|
වැසි වසිනා සංගීතය
සුදත් විජේසේකරගේ උපන් දිනය වෙනුවෙන් පුංචි සාදයක් ගොඩගම පිහිටි ඔහුගේ නිවසේදී පැවැත්විණා. මේ සඳහා සුදත් තම හිත මිතුරන් රැසකටම ආරාධනා කරලා තිබුණා. එදින ඒ අවස්ථාව සංගීතයෙන් රසගන්වන්නට ඔහු යොවුන් සංගීත අධ්යක්ෂවරයකුටත් කතා කළා. මිනිහා තඩි කී බෝඩ් එකකුත් අරගෙන එදින ඇවිත් හිටියා. දැන් යාළුවෝ එකා දෙන්නා පැමිණෙනවා. සුදත් කිව්වා අර මිත්රයාට සංගීතය අරඹන්න කියලා. එළිමහනෙ වෙන් කොට තිබුණු තැනක කීබෝඩ් එක අටවගත්තු මේ යාළුවා ගීතයක් වාදනය කරන්න පටන් ගත්තා. වැඩි වේලාවක් ගත වුණේ නැහැ. මෙන්න බොලේ වහිනවා. කොහොමත් මේ දවස්වල වැස්සනෙ. එළිමහනෙ අට්ටාල මුකුත් නැති නිසා මිත්රයා කී බෝඩ් එක අකුලගෙන ගෙදරට ආවා තෙමෙන නිසා. විනාඩියක් ගියේ නැහැ වැස්ස පෑයුවා. සුදත් කිව්වා එළියේ කීබෝඩ් එක තියාගෙන නැවතත් සංගීතය අරඹන්න කියලා. යාළුවා එහෙම කරන්න හැදුවා විතරයි ආයෙත් වහිනවා. ඇතුළට ආවා. මෙන්න පෑයුවා. ආයෙ එළියට ගියා, ආයෙ වහිනවා. බැරිම තැන කීබෝඩ් එක අරගෙන මිනිහා ගෙදර යන්න ගියාලු. එවලෙ ඉඳලා වැහැලා නැහැ. එදා පටන් අර මිත්රයාට සුදත් නමක් දැම්මලු වැස්ස වළාහක සංගීත අධ්යක්ෂ කියලා.
|