|
|||||||
අද අපට වහ කාලා මැරෙන්න වෙලාරෝයි - සුමනා සැබෑව අනාවරණය කරයිමගේ කොණ්ඩෙ හැමදාම කැපුවේ සුමනා
රෝයි ද සිල්වා, සුමනා අමරසිංහ ලාංකික සිනමාවේ සදා සනිටුහන් වන යුවළකි. රෝයි සුමාන සුසංයෝගය 70’ දශකයෙ පටන් ඕර්ණඔ ර්ණජ්ජ්ධ්ඛ්ඡ් වාර්තා බිඳ හෙලමින් සිංහල සිනමාවට වාසනාව කැන්දාගෙන ආ දෙපළක් ලෙසින් ද අපේ සිනමා ඉතිහාසයේ අදත් නොබිඳෙන වාර්තාවන් සනිටුහන් කර ඇත. ආදායම් වාර්තා බිඳ හෙලමින් තිරගත වූ චිත්‍රපට රැසක් සිංහල සිනමාවට තිළිණ කළ රෝයි - සුමනා අද නිහඬය. මෙ නිහඬ බවේ සුලමුල සොයා අපි පියමැන්නේ රෝයි - සුමනා දැනට පදිංචිව සිටින නුගේගොඩ, පාගොඩ පාරේ 104/ඒ නිවහන වෙතය. ආයුබෝවන් රෝයි අයියා - සුමනා අක්කා - ආයුබෝවන්. අපි කොහෙද සරසවිය එතන, සරසවිය කොහෙද අපි එතන නේද මල්ලි. රෝයි අයියාගේ ඒ වචන ටික සුමනා අක්කා ද එක සිතින් අනුමත කළේ අපිව කවදාවත් සරසවිය අමතක කළේ නැහැ කියමිනි. ඉතිං මල්ලි ජීවිතේ ගෙවිලා යනවා, අපිත් ඔහේ දවස ගෙවනවා? ඒ කිව්වේ? මල්ලී අපි චිත්‍රපට හැදුවට පෙන්න ගන්න බැහැනේ? ඒ කියන්නේ රෝයි අයියා මේ නිහඬව ඉඳගෙන චිත්‍රපටයක් කළාද? එකක් නෙමේ මල්ලි දෙකක්. මොකක්ද කරපු ෆිල්ම් දෙක?
එකක් සිහින ලොවක් සොයා. මේක කළේ මම 2014 වසරේ. සුමනයි, කීත් රංග කියලා මගේ හිතවතෙකුයි තමයි නිෂ්පාදනය කළේ. මේ චිත්‍රපටය සෙන්සර් කරලා සියලුම වැඩ ඉවර කරලා දැන් පෙන්නගන්න බැරුව ඉන්නවා. අනිත් චිත්‍රපටය ටොම් පචයෝ. 2015 වසරේ තමයි’ රූපගත කළේ. සංස්කරණ කටයුතු තවම ටිකක් තියෙනවා. කීත් රංග හා චන්න ඔබේසේකර තමයි ඒක නිෂ්පාදනය කළේ. පෙන්නගන්න බැරි හේතුව වෙලා තියෙන්නේ මොකක්ද? මගේ චිත්‍රපටය රැඟුම් පාලක මණ්ඩලය බලලා ඒක ප්‍රදර්ශනය සඳහා අනුමැතිය දීලා තියෙන ලස්සන ආදර්ශමත් ආදර කතාවක් තියෙන චිත්‍රපටයක්. දැන් අපි චිත්‍රපට කළාට වැඩක් නැහැ. සංස්ථාව පත් කර ගත්තු අමුතු මණ්ඩලයක් ඉන්නවා. මේ මණ්ඩලයේ අය තමයි චිත්‍රපටය දුවනවාද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒ අය දුවනවා කිව්වොත් සංස්ථාවෙන් රිලීස් කරනවා. නැත්නම් හුලං. අද රෝයි ද සිල්වාට සුමනා අමරසිංහට හුලං? හුලං නෙමේ, වහ ටිකක් කාලා මැරෙන වෙලා. ඇයි දෙයියනේ මේ සුමනා එයාගේ රුපියල් ලක්ෂ පනහක් විතර චිත්‍රපටයට යට කරලා අර මම කිව්ව කීත් රංග ලොකු මුදලක් යට කරලා පෙන්නගෙන ආදායමක් ගන්න බැරිව ඉන්න කොට මගේ අතට සල්ලි අහසින් වැටෙනවද? ඔබ ඔය කියන මණ්ඩලයේ අයගේ කොන්දේසි එහෙම තියෙනවාද? මොකද නැත්තේ, අපූරු කොන්දේසි ටිකක් තියෙනවා. යම් චිත්‍රපටයක් දුවනවා කියලා අනාවැකි කියන්න පුළුවන් මේ මණ්ඩලයේ අයට එයාලගේ අපූරු විජ්ජා කොන්දේසි තමයි චිත්‍රපටයේ හොඳට කොමඩි තියෙන්න ඕනෑ. හොඳ හැටි ෆයිට් තියෙන්න ඕනෑ. හැබැයි ඒ ෆයිට් වුණත් නිකං ඒවා නෙමෙයි, කෙබල්වලින් අහසේ ඉගිල්ලිලා ගහන ෆයිට් තියෙන්න ඕනෑ. අනික හොඳට සිංදු තියෙන්න ඕනෑ. එතකොට චිත්‍රපටය දුවනවා කියලා ඒක ප්‍රදර්ශනය කරන්න අවසර ලැබෙනවා. ඔන්න කෙරුවාව. ඔබ කියන ඔය මණ්ඩලයේ ඉන්න නෝන මහත්වරුන්ට මේ අවනඩුව ඔබ පැහැදිලි කලේ නැද්ද? මොකද නොකිව්වේ. චිත්‍රපට සංස්ථාවේ සභාපති ගාවට කී සැරයක් දනින් වැටි වැටී ගියා ද මේ චිත්‍රපටය පෙන්වගන්න උදවු කරන්න කියලා. ඒත් සභාපති අසරණයි. එයාට කරන්න දෙයක් නැහැ. මේ සභාපති අහිංසකයි. එයාට මොකුත් කරන්න බැහැ. දැන් රෝයි මහත්තයො, සුමනා නෝනෙ මෙහෙම හිතන්නකෝ. මොනයම් හෝ මණ්ඩලයක් දාලා හරි චිත්‍රපටයක් පෙන්වන්න තෝරා ගන්නෙත් හේතුවක් ඇතුව වෙන්න බැරිද? මොකක්ද මල්ලි ඒ හරුපෙ. මම මේ චිත්‍රපටය කළේ මේ ෆීල්ඩ් එක ගැන හයක් හතරක් දන්නේ නැතුව නෙමේ නේ. මම කවුද කියලා නොදන්න කෙනෙක් නෑනේ. මුළු රටම දන්නවා මම ඕර්ණඔ ර්ණජ්ජ්ධ්ඛ්ඡ් වාර්තා තිබ්බ අධ්යක්ෂවරයෙක්. එහෙව් මට තව චිත්‍රපට කරන හැටි උගන්වන්න එනවා නම් ඒක විහි’ළුවක්.
