|
ලෙනාඩ් වුල්ෆ්ගේ චරිතය නවකතාවකට නැඟුණාද?
අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි ප්රශ්නය - චන්ද්‍රලේඛා පෙරේරා ගයන 'සෙනෙහස විඳිනට පෙම් කර ඇතිමුත්' ගීතයේ පද රචකයා කවුද? පිළිතුර - කුලරත්න ආරියවංශ. ඉහළ තල්දූවේ ආනන්ද වික්‍රමාරච්චි ප්රශ්නය - බටහිර නර්තන අංශයෙන් අපේ රටේ සිටින දක්ෂයා කවුද? පිළිතුර - ' එල්ලැටිනෝ' නර්තන කණ්ඩායමේ ප්‍රධාන ටෝනි ෆර්ඩිනැන්ඩස් ඉතාම දක්ෂයි. ඒ වගේම කෙවින් නුගේරාත් දක්ෂයෙක්. කුලියාපිටියේ නලින් විජේ්සෝම ප්රශ්නය - 'කවුන්ට් ඔෆ් මොන්ටෙ ක්‍රිස්ටෝ' නවකතාව ඇසුරෙන් සිංහල චිත්‍රපටයක් නිෂ්පාදනයව තිබෙනවාද? පිළිතුර - ඔව්. ඒ 'අසිපත මමයි'. මාතලේ ධර්මා ඒකනායක ප්රශ්නය - 'බැද්දේගම' ලියූ ලෙනාඩ් වුල්ෆ්ගේ චරිතය ඇසුරෙන් සිංහලෙන් නවකතාවක් ලියැවිණිද? ඒ කුමක්ද? පිළිතුර - ඔව්. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ලියූ 'වුල්ෆ් කොළඹ ඇවිත් හෙවත් පුනරාගමනය' නම් වූ නවකතාවට කේන්ද්‍ර වුණේ ලෙනාඩ් වුල්ෆ් චරිතයයි'. පිළියන්දල චාමර විරසිංහ ප්රශ්නය - 'ලව් මැරේජ්' නමින් හින්දි චිත්‍රපටයක් තිරගත වුණාද? පිළිතුර - ඔව්. එහි දේව් ආනන්ද්, මාලාසිංහ රඟපෑවා මතකයි. මෝදර එම්. ආර්. සී. ඩයස් ප්රශ්නය - ඇල්ෆ්‍රඩ් හිච්කොක්ට කිසිම දවසක ඔස්කාර් සම්මානයක් හිමි වී නැද්ද? පිළිතුර - ඔහු චිත්‍රපට 53 ක් අධ්‍යක්ෂණය කර තිබනවා. ඒත් ඒ එකම චිත්රපයටකටවත් ඔස්කාර් සම්මානයක් හිමි වුණේ නැහැ. කොටුගොඩ යාගොඩමුල්ලේ සුනිල් චන්ද්‍රසේකර ප්රශ්නය - මෙරට මෙතෙක් ප්‍රකාශිත සිනමා පුවත්පත්වල නම් සහ ඒවායේ කතුවරුන්ගේ නම් සඳහන් කරන්න? පිළිතුර - එය දිර්ඝ ලිපියකින් කළ යුතු දෙයක් සුනිල්. ඉදිරියේදී බලමු. කෑගල්ලේ තටාකය පාරේ තිලකරත්න විල්වල, මැණිකේ විල්වල ප්රශ්නය - 'කඩවුණු පොරොන්දුව'ට පෙර තිරගත කළ සිංහල චිත්‍රපට තිබෙනවාද? පිළිතුර - ප්‍රථම සිංහල චිත්‍රපටය රාජකීය වික්‍රමයයි. එය සිංගප්පූරුවේ තිරගත වුණා. 'පළිගැනීම' චිත්‍රපටය මෙරට ප්‍රදර්ශනයව තිබෙනවා. ඉහළ වීරකොඩියානේ සුනිල් ශාන්ත දිසානායක ප්රශ්නය - දයා රාජපක්ෂ 'සරසවිය' පුවත්පතට ඇඳි ප්‍රථම චිත්‍ර කතාව කුමක්ද? පිළිතුර - 'ලැව් ගිනි දැල්'. මීටියාගොඩ මරදාන වත්තේ එච්. එල්. තිලකසිරි ද සිල්වා ප්රශ්නය - 'සැඩසුළං' චිත්‍රපටයේ එන 'ප්‍රියාදර ජය භූමි' ගීතය ලීවේ කවුද? පිළිතුර - ආනන්ද සමරකෝන්. මිගමුව මහ හුණුපිටියේ යොහාන් කුමාර් ද සිල්වා ප්රශ්නය - පසුගියදා එක්තරා පෞද්ගලික ගුවන් විදුලි නාළිකාවක 'අභිරහස' චිත්‍රපටය දයා රාජපක්ෂගේ චිත්‍ර කතාවක් ඇසුරෙන් තැනුවක් බව සඳහන් කළා. මෙය වැරදියි නේද? පිළිතුර - ඔව්. එය දෙමළ චිත්‍රපටයක කොපියක්. මේ අයත් ප්‍රශ්න අසා තිබුණා. හේකිත්තේ ලක්ෂ්මන් රණසිංහ, ජාඇළ කලඑළියේ සරත් සේනාධීර, පානදුර අතුල රම්‍යසිරි, නිට්ටඹුවේ අජිත් පෙරේරා, පංචිකාවත්තේ එච්. බී. සැමුවෙල්, බෙලිහුල්ඔය ආතර් ජයකොඩි, දෙමටගොඩ ආරී එගොඩවත්ත, මාතලේ ජයම්පති නවරත්න, රණාල එච්. ඒ. ජයසේන, මඩකළපුව ඩුෂානි සසිදරන්.
‘සුමිගෙන් අහන්න’ ‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10. |