වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




ඔබේ නමින්...

ඔබේ නමින්...

මෙරට සිටි විශිෂ්ටතම කලාකරුවකු වූ මහගමසේකරයන්ගේ 87 වැනි ජන්ම දිනය නිමිති කරගනිමින් ඔහුගේ නමින් කොළඹ 05 ප්‍රදේශයේ පිහිටි පැජට් මාවත මහගමසේකර මාවත යනුවෙන් නම් කෙරිණ. අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට කලාකරුවන් රාශියක්ද සහභාගි විය. පණ්ඩිත් අමරදේවයන් මහගමසේකර මාවත විවෘත කළ මොහොතයි මේ.


ප්‍රසන්න, හඳගම, විමුක්ති එකම චිත්‍රපටයක් තනති

මෙරට ප්‍රථමවරට එකම සිනමා පටයක් අධ්‍යක්ෂවරු තිදෙනකු විසින් නිර්මාණය කිරීමට සුදානම් වෙයි.

එකිනෙකට බද්ධ වන කතන්දර තුනක් සහිත මෙම ඒකීය විත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ නව පරපුරේ විශිෂ්ටතම සිනමාකරුවන් තිදෙනකු වන ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම සහ විමුක්ති ජයසුන්දරයි.

කලකට ඉහතදී ටයිටස් තොටවත්තයන් කතා තුනක් ඇතුළත් කොට තෙවන නමින් කෙටි චිත්‍රපට ත්‍රිත්වයක් අධ්‍යක්ෂණය කරන ලදී.

ප්‍රසන්න විතානගේ ගේ ඉර මැදියම සිනමා පටයට පාදක වූයේ ද එකිනෙකට සමාන්තරව ගලා ගිය කතා ත්‍රිත්වයකි.

එහෙත් මෙහිදී එකම චිත්‍රපටයක් තිදෙනකුගේ දෘෂ්ටි කෝණයෙන් රූපයට නැගෙනු ඇත.

එය ලාංකේය සිනමා ඉතිහාසයේ සුවිසෙස් සලකුණකි. මෙම චිත්‍රපටයේ පළමු කොටස යාපනයේදීත්, දෙවැනි කොටස කොළඹදීත් තෙවැනි කොටස හම්බන්තොටදීත් රූ ගතවනු ඇත.


ජූලි හතයි ඇරඹුණ හැටි

සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ ජූලි හතයි සිනමාපටයෙහි මංගල දැක්ම පසුගියදා රීගල් සිනමා ශාලවේදී පැවැත්විණ. මේ එහි අවස්ථා කිහිපයකි.


සක්කාරං හෙට සිට

සම්මානනීය සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ සුරීන් දිගු කලකට පසු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය සක්කාරං මෙම මස 22 වැනිදා එනම් හෙට සිට ඩී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන් හි තිරගත වීම ඇරැඹේ. චම්මින්ද වෙද ගෙදරගේ සක්කාරං නමැති සම්මානිත නවකතාව ඇසුරෙන් තැනු මෙම සිනමාපටය එච්. ඩී. පේ‍්‍රමසිරිගේ නිෂ්පාදනයකි.

බිමල් ජයකොඩි, ප්‍රසාදිනි අතපත්තු, ගයාන් වික්‍රමසිංහ, පුබුදු චතුරංග, සිරිල් වික්‍රමගේ, සරත් කොතලාවල, ඩබ්ලිව් ජයසිරි, අනුර බණ්ඩාර රාජගුරු, නීටා ප්‍රනාන්දු, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස් ඇතුළු පිරිස සක්කාරං හි රංගනයෙන් දායක වෙති. ඩොනල්ඩ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂවරයාය. නදීක ගුරුගේගේ සංගීත අධ්‍යක්ෂණයකි. එල්මෝ හැලිඩේ සංස්කරණ ශිල්පියාය. අහස් ගව්ව සිනමා කෘතිය හරහා මෙරට සිනමාවෙහි අමරණීය සලකුණක් තැබූ පතිරාජයන් බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහෙ, පාරදිගේ ආදි චිත්‍රපටයන් හි සිය නිර්මාණශීලීත්වය මනාව පිළිඹිඹු කළේය. විශිෂ්ට ගණයේ ටෙලි සිතුවමක් වූ කඩුල්ල ඔහුගේ අධ්‍යක්ෂණයක් වේ.


සුගත් සමරකෝන් නැවත රංගනයට

විජය කුවේණි සහ ඇහැළේපොළ කුමාරිහාමි ආදී චිත්‍රපට අධ්‍යක්ෂණය කළ සුගත් සමරකෝන් නැවතත් සිනමා රංගනයට පිවිස සිටියි. ඒ ජුදාස්ට එරෙහිව ජුදාස් නමැති කෙටි චිත්‍රපටය සමඟිනි. සුගත් කලකට ඉහතදී වියරු මිනිසා, අධිෂ්ඨානය වැනි චිත්‍රපටයන්හි එකිනෙකට වෙනස් චරිත ඔස්සේ පේ‍්‍රක්ෂකයන් හමුවට පැමිණියේය. ජුදාස්ට එරෙහිව ජුදාස් සුගත් සමරකෝන්ගේ පුතණුවන් වූ සංජය සමරකෝන්ගේ කුලුඳුල් තිර රචනය සහ අධ්‍යක්ෂණය වේ. මිනිත්තු තිහකට සීමා වී ඉංගී‍්‍රසි සහ සිංහල යන භාෂා ද්විත්වයෙන්ම නිර්මාණය වන එය ගයාන් දර්ශනගේ නිෂ්පාදනයකි.

