට කොළඹ 07 බෞද්ධාලේක මාවතේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ගාමිණි වියන්ගොඩ, ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නදී වාසලමුදලි මෙම අවස්ථාවට දේශකයන් ලෙස සහභාගිවීමට නියමිතය. - යතේජා
හස්තියකුගේ කතාවක් මහාචාර්ය සුනිල් අතින් තිරයට
පත්තිනි සිනමාපටය අධ්‍යක්ෂණය කළ මහාචාර්ය සුනිල් ආරියරත්න තවත් සිනමාපටයක් නිර්මාණය කිරීමට මේ දිනවලදී සූදානම් වන වග සරසවියට වාර්තා විය. එහි පිටපත අධ්‍යයනය වෙනුවෙන් සහ දර්ශන තල සොයා තායිලන්තයේ බැංකොක් නුවර කල්ගත කරනවලු. හස්තියකු සම්බන්ධ කතා පුවතක් තමයි මහාචාර්යවරයා ඊළඟට තිරයට ගේන්නට හදන්නේ. ඒ පිළිබඳ ඇත්ත නැත්ත සහ වැඩි විස්තර ඉදිරි සරසවිය කලාප ඔස්සේ ගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා.
විශ්වගෙන් මහා පින්කමක්
වෙසක් උත්සවය නිමිත්තෙන් ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර වාර්ෂිකව පවත්වනු ලබන දන්සැල හත්වෙනි වරටත් පැවැත්වුණා. ඒ වෙනදා අයුරින් නොවේ. පසුගියදා පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් අපේම රටේ අපේම සහෝදර සහෝදරියන් හදිසි ආපදා තත්ත්වයට මුහුණ දුන්න නිසා දන්සැල වෙනුවෙන් වැය කරන්න හිටපු සේරම මුදල්වලින් විශ්ව කළේ අවතැන් වූ අය වෙනුවෙන් ඔවුනට අවශ්‍ය දෑ මිලයට ගැනීමයි. පොත්පත්, වතුර බෝතල්. ඇඳුම්, සබන් ඇතුළු ලක්ෂ තුන හමාරක වටිනාකමින් යුත් බඩු භාණ්ඩ රැසක් එක් කළා. මේවා ක්‍රමානුකූලව බෙදා හැරීම සඳහා විශ්ව සහ ඔහුගේ ආදරණීය පියාණන් වූ පද්මසිරි කොඩිකාර ඒවා බාර කළේ රාජිත සේනාරත්න අමාත්‍යවරයාට. කොළඹ සුදර්ශියේදී භාර දෙනු ලැබූ එම අවස්ථාව කැමරා කාචයේ සටහන් වු අයුරුයි මේ.
|




වෘත්තාන්ත සිනමාපටය මෙරට සිනමා ශාලා
හරහා නිළ වශයෙන් දේශීය ප්‍රේක්ෂකයින් වෙත මුදා හැරීමට හැකිවුවද, විමුක්ති
ජයසුන්දරගේ අනෙකුත් කිසිඳු සිනමා නිර්මාණයක් උදෙසා මෙරට චිත්‍රපට බෙදාහැරීම්
යාන්ත්‍රණය තුල වූ රිදී තිර අවකාශය හිමි නොවූ බව නොරසහකි.
මෙහිදී
විමුක්තිගේ ‘සුළඟ එනු පිණිස’ ‘අහසින් වැටෙයි’ ‘චත්‍රක්’ සහ ‘සුළඟ ගිනි අරන්' යන
දීර්ඝ වෘත්තාන්ත සිනමාපට හතරත් ‘Empty for Love’ ƒ£ ‘The Land
of Silence’ යන
කෙටි සිනමාපට ද්විත්වයත් තිරගතවනු ඇත.
විමුක්ති ජයසුන්දරගේ සිනමා නිර්මාණ ගොන්නක් ඇතුලත් කොට විමුක්තිගේ සිනමා භාවිතය
ඇගයීමට ලක්වන තෙවන අවස්ථාව මෙය වන අතර මීට පෙර 2011 වර්ෂයේදී වැල්ඩිවියා
අන්තර්ජාතික සිනමා උළෙලේදී (Valdivia International Film
Festival) සහ 2012
වර්ෂයේදී චෙක් ජනරජයේ යූඑස්ක් රේඩීස්ට් සමර් ෆිල්ම් ස්කුල්
(Summer Film School UherskeHradiste) සිනමා උළෙලේදීවිමුක්ති ජයසුන්දරගේ සිනමා භාවිතය මෙලෙස ඇගයීමට
ලක්විය. 