අපි චිත්‍රපටයක් කරලා ඒක පෙන්වන්න රටේ නීතියක් අනුව රැඟුම් පාලක මණ්ඩලයට ඉදිරිපත් කළා. ඒ අය ඒක බලලා මහජන ප්‍රදර්ශනයට අවසර දුන්නා නම් තව මොන මණ්ඩල ද චිත්‍රපටය පෙන්වන්න දෙනව මිසක්. මේකට විසඳුම ලෙස ඔබ ඉදිරිපත් කරන්නේ මොකක්ද? වෙන මොකුත් නොවෙයි. චිත්‍රපට බෙදා හැරීම සම්පූර්ණයෙන් චිත්‍රපට සංස්ථාව අතට ගන්න ඕනේ. සෙන්සර් ඩේට් එක අනුව චිත්‍රපටය අනු පිළිවෙලට රිලීස් කරන්න ඕනෑ. එතකොට දුවන චිත්‍රපටයක් දුවයි, නැති එකක් ගැලවෙයි. ප්‍රශ්නෙත් විසඳෙයි. දැන් ඔය කියන මණ්ඩලය බලලා දුවනවා කිව්ව චිත්‍රපටත් ඇත්තටම දිව්වද? මොන පිස්සුද මල්ලි, සුමානයයි දෙකයි ගැලවිලා ගියා. මෙයාලා මේ තීන්දු තීරණ කරපු පින්තූර එහෙම දිව්වේ නැහැ.
දැන් චිත්‍රපටයේ මුහුරත් එක යන දවසෙදිමනේ චිත්‍රපටය රිලීස් කරන මණ්ඩලය තීරණය කරන්නෙත්? ඒක තමයි. දැන් තියෙන අපූරු වැඩේ චිත්‍රපටය කරලත් නෑ, කරපු දෙයක් බලලත් නැහැ, අඩුම තරමේ ෂූටින්වත් නැහැ. ආපු දවසට පෙන්වන්න හෝල් එක බුක් කරලා. ඉස්සර අපිට චිත්‍රපටයක් පෙන්වගන්න සර්කිට් හතරක් තිබුණා. පස්වෙනි මණ්ඩලය කියලා සම්භාව්‍ය මණ්ඩලයක් තිබුණා. මේවා හොඳ ආදායම් හෙව්වා. අවසානයේ මේ සංස්ථාව සතුව තිබූ බලය ඉහළ පුටු රත් කරපු අය කොම්පැණි එක්ක එකතු වෙලා ප්‍රයිවටයිස් කළා සංස්ථාව සතු නිශේධ බලය. අද ඒකේ ආදීනව තමයි අපි මේ විඳින්නේ. දැන් ඔබ දෙපළට හිතෙන්නේ නැද්ද මේ මණ්ඩලය ඔබේ චිත්‍රපටය බලා තීරණය කරන්න ඇති එයාලගේ සිංදු, ෆයිට්, කොමඩි නැති නිසා ඔබේ චිත්‍රපටය දුවන එකක් නැහැ කියලා? එයාලා කොහොමද එහෙම කියන්නේ. මම කියන්නේ මගේ චිත්‍රපටය පෙන්වන්න අවසරය දෙන්න කියලා. දිව්වේ නැත්නම් පාඩුව මටනේ. අද චිත්‍රපටයක් පෙන්වගන්න හෝල්කාරයන්ගේ දෙපතුල ළඟට ගිහින් නොවඳිනා වැඳුම් සිද්ද කරන්න ඕනෑ. කොපිය දෙන්න ඕනේ. පෝස්ටර් ටික දෙන්න ඕනේ. කටවුට් ටික දෙන්න ඕනේ. ඒ මදිවට බැනුම් අහන්නත් ඕනෑ. ඔය ඔක්කොම කරලා එයාලගේ වඳින් නැති තැනටත් වඳින්න ඕනෑ. ඔන්න අද චිත්‍රපටයක් කරපු කෙනෙකුට අත්වෙලා තියෙන ඉරණම. මණ්ඩල හුටපටේ නිසා අද චිත්‍රපට පෝලිමකුත් ඇති? නිෂ්පාදකවරු අධ්යක්ෂවරු