|
“ෂාරුක්” පුළුවන්නම්හදමු
සංජය නිර්මාල්ගෙන් අභියෝගයක්
'ජූලි හතයි' කිව්වාම මේ දිනවල නම් මතක් වෙන්නේ චිත්‍රපටයක්. ඒක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සංජය නිර්මාල්. ජූලි හතයි ඔහුගේ පස්වැනි සිනමා නිර්මාණය. සංජය තමයි රෝස කැලේ, සමාරා, ජුසේ වාස්, ස්වර ආදී සිනමාපට අධ්‍යක්ෂණය කළේ. ජූලි හතයි ගැන කතා කරන්න හොඳම කෙනා වන්නේ ඔහුයි. සංජය, ජූලි හතයි වගේ චිත්‍රපටයක් නිර්මාණය කිරිමට ඔබට බලපෑ හේතුව කුමක්ද? හේතු ගණනාවක්ම තියෙනවා. ඉන් ප්‍රධානම සාධකය තමයි එහි පිටපත. ප්‍රංශ වේදිකා නාට්‍යයක් වන මාක් කැමිලොට්ගෙ ඩෝන්ට් ඩ්‍රෙස් ෆො ඩිනර් ඇසුරෙන් තමයි ජුලි හතයි නිර්මාණය කළේ. දවසක් අපි යාළුවො සෙට් එකක් වේදිකා නාට්‍යයක් බලන්න යමින් සිටියා. ඒ පිරිවර අතර හිටි මෙම ප්‍රංශ නාට්‍ය ට්‍රාන්ස්ලේට් කරපු හේමන්ත ප්‍රසාද් ඔය කතාව ගැන මට කිව්වා. අන්න ඒ මොහොතේදීමයි මට හිතුණේ මේ ෆ්ලොට් එක ඇසුරෙන් නාට්‍යයක් කරන්න ඕනෑ කියලා. මොකක්ද එහි පිටපතහි ඇති විශේෂත්වය? එහි උපරිමයටම කොමඩි තියෙනවා. අනික මට පර්යේෂණාත්මක සිනමාපටයක් කරන්න ඕනෑ කියන අදහසකුත් තිබුණා. ඒ සියල්ල පෙරදැරිව මෙම සිනමාපටය අධ්‍යක්ෂණය කළා. කොමඩි සිනමාපටයක් නිර්මාණය කිරීම තුළින් ඔබ අපේක්ෂා කළේ මොන වගේ කාරණයක්ද? අපිට ඉස්සර හොඳ කොමඩි සිනමා සංස්කෘතියක් තිබුණා. අල්ලපු ගෙදර, ඇර සොයිසා, කොළඹ සන්නිය ඊට හොඳම උදාහරණ. නමුත් එන්න එන්න ඒ වගේ චිත්‍රපට හැදුණේ නැහැ. ඔබ කියන්නේ අද කොමඩි චිත්‍රපට හැදෙන්නේ නැහැ කියලද? එහෙම නැහැනෙ? මං අදහස් කළේ ඒක නෙවෙයි. අද කොමඩි චිත්‍රපට තියෙනවා. නමුත් ඒවායේ තියෙන්නේ ප්‍රහසනයම පමණයි. වින්දනයක් නැහැ. ඒත් කොමඩි කියන්නේ ප්‍රහසනයම විතරක් නෙවෙයි. ඒ වගේම විගඩමකුත් නෙවෙයි. ප්‍රඥාව අවුළුවන්න පුළුවන් ළඟම සාධකය හැටියටයි මං කොමඩි දකින්නේ. ජූලි හතයි එවැන්නක්ද? ඔව්. මා මෙහිදී භාවිත කළේ චැප්ලින්ගේ න්‍යාය. කෙටියෙන්ම කිව්වොත් චැප්ලින්ගේ රංගන ශෛලය සහ එම කොමඩි මේකෙ තියෙනවා. ජූලි හතයි ඇක්ටර්ස් ආර්ට් ඝණයට වැටෙන චිත්‍රපටයක්. ඒ කියන්නේ නළුවා හෝ නිළිය කරන රංගනය තුළින් ප්‍රේක්ෂකයා සෞන්දර්ය විඳිනවා. මං මේ ළඟදී දිනෙක ප්‍රේක්ෂකාගාරය තුළ ඉඳගෙන ජූලි හතයි බැලුවා. නරඹන්නෝ ඉල ඇදෙනකම් හිනා වුණා. ඉතින් ඒ ඇතිනෙ. ජුලි හතයි දවස් තුනකින් රූගත කළ චිත්‍රපටයක්. ඒ කාලය ප්‍රමාණවත් වුණාද ඔබගේ සිත තුළ තිබෙන නිර්මාණය ඒ අයුරින්ම රූපයට නඟන්න? මට කාලය පිළිබඳ ගැටළුවක් ඇති වුණේම නැහැ. මොකද මං ඒ වගේ කාලයකට තමයි වැඩේ ප්ලෑන් කරලා තිබුණේ. ඒ වගේම ජූලි හතයි රූ ගැන්වුණේ එක ලොකේෂන් එකක. කැමරා හතක් අපි යොදා ගත්තා. ජූලි හතයි චිත්‍රපටය එක පාරටම තමයි චිත්‍රපට ශාලාවලට