වර්ෂ 2016 ක්වූ ජූනි 02 වැනිදා බ්‍රහස්පතින්දා




ඇත්ත ඇති සැටියෙන්

ඇත්ත ඇති සැටියෙන්

හෝ ගානා පොකුණ සිනමාපටයේ අධ්‍යක්ෂ ඉන්දික ෆර්ඩිනැන්ඩු ෆේස්බුක් හරහා තම ජනමාධ්‍ය මිතුරන්ට පණිවුඩයක් එවලා තිබුණා. ඒ චිත්‍රපටයේ සාර්ථකත්වයට ලබා දුන්නු මාධ්‍ය මෙහෙවරට තුති පුදලා. බොහෝ දෙනෙක් ඉන්දිකගේ ඒ ක්‍රියාව බෙහෙවින් අගය කළා. ඇත්තටම මාධ්‍යයේ, විශේෂයෙන්ම පුවත්පත් මාධ්‍යයේ සහයෝගය නැතුව චිත්‍රපටයක් සාර්ථකව තිරගත කරගන්න අපහසුයි.

නමුත් වැඩිදෙනා කරන්නේ උදව් ගත් පසු අමතක කර දැමීමනෙ. නමුත් ඉන්දික එහෙම කළේ නැහැ. ඔහු දන්නවා චිත්‍රපටයක් ජනතාව අතරට ගෙන යාමේ සාර්ථකත්වය පිටුපස ඉන්නේ කවුද කියලා. ඒකනෙ වචනෙකින් හරි තුති පිදුවේ.