ගණනාවකගේ චිත්‍රපට අද පෝලිමේ මණ්ඩලයේ නෝනලාගේ මහත්වරුන්ගේ චූන් එක නැතුව මම මේ රටේ ජනාධිපතිතුමාගෙනුත්, අගමැතිතුමාගෙනුත් කරන එකම ඉල්ලීම ඔබතුමාලගේ නිෂේධ බලය යොදලා චිත්‍රපට බෙදා හැරීම සංස්ථාවට පවරලා දීලා අහිංසක නිර්මාණකරුවන් කොම්පැණිකාරයන්ගෙන් බේරලා දෙන්න කියලයි. ඔබ කියනවා එදා තිබුණු කොම්පැණි යුගයට අපේ සිනමාව මේ අය පල නොකියා දක්කනවා කියලා? ඔව්. බලන්න එදා චිත්‍රපටයක් කරලත් පෙන්වන්න සමාගම් කියන පදයට අධ්යක්ෂ නිෂ්පාදක වැඩ කරන්න සිදු වුණා. එදා අපේ සිනමාවට තිබුණේ ඉන්දීය ආභාෂය. චිත්‍රපටයට සිංදුවක් දාන්නම ඹ්නේ. සිංදු නැත්නම් චිත්‍රපටය දුවලා හමාරයි. මේව කළේ කොම්පැණිවලට ඕනෑ විදියට. අද වෙලා තියෙන්නෙත් ඒක. චිත්‍රපටය පෙන්වන්න ඕනෑ සර්කිට් එකේ අය කියන විදියට තමයි. ඒකනේ අද චිත්‍රපටයක් පෙන්වන්න නම් හොඳට වදින ෆයිට්, සිංදු කොමඩි ඕනෑ කියලා ඉල්ලන්නේ. මම මේ කියන දේ නොවේද එදා සිංහල සිනමාවේ තිබුණේ. දැන් බලන්න එදා ලෙස්ටර් ජේම්ස් පීරිස් රේඛාව චිත්‍රපටය කරන කොට ඒකට ඕලු නෙලුම් නෙරිය රඟාලා... සිංදුව දාන්න ඕනෑ නෑ. සිංදුවක් ඕනෑ කතාවකුත් නෙමෙයි ඒක. ඒත් එදා ලෙස්ටර්ටත් මේ කොම්පැණි බලපෑමට යටත් වෙන්න සිදු වුණ නිසා ඒ ගීතයත් තවත් ගීතයකුත් චිත්‍රපටයට දැම්මා. මම හිතන්නේ ඔබ දෙපළ එදා චිත්‍රපට සංස්ථාව බිහි කරන්න මුල පුරපු කණ්ඩාමේ අද ජිවත්වන දෙපළ? ඔව්. බලන්න එදා චිත්‍රපට සංස්ථාව බිහි කරන්න මුල පුරපු අපිට අද සංස්ථාව සලකන හැටි. මහ ලොකුවට පම්පෝරියකුත් ගහලා වචන සෙට් එකකුත් දෙසාබාල මටත් සුමනාටත් චිත්‍රපට සංස්ථාව බිහි කරන්න කැප වුණා කියලා අපි දෙන්නට සිංහයෝ දෙන්නෙක් තිළිණ කළා. අඩුම තරමේ මේ සිංහයෝ දෙන්නට පණ තිබුණා නම් අපි ඒ සතුන්ව විකුණලා සල්ලි හොයා ගන්නත් තිබුණා. අද වෙලා තියෙන්නේ සංස්ථාවෙන් දුන්න සිංහයාගේ සම්මානෙ දිහා බලාගෙන හූල්ලන එක. එහෙමත් නැත්නම් අඩුම තරමේ මූල්‍යමය වටිනාකමක් තියෙනවා නම් ඔය හම්බ වෙච්ච සම්මානය විකුණලා අපිට මුදලක් හොයා ගන්න තිබුණා. චිත්‍රපට බෙදා හැරීම සංස්ථාව සතු කරන්න කියලා ඔබ කරන ඉල්ලීමට සියලු කලාකරුවන් එකඟද? කොමඩි