වර්ෂ 2016 ක්වූ ජූනි 02 වැනිදා බ්‍රහස්පතින්දා




hollywood

ගේම් ඔෆ් ත්‍රෝන් ගැන නොදන්න කතා

මයිකල් හියුස්ටන්                                                                         එමිලියා ක්ලාක්                                                              සොෆී ටර්නර්                                        

 

2010 වසරේදී විකාශය ආරම්භ කළ ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්්’ කතා මාලාව දැන් ලෝකය පුරා ඉහළ ප්‍රසිද්ධියක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. අදියර පහක් අවසානයේ දැන් විකාශය වන්නේ එහි හයවැනි අදියරයි. බොහෝ දෙනා ඉතා ආසාවෙන් නරඹන මේ කතා මාලාවේ එන චරිතවල අප්‍රසිද්ධ තොරතුරු කිහිපයක් පසුගියදා හෙළි වුණා.

සර්සි ලැනිස්ටර්ගේ චරිතයට පණ පොවන ලීනා හර්ඩ් තමන්ගේ පිට පුරා පච්ච කොටා තියෙනවාලු. ඒ වුණත් කතාව නරඹන කාටවත් ඒවා පෙනෙන්නේ නැත්තේ පරිගණක තාක්ෂණය නිසාලු. සන්සා ස්ටාක්ගේ චරිතය නිරූපණය කරන්නේ සොෆී ටර්නර්. ‘විසාඩෝ ෆෝස්’ චිත්‍රපටයේ පඹයාගේ චරිතය නිරූපණය කරලා තියෙන්නෙත් ඇය.

‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ හි ටිරියන් ලැනිස්ටර් හෙවත් පීටර් ඩින්ක්ලෙජ් නිර්මාශ පුද්ගලයෙක් බවට පත්වෙලා තියෙන්නේ වයස අවුරුදු දහසයේදී යි. සුදු පැහැති කේශ කලාපයක් හිමි ඩිනේරියස් ටාගේරියන්ගේ චරිතයට පණ පොවන එමිලියා ක්ලාක්ගේ ඇත්තම කොණ්ඩය කළු පැහැති එකක්. ජෝන් ස්නෝගේ චරිතය නිරූපණය කරන කිට් හැරින්ටන් ඔහුට වයස අවුරුදු එකොළහක් වෙනකල්ම තමන්ගේම නම දැනගෙන ඉඳලා නැහැ.

ඕනෑම අවස්ථාවක කුමක්් විමසුවත් තම නම විතරක්ම පවසන හෝඩෝ හෙවත් ක්‍රිස්ටියන් නයිර්න් ඩි.ජේ කෙනෙක්. ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්්’ කතා මාලාව පුරාවටම ඔහු පවසන්නේ ‘හෝඩෝ’ යන තම නම පමණයි. ඩාරියෝ නහාරිස්ගේ චරිතයට පණ පොවන මයිකල් හුයිස්ටන් දක්ෂ ගිටාර් වාදන ශිල්පියෙක් වගේම ගායකයෙක්. ද හවුන්ඩ් ගේ චරිතය නිරූපණය කරන රෝරි මැකේන් කඳු නඟින්නෙක්. 1990 වසරේදී කඳු නැඟීමකදී ඔහු බරපතල අනතුරකටත් මුහුණදී තියෙනවා.

මෙයිසි විලියම්ස් ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්්’ කතා මාලාවේ ආර්යා ස්ටාක් ලෙසින් ඉදිරිපත් කරන්නේ තමන්ගේ ප්‍රථම වෘත්තිය රංගනය යි. රම්සි බෝල්ටන්ට රඟන ඊවාන් රියොන් ජෝන් ස්නෝගේ චරිතය වෙනුවෙන් වූ නළුවන්ගේ ලැයිස්තුවේත් දෙවැනි ස්ථානයට ඇවිත්. මන්තර බලයක් හිමි මෙලිසැන්ද්‍රිගේ චරිතය නිරූපණය කරන්නේ කැරිස් වෑන්ස් හුස්ටන්. ඇය මුලින්ම තෝරාගෙන තියෙන්නේ සර්සි ලැනිස්ටර්ගේ චරිතය වෙනුවෙන්. නමුත් ‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්්’ කතා මාලාව ආරම්භයේදී ඇයගේ කාර්ය බහුලත්වය නිසා සර්සිගේ චරිතය ලීනා හර්ඩ් වෙත පවරන්න නිර්මාණ කණ්ඩායම තීරණය කරලා.