ආවේ. ඔබලා පෙර සූදානම්ව සිටි බවක් පෙනෙන්නට තිබුණේ නැහැ? ජූලි හතයි පසුගිය වසරේ ජූලි හත් වැනිදා තමයි පෙන්වන්න හිටියේ. එත් මේ සර්කිට් ප්‍රශ්නය නිසා එහෙම කරගන්න බැරි වුණා. අද වනවිට සිනමා ශාලා හිමිකරුවන් තමයි චිත්‍රපට පෙන්වීම සහ නොපෙන්වීම තීරණය කරන්නේ. ඔවුන්ට ඕනෑ රැල්ලේ චිත්‍රපට. අපි වගේ අය කරන විකල්ප සිනමාපට තිරගත කරන්නට බයයි. එම චිත්‍රපටිත් සසඳන්නේ හැමදාම දකින සාම්ප්‍රදායික චිත්‍රපටත් එක්ක. එහෙම වෙන්න බැහැනෙ. ඔවුන් කියන ජාතියේ චිත්‍රපට නිර්මාණය කරන්න පිරිසක් ඉන්නවනෙ. මං මොකටද ඒ වගේ චිත්‍රපට හදන්නේ. හරිම විහිළු වැඩක් එක චිත්‍රපටයක් තවත් එකක් සමඟ සැසඳීම. චිත්‍රපටය අපි පෙන්වූවා ඔය සර්කිට්වල ඉන්න හැමෝටම. ඔවුන් ඒක නරඹලා එළියට පැමිණ ගොඩක් හොඳ කිව්වා. නමුත් පහුවෙනිදට අපට දැක්වූයේ ඉතාම අයහපත් ප්‍රතිචාර. මේක ඉතින් අපට තිරගත කරන්න වුණේ ගැප් එකකට. ඒකයි චිත්‍රපටය ඉක්මනින් ආවේ. ඔබ මෙය කළු, සුදු මාධ්‍යයෙන් ඉදිරිපත් කළේ ඇයි? මං අර කිව්වා වගේ චිත්‍රපටය පුරාවට යන්නේ එක ලොකේෂන් එකයිනෙ. මට හිතුණා ඒ තත්ත්වය මත ලොකුවට පාට පෙන්නුවොත් මිනිස්සුන්ගේ මනස වෙහෙසට පත්වේවි කියා. ඒ හින්දා කලර් වෙන්නේ නැතුව චිත්‍රපටය බ්ලැක් ඇන්ඩ් වයිට් කළා. රීගල් සිනමා ශාලාවේ ඔබලාගේ චිත්‍රපටය පෙන්වන්නේ එක දර්ශන වාරයක් පමණයි. ඇයි එහෙම වුණේ? අඩුම තරමේ චිත්‍රපටයේ කටවුට් එකක්වත් දාලා නැහැ? මං කලින් කිව්ව සිනමා ශාලා හිමියන්ගේ පදයට අපට නටන්න වෙලා තියෙනවා කියලා. ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලි. රීගල් සිනමා ශාලාවේ මේ වන විට තිරගත වන්නේ ෂාරුක් ඛාන් රඟපාන ෆෑන් චිත්‍රපටය. එය අවසානයේදී ෂාරුක් කියන්නේ රජෙක් කියන හැඟීම ප්‍රේක්ෂකයන්ට ඇති කරනවා. මේ වෙලාවේ කියන්න ඕනෑ අපි තවමත් ඉන්දියාවට ගැති වෙලයි ඉන්නේ. අපේ චිත්‍රපටවලට වඩා ඉන්දියාවේ චිත්‍රපට ලොකුයි. ෆෑන් චිත්‍රපටයේ පෝස්ටර්වලට ගිය වියදමෙන් සියයට එකක් පමණයි ජුලි හතයි චිත්‍රපටය සඳහා වැය වුණේ. මං ෂාරුක්ටත් අභියෝග කරනවා ඒ වගේ මුදලකින් මේ වගේ චිත්‍රපටයක් කරලා පෙන්වන්න කියලා. ජූලි හතයි චිත්‍රපටය නිර්මාණය කරන්න ගිහින් දවස් තුනක් නිදා ගත්තේ නැහැලු? එය කවදාවත් අමතක වෙන්නේ නැහැ. මේක දවස් තුනක් නොනිදා කළ චිත්‍රපටයක්. ඔබ ජූලි හතයි චිත්‍රපටයට පෙර අධ්‍යක්ෂණය කළ ස්වර සිනමාපටය තවමත් තිරගත නොවුණේ ඇයි? ස්වර චිත්‍රපටයෙන් මම කතා කරන්නේ සමාජයේ තියෙන දැඩි ප්‍රශ්නයක් ගැන. නමුත් ඒක පෙන්න ගන්න ඉඩක් නැහැ. ස්වර සඳහා වැඩිහිටියන්ට පමණයි ලේබලය ඇලෙව්වයින් පසුව තමයි ඔය ප්‍රශ්න ඇති වුණේ. මං හිතන්නේ චිත්‍රපටයක් කරලා දුක් විඳින නිර්මාණකරුවන් ඉන්න එකම රට මේ ලංකාව වෙන්න ඇති.
|