කරලා චිත්‍රපට දිව්ව කීප දෙනෙක් හැරෙන්නට අනෙක් බහුතරයක් චිත්‍රපට අධ්යක්ෂවරු, නිෂ්පාදකයෝ මගේ අදහස සමඟයි පසුවන්නේ. මේ වෙන කොට ඔබගේ සිනමා ජීවිතයට කොච්චර කාලයක් ගත වෙලාද? මගේ සිනමා ජීවිතයට අවුරුදු පනස් එකක්. සුමනාගේ සිනමා ජීවිතයට අවුරුදු හතලිස් එකක්. මේ වෙන කොට ඔබ අවසන්වරට රඟපෑ චිත්‍රපටය? මයි නේම් ඊස් බන්දු. දැන් රඟපාන්න ආරධනා නැද්ද? ලැබුණා. හැබැයි ටෙලි නාට්‍යයක. ඒක මම භාර ගත්තේ නැහැ. ඇයි? අහවල් චරිතෙට ගන්න කැමැතියි කියලා අහනවා. මම කිව්වා ස්ක්‍රිප්ට් එක ගෙනත් දෙන්න කියලා. ඒත් ප්‍රතිචාර නැහැ. හෙට මුහුරත් එකට එන්න. ස්ක්‍රිප්ට් එක එහෙදි දෙන්නම් කිව්වා. මම කිව්වේ මෙච්චරයි. මම මෙච්චර චරිත රඟපාපු රටේ නමක් දිනපු චිත්‍රපට අධ්යක්ෂවරයෙක්. අඩුම තරමේ මාගේ චරිතෙවත් නොදැන මුහුරත් එකකට එන්න මට බෑ. මගේ චරිතය මොකක්ද කියලා මම බලලා මිසක් මම රඟපාන්න කිව්වට කරන මිනිහෙකුත් නෙවේ කියලා. ඒ කිව්වත් හරි ආයේ නම් ටෙලි නාට්‍යයට කතා කළෙත් නැහැ. ඔබ නෙවේද පුංචි තිරයට කොමඩි හඳුන්වා දුන්නේ? මම තමයි මුලින්ම පුංචි තිරයට කොමඩි හැදුවේ. ස්වර්ණවාහිනියට නිර්මාණය කළ හොටෙල් ඩි කලබල වගේම ටාසන් ද අපේ මෑන් කොමඩි ටෙලි නාට්‍ය රැල්ල අවසානයේ හැම චැනල් එකකටම ව්‍යාප්ත වුණා. සිනමාවේ ඕර්ණඔ ර්ණජ්ජ්ධ්ඛ්ඡ් වාර්තා තබමින් බිහි වූ කොමඩි රැල්ලේ නිර්මාපකයා ඔබයි? චෙරියෝ ඩොක්ටර්, චෙරියෝ කැප්ටන්, චෙරියෝ ඩාලිං, ඔක්කොම කනපිට, රෑ දනියෙල් දවල් මිගෙල් 1 - 2 - 3, ලව් 94 ඔය වගේ බොක්ස් ඔෆිස් තිබ්බ තවත් මිනිහෙක් මේ සිනමාවේ ඉන්නවාද? ඔබ කියනවා සිංහල සිනමාවේ වාසනාවන්තම අධ්යක්ෂවරයාත්, නළුවාත් ඔබම බව? ඔව්. මම තමයි ලකී නළුවාත්, ලකී අධ්යක්ෂකත්, ලකී ආටිස්ට් මම. බලන්න මම රඟපාපු සුජීවා දවස් 125 ක් එක දිගට දිව්වා. ඒ චිත්‍රපටයේ චන්දන ඇල්ලෙන් නාලා ගීතය කොච්චර ජනප්‍රිය වුණාද. දෙවතාවක් ඒ සිංදුව පටිගත කරන්න වුණා සිංදුවට තිබුණ ඉල්ලුමට. තවත් විටෙක ඔබ කියනවා ඔබ තරම් බැනුම් අහපු නළුවෙක් සිංහල සිනමාවෙත් නෑ කියලා? මට බනින්න බනින්න මම ජනප්‍රිය වුණා. එදා ගාමිණී එක්ක