කිට් හැරින්ටන්

ලීනා හර්ඩ්

රෝරි මැකේන්

ක්‍රිස්ටියන් නයිර්න්

ඊවාන් රියෝන්

එමිලියා ක්ලාක්

පීටර් ඩින්ක්ලේජ්

මෙයිසි විලියම්ස්

වෑන්ස් හියුස්ටන්

ඩිකැප්‍රියෝ සුරැකීමට හෝ නැති වී යනු පිණිස

පසුගිය දවසක ජනප්‍රිය හොලිවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝට සම්මානයක් ලැබුණා. හැබැයි ඒ රංගනය වෙනුවෙන් නම් නොවෙයි. ඩිකැප්‍රියෝ පරිසරය වෙනුවෙන් කළ සේවය වෙනුවෙනුයි මේ සම්මානය පිරිනැමුණේ.

කොහොම වුණත් ඔහු මෙම පරිසරය සුරැකීම වෙනුවෙන් වූ සම්මාන උලෙළට පැමිණි ආකාරය ගැන ඔහුගේ රසික රසිකාවන් නම් සතුටු වුණේ නැහැ. ඔස්කාර් සම්මානලාභි මේ තරුව එදා පැමිණියේ පෞද්ගලික ජෙට් යානයකින්. ඒ වෙනුවෙන් අධික ලෙස පොසිල ඉන්ධන දහනයවන බව පවසමින් ඩිකැපි‍්‍රයෝගේ රසික රසිකාවන් පිරිසක් එදා ඔහුට විරෝධය පළ කළා.

ඩිකැප්‍රියෝ එදා පෞද්ගලික ජෙට් යානයකින් ඇවිත් තියෙන්නේ ඔහුගේ අධික කාර්යබහුල බව නිසාලු. මොකද දන්නවාද ප්‍රංශයේ පැවැති කාන් සිනමා උලෙළට සහභාගි වෙන්න යන අතරවාරයේදි තමයි ඔහු මේ උත්සව අවස්ථාවටත් සහභාගි වෙලා තියෙන්නේ.

“පරිසරය සුරැකීම වෙනුවෙන් වූ වැඩපිළිවෙල මඟින් අපි ලෝක නායකයන්ට උදව් කළ යුතුයි. මට දුන් මේ සම්මානය ගැන තියෙන්නේ ලොකු සතුටක්. අපි අපේ පෘථිවිය සුරැකීමට එක් වෙමු කියා මම හැමෝටම ආරාධනා කරනවා” යැයි ඩිකැප්‍රියෝ එහිදී ප්‍රකාශ කළා.

දරුවෙකු නිසා වෙන් වෙන ජොනි ඩෙප්

ජොනි ඩෙප් සිය බිරිය ඇම්බර් හර්ඩ් ගෙන් වෙන් වෙන්නයි හදන්නේ. හර්ඩ් ඩෙප් ගෙන් වෙන් වෙන්න දික්කසාද නඩුවක් ගොනු කළේ මීට මාස කිහිපයකට කලින්. ඒ වෙනකොට ඩෙප්ගේ මව වියෝවී ගත වී තිබුණේ දින කිහිපයක් විතරයි.

මේ දෙන්නා වෙන් වෙන්න තීරණය කරලා තියෙන්නේ දරුවෙක් වෙනුවෙන් මතු වූ ගැටළුවක් නිසා. ජොනි ඩෙප්ගේ වයස අවුරුදු 52ක්. ඇම්බර් හර්ඩ්ට වයස අවුරුදු 30ක්. ඇම්බර්ට තමන්ගේම දරුවෙක් හදාගන්න වුවමනා වුණත් ජොනිට ඕනි වෙලා තියෙන්නේ වයස අවුරුදු අටක නමයක විතර දරුවෙක් දරුකමට ගන්නයි.

මොකද ඔහු කියන්නේ ඔහුට වයසක තාත්තා කෙනෙක් වෙන්න වුවමනා නැතිලු. ඔහුගේ පෙර විවාහයේ දියණිය ලිලී රෝස්ගේ වයස අවුරුදු 17ක්. පුතා ජෝන් ක්‍රිස්ටෝපර්ට අවුරුදු 14ක්. “මා දන්නා ආදරණීයම පුද්ගලයා මගේ තාත්තා තමයි. ඒ වගේම ඔහු මේ ලෝකේ ඉන්න හොඳම තාත්තා” යනුවෙන් ලිලි පසුගිය දවසක තම ඉන්ස්ටග්‍රම් පිටුවේ සඳහන් කර තිබුණා.

කොහොම හරි තවත් දරුවෙක් වෙනුවෙන් වූ ප්‍රශ්නය හමුවේ දැන් මේ දෙන්නා වෙන්වෙන්න තීරණය කරලා. ඩෙප් තමාට පහර දුන් බවටත් චෝදනා නඟමින් ඇම්බර් තවත් නඩුවක් ගොනු කරලා. උසාවි නීතියට අනුව දැන් ඩෙප්ට ඇම්බර්ට ළං වෙන්නවත් බැහැ.