ජේසුස් වහන්සේ සහ ජුදාසගේ චරිත අභ්‍යන්තරය දෙස මෙතෙක් සිනමාකරුවකු නොබැලු විග්‍රහ නොකළ පැතිකඩක් විවරණය කරන මෙම චිත්‍රපටය රටවල් ගණනාවක උළෙලයන් සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. සුජිත් නිශාන්තගේ කැමරා අධ්‍යක්ෂණයකි. ඇඳුම් ආභරණ නිර්මාණයෙන් ඩිල්කි හපුආරච්චි ද, කලා අධ්‍යක්ෂණයෙන් වීරරත්න පෙරේරා ද සහාය අධ්‍යක්ෂණයෙන් වීජේසිරි මල්ලිකාරච්චි ද අංග රචනයෙන් සරත් රණවීර ද මේ සඳහා එක්විය.

සුගත් සමරකෝන් සමඟ සඳුන් විජේසිරි, සුගත් විජේසේකර, නෝබට් පෙරේරා, සුරංග චන්ද්‍රසිරි, හර්ෂ සිරිමාන්න, චංචලා කාරියවසම්, බර්ටි පෙරේරා, මොන්ටිගු සරච්චන්ද්‍ර, චන්දු ඉඹුලාන, සමන්ත වීරකෝන්, රංජිත් විතාරණ, ලසන්ත සමරකෝන්, සජිනි පුර්ණිමා, නලීන් ගුරුගේ, දීපිකා චතුරානි, නිශාදි කාංචනා, පි‍්‍රයංග විශ්වජිත්, පාලිත බී. රත්නායක, රංග බුද්ධ, ප්‍රසන්න මුහන්දිරම්, මහේෂ් ගම්මැදලියනගේ, මංගලිකා රාජශිල්ප, සුනිල් ජයලත්, සංජීවනී රත්නායක, වසන්ති සෙනරත්, එච්. සී. ජයලාල්, සමන් පුෂ්පවර්ධන ආදිහු ජුදාස්ට එරෙහිව ජුදාස්හි චරිත මවති.


නව ලේකම් ජානක

මෙතෙක් ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමයේ ලේකම්ව සිටි උපාලි පෙරේරාගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව එහි නව ලේකම්වරයා වශයෙන් ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ තේරී පත් විය.


 

ගායක - ගායිකා බක්මහ උලෙළ බත්තරමුල්ලේ

සුහදත්වය එකමුතුව සහ සහජීවනය ගොඩ නඟනු පිණිස ශ්‍රී ලාංකේය ගායක - ගායිකා සංගමයේ සියලුම ගායක ගායිකාවෝ සහ එම පවුල්වල සාමාජික සාමාජිකාවන් එක්ව පවත්වනු ලබන බක්මහ උලෙළ මෙම මස 26 වැනිදා දවස පුරා බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි. මෙම අවස්ථාවට සහභාගි වන ලෙස සියලුම කලාකරුවන්ට සංවිධායක මණ්ඩලය විවෘත ආරාධනාවක් කරයි.

 


කාල වැඩ නිමයි

ධාතුසේන රජු කලා වැව නිර්මාණය කිරීමට හේතු වූවා යැයි සැලකෙන ජනප්‍රවාද පසුබිම්කර ගනිමින් සුජීව ගුණරත්න අධ්‍යක්ෂණය කළ කාල සිනමා සිතුවමෙහි සියලු වැඩ කටයුතු පසුගියදා නිම විය. කලා අධ්‍යක්ෂවරයකු ලෙස නමක් දිනාගත් සුජීව පළමුවරට අධ්‍යක්ෂවරයකු බවට පත් වන්නේ මෙම නිර්මාණය සමඟිනි.

ඩබ්ලිව්. ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා, ජනක් පේ‍්‍රමලාල්, නීටා ප්‍රනාන්දු, මාධනී මල්වත්තගේ, ජගත් මනුවර්ණ, විශ්ව කොඩිකාර, ධර්මපි‍්‍රය ඩයස්, වෙලේගෙදර රණසිංහ, නිමල් යටිවැල්ල, දසුන් පතිරණ, දයාදේව එදිරිසිංහ, සුරිය දයාරුවන්, සේනක ටයිටස්, නෙතලි නානායක්කාර, සුදර්ශි ගලනිගම, සොලමන් ඩයස් කාරියවසම්, චාමි සේනානායක, සුදත් විජේසේකර, නඳුන් අකලංක, ඩෙමියන් ජයලත් අචින්ත කලණ, ජතීෂ වරුනේත්‍ර, චමරි නිසංසලා මෙහි චරිත මවති.

කාල ලයිව් වර්ක්ස් ක්‍රියේෂන් වෙනුවෙන් නදීකා බමුණුසිංහ සහ සුජීව ගුණරත්නගේ නිෂ්පාදයකි. විධායක නිෂ්පාදනයෙන් ප්‍රදීප් ලක්ෂාන්, කැමරා අධ්‍යක්ෂණයෙන් චන්දන ජයසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් දර්ශන රුවන් දිසානායක, තීර රචනයෙන් ඩී. කේ. අටිගල, සංස්කරණයෙන් රංගන සිංහරගේ අංග රචනයෙන් නාරද තොටගමුව එකතුවෙනි.