වර්ෂ 2016 ක්වූ ජූනි 02 වැනිදා බ්‍රහස්පතින්දා




අලි ඩොංට ඩිලීට් වෙලා

අලි ඩොංට ඩිලීට් වෙලා

සාමාන්‍යයෙන් ෆෝන් එකක, ලැප් එකක යම් වැඩක් කර කර ඉන්න කෙට මැසේජ් එනවා විවිධාකාරයේ. ඒ කර කර හිටපු වැඩේ ඉදිරියට යන්න නම් ඒ මැසේජ් එකේ තියෙන යස්, නෝ, කැන්සල් යන වචන තුනෙන් එකක් තෝර ගන්න ඕන. බොහෝ දෙනෙක් කරන්නෙ මැසේජ් එක හරියට කියවන්න කම්මැලිකම නිසා ඔය තුනෙන් එකක් අහඹු ලෙස ක්ලික් කරන එක.

ලක්ෂ්මන් අමරසේකර හෙවත් අලිඩොන් ෆෝන් එක ඔබ ඔබ ඉන්නකොට ඔවැනි මැසේජ් එකක් ඇවිල්ලා. මෙයා ඔන්න ඔහෙ ඕන දෙයක් වෙච්ච දෙන් කියලා යස් මැසේජ් එක තෝරගෙන. ෆෝන් එක මොන මොනවද වුණාලු. ටිකක් වෙලා ගියාට පස්සේ ලක්ෂ්මන් තම මිත්‍රයකුට කතා කරන්න ෆෝන් එකේ නම්බර්ස් ලිස්ට් එකට ගියාලු. මෙන්න බොලේ වැඩක්. එක නම්බර් එකක්වත් නැහැ. ෆෝන් බුක් එක සම්පූර්ණයෙන්ම ඩිලීට් වෙලා. ඔහු තමන්ගේ ඔක්කොම සබඳතා සේව් කරලා තියෙන්නේ ෆෝන් එකේලු. වෙච්ච දේට ලක්ෂ්මන්ට ඇඬිලා. මොනවා කරන්නද ඉතින්. දැන් ඔහු එන එන කෝල්වල නම්බර්ස් සේව් කර කර ඉන්නවලු.