මම කරට කර ජනප්‍රිය රැල්ලේ තරඟවලදී කරට කර. හැබැයි ඉතිං තරඟෙ උණුසුම් වෙන කොට සතියෙන් සතිය මම පස්සට. ඉතිං මොනවා කරන්නද ඒ පස්ස මම සැහැල්ලුවෙන් විඳ දරා ගත්තා. එදා අපට සිනමාවේ තිබුණේ අනුකරණය කිරිමක්. දෙමළ චිත්‍රපටයේ ඒ නළුවා කරන දේ ඒ ආකාරයෙන් කරන්න අපිට බල කළා. එහෙම නොවුණොත් අධ්යක්ෂගෙනුත් බැනුම්. චිත්‍රපට කරන සමාගමෙනුත් බැනුම්. ඒ මදිවට නරඹන ප්රේක්ෂකයන්ගෙනුත් බැනුම් අර නළුවා විදියට රඟපාලා නැහැ කියලා. ඔබ ළමා අවධියේ පටන් ආශා කළේ නළුවෙක් වෙන්නද? හින්දි, දෙමළ චිත්‍රපට බැලුවා. ඒත් වැඩිපුර ඉංග්‍රීසි චිත්‍රපට බැලුවේ. මගේ එකම ආශාව වුණේ චිත්‍රපට අධ්යක්ෂවරයෙක් වීමයි. මට ජෝ දේව් ආනන්ද හම්බ වුණාට පස්සෙ මගේ ගමන විශාල පරිවර්ථනයකට මුල පිරුවා. අද චිත්‍රපට සංස්ථාවේ ක්‍රියා කලාපය ගැන ඔබ කනස්සල්ලෙන් වගේ? පැහැදිලවම ඔව්. ඔය චිත්‍රපට සංස්ථාව හදන්න මුල පුරපු අයගෙන් අද ඉන්නේ මේ රෝයිත් මගේ වයිෆ් සුමනත් විතරයි. අනිත් හැමෝම අද ජිවතුන් අතර නැහැ. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හම්බ වෙලා අපි ඉල්ලපු ඉල්ලීම් බලයට ඇවිත් ඉෂ්ඨ කරනවා කියලා අපිට ඇගේ අත්සනින් පොරොන්දු පත්‍රයක් දුන්නා. එකේ පිටපතක් අදත් මා ළඟ තියෙනවා. මම බොරු කියනවා නම් මා ළඟ සාක්ෂි ලිඛිතව තියෙනවා. එදා අපි දෙන්නත් කට්ට කාලා ගුටි කාලා තමයි චිත්‍රපට සංස්ථාව ඇති කරන්න කැප වුණේ. ඒක හදනවට විරුද්ධ වෙච්ච අය පාර්ලිමේන්තුවටත් ගියා නළුවෝ හැටියට, නිළියෝ හැටියට. සංස්ථාව ආරම්භයේ හොඳ සෙතක් චිත්රපටකරුවන්ට ලැබුණා නොවේද? ලැබුණා, ලැබුණා ඉහටත් උඩින් ලැබුණා. එදා ඩී. බී. නිහාල්සිංහයන් සංස්ථාවේ ජෙනරල් මැනේජර් විදියට සුවිශාල වැඩ කොටසක් කළා. එදා නිකන් චිත්‍රපට අධ්යක්ෂවරයෙක් වෙන්න ඔහු ඉඩ දුන්නේ නැහැ. පරික්ෂණයකින් සමත් වුණොත් විතරයි ඒ අවස්ථාව ලැබෙන්නේ. ඒක ප්‍රමිතියක්. එදා සංස්ථාව ගානේ රීල් අඩි දාහක් දුන්නා කෙටි චිත්‍රපටයක් කරලා පෙන්වන්න. ඒ කරලා තවත් පරික්ෂණයක් කරලා බලලා තමයි චි’ත්‍රපට අධ්යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන්න අවසර දුන්නේ. ඒත් නිහාල්සිංහයන්ගේ දූරදර්ශී පාලනය පසෙකලා ඇන්ටන් වික්‍රමසිංහ සංස්ථාවේ සභාපති ධූරයට පත් කර නිහාල්සිංහගේ බලය හීන කිරීමත් සමග ඇදගෙන වැටෙමින් ආ චිත්‍රපට සංස්ථාව තමයි මේ අද තවමත් ඇද වැටෙන්නේ. නිහාල්සිංහ ඇති කළ ප්‍රමිතිය, නීතිය කඩා නැන්දට මාමට, තේ කඩකාරයාට, මස්සිනාට, බෑනට චිත්‍රපට කරන්න, අධ්‍යක්ෂක වෙන්න අවස්ථාව උදා කළ නිසා අපේ සිනමාව කාබාසිනියා වුණා. හරියට සිනමාවක් කරගන්න බැරි සමහරු දිවි නසා ගත්තා. තමන්ගේ සබ්බ සේසතම නැති කර ගත්තා. අද කොමඩිය මාකට් නේද? රට පුරම තියෙන්නේ කොමඩි වැඩනේ. ඒක නිසා අද සමාජයම කොමඩි වෙලා. ඩී. වී. ඩී කලත් ඉල්ලන්නේ කොමඩි. අනේ මන්දා මෙහෙම ගියොත් කොමඩි කොහෙන් නවතියිද කියලා. ඔබේ සිහින ලොවක් පෙන්න ගන්න, ඔබ චිත්‍රපට කරලා දුන්න හෝල් අයිති මණ්ඩලයක්වත් ඔබට මේ වෙලවේ අත දෙන්න උත්සාහයක් නැද්ද? හදපු සංස්ථාව නැති කොට වෙන කවර කතාද? ඇයි මම ඕර්ණඔ ර්ණජ්ජ්ධ්ඛ්ඡ් වාර්තා තිය තිය හම්බ කරලා දුන්න හෝල් කාරයෝවත් මම ගැන දැන්වත් සානුකම්පිතව බලන් නැත්තේ ඔවුන්ට මානසිකව හිතිලා ඇති මගේ චිත්‍රපටය දුවා ගන්න බැරි වේවි කියලා. දිව්වේ නැත්නම් පාඩුව මටනේ. දුවන්න ගන්නකෝ මම දුවලා පෙන්වන හැටි පෙන්වන්නම්. මේ වෙන කොට ඔබ කොපමණ චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරලා ඇතිද? මම අන්තිමට කළ ටොම් පචයෝ එක්ක චිත්‍රපට හතලිහක්. ඉදිරියේ අලුත් නිර්මාණයකට යන්න අදහසක් නැද්ද?
‘රෑ දනියෙල් දවල් මිගෙල් චණ්ඩි රොසලින්’ කියලා චිත්‍රපටයකට මම පිටපත ලියලත් තියෙනවා. කොහොම කරන්නද, කරපු ටික පෙන්නල සල්ලි හොයාගෙන තමයි මේක කරන්න හිටියේ. අද ඒකත් නෑ, මේකත් නැහැ. අද ඔබ කතා කරන්නේ බොහොම කලකිරීමෙන්? මමත්, සුමනත් කවදාවත් මේ වෘත්තීයට අපහාසයක් වන ආකාරයෙන් කටයුතු කරලත් නෑ ජීවත් වෙලත් නෑ. අපි දෙන්නගේ විවාහ ජිවිතයට අවුරුදු හතලිහක්. සිනමාවට තියෙන ආදරයට, හිිතේ තියෙන වේදනාවට තමයි මෙහෙම ඇත්ත කියන්නේ. මෙහෙම හිටියට අපේ අතේ සතේ නැහැ. අතේ සතේ නැහැ? දින 30 යි ලක්ෂ 68 යි. දින 271 යි ලක්ෂ 115 යි කියලා ආදායම් හොයපු චිත්‍රපට කරලා? ඕකනේ කවුරුවත් විශ්වාස කරන්නේ නෑනේ. මම චිත්‍රපට කළේ නිෂ්පාදකවරයෙක්ගේ සල්ලි වලට. එදා චිත්‍රපටය කරන්න මගේ ගාණ ගත්තා. එයා පෙන්නලා හම්බ කරන දේ මට අදාළ නැහැ. වරදවා හිතන්න එපා ආදායම් වාර්තා තියෙන කොට ඩිරෙක්ටර්ගේ කල්ල මරේ කියලා. චිත්‍රපටය හොඳට දිව්වොත් තව නිෂ්පාදකයෙක් එයි මාව හොයාගෙන. අන්න ඒ වාසිය විතරයි මට තියෙන්නේ. බොක්ස් ඔෆිස් චිත්‍රපට කළත් අද වෙන කොට ඔබ දෙපලට ඉන්න තමන්ගේම නිවසක් නෑ කියන්නේ? අපි ඉන්නේ කුලියට. ගෙයක් ඉල්ලන් නොගිය දේශපාලඥයෙක් නැහැ. හැම කෙනාම දෙන්නම් තමයි. තවම දුන්න කෙනෙක් නැහැ. සුමනා ලෙඩ වුණ වෙලේ එයාගේ ජීවිතය බේරගන්න රුපියල් ලක්ෂ තිහක් විතර වියදම් වුණා. අපි ජීවිතේ ගෙනි යන්න ඉතිරි කරගත් සල්ලි. ඒවා නැති වුණත් මගේ ආදරණීය සුමනා අද මට ඉන්නවා. ඔබ විසින් අධ්‍යක්ෂණය කළ ඉංග්‍රීසි චිත්‍රපට ප්‍රේ්ක්ෂක ආකර්ෂණය දිනා ගත්තා කියලා ඔබ හිතනවාද? ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්, ඉට්ස් අ මැටර් ඔෆ් ලව් චිත්‍රපට දෙකම හොඳට දිව්වා. මට ඕනෑ කළේ අපටත් ඉංග්‍රීසි චිත්‍රපට කරන්න පුළුවන් කියන දේ ඔප්පු කරන්න. මම ඒ සඳහා දායක කර ගත්තෙත් අපේ ජනප්‍රිය නළුවෝ. රෝයි ඇත්තටම ඔබේ ඔය කොන්ඩෙ එදා වගේමයි අදත්. මොකක්ද ඔය නොවෙනස් කොණ්ඩයේ රහස? මම තරම් මේ කොණ්ඩෙට වද දීපු කෙනෙක් නැතුව ඇති. ඒ කාලේ එඬරු තෙල්, බ්‍රිල් ක්‍රීම් වලින් මම හොඳ හැටි කොණ්ඩය පෝෂණය කළා. සමහරු අදටත් රැවටෙනවා මම විග් එකක් දාලයි ඉන්නේ කියලා. එහෙම කිව්ව කීප දෙනකුටම මම කිව්වා කොණ්ඩෙන් ඇදලා බලන්න කියලා. මම වයසට ගියත් කොණ්ඩෙ යන්නෙ නැහැ. මුල් කාලයේ පටන් ප්‍රේම් ජයන්ත්ගේ ආකාරයට හිස පීරීමටත් ස්ටැන්ලි පෙරේරාගේ ආකාරයට උඩු රැවුලේ ස්වරූපය තැබීමටත් මම පුරුදුව හිටියා. ඇත්තටම විග් එකක් දාලා නැද්ද? මම විග් එකක් දාලා රඟපෑවේ එකම වතාවයි. ඒ සුදු පරෙවියෝ චිත්‍රපටයේ චන්ඩි අයියට. විග් එක දැම්මත් හරි ඊට පස්සේ මගේ සැබෑ කොණ්ඩේ කෙස් මුල සුදු වෙන්න ගත්තා. එතකොට වැවෙන කොණ්ඩෙ කපන්නේ? කවුද ඉතිං, දැන් අවුරුදු හතලිහක ඉඳලා මගේ කොණ්ඩෙ කපන්නේ සුමනා මිසක්.
|
|||||||