|
මේ සෑම වීඩීයෝවක්ම www.sarasaviya.lk ඔස්සේ නැරඹිය හැකියFun Music
අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු සත්‍ය සිදුවීමක්
මගෙ චූටි දූ බලන්න මා ගියදා
ඇයි සුදු දෝණි නුඹ තනියෙන් ඉන්නේ
මල් ගස්වල මල් පිපිලා පරවන්නේ ගායනය - ඉඳුනිල් අන්ද්‍රමාන පද රචනය - ජානක ප්‍රභාත් සංගීතය - ගිහාන් නිශාන් මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - ගිහාන් නිශාන් කැමරා අධ්‍යක්ෂ - ෂර්මිත් මියුසික් වීඩියෝවේ රඟපෑ නළු නිළියන් - විරාජ් පෙරේරා, නිශානි බණ්ඩාර, කුමා ප්‍රනාන්දු, ඉරේෂාන් අනුරාධ ඇතුළු පිරිස. මීගමුව අවට ප්‍රදේශයන්හි රූගත වූ මෙය සත්‍ය සිදුවිමක් ඇසුරෙන් නිර්මාණය වූ ගීතයකි. එක් දිනක් පුරා ගීතය රූගත කොට ඇත. මීගමුවේ සුසාන භූමියක රාත්‍රී දර්ශන කිහිපයක් රූගත කොට තිබේ. එහිදී නිෂ්පාදන කණ්ඩායමේ කිහිප දෙනෙකුව අධ්‍යක්ෂවරයා විසින් බියගන්වා ඇත්තේ මෙතන ඇත්තටම හොල්මන් තිබෙනවා යැයි පවසමින්. ඔවුන් ද එදා රූගත කිරීමට සහභාගී වී ඇත්තේ ද බියෙනි. මෙම ගීතය ලියූ ජානක රිදම් ගුවන් විදුලියේ ජනප්‍රිය නිවේදකයෙක්. ඔහු තමයි රිදම්හි සින්දු හැන්දෑව වැඩසටහන ගෙන එන්නේ. ඉඳුනිල් අන්ද්‍රමාන වැඩිපුරම ඔබට හමුවන්නේ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායකයා හැටියට. එමෙන්ම මෙය සංගීතවත් කළ ගිහාන් ගායකයකු ද වෙනවා. සඳවත වැසුනාවේ (බේබි ශානිකා සමඟ) රුවන් තරුමල් ආදී ගීත ඔහු ගැයූ ගී අතර වෙයි.
අමිලගේ පළමුවැන්න
මේ හිතින් වෙන් වී
දැනුණොත් කවදා හෝ පෙර මාගෙ ආදරේ දැනුණොත් . . .
හුස්ම වගේ ළඟම උන්නේ
දැනුණොත් . . . ගායනය - අමිල අතුකෝරාල පද රචනය - සුජිත් ප්‍රියාත් සංගීතය - චන්දන වල්පොල මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - චමීර හෙට්ටිආරච්චි කැමරා අධ්‍යක්ෂ - අජන්ත ඒකනායක මියුසික් වීඩියෝවේ රඟපෑ නළු නිළියන් - ගිවන්ත අර්ථසාද් සමඟ සචි වික්‍රමසිංහ පන්නිපිටිය අවට ප්‍රදේශයන්හි රූගත වූ මෙම ගීතය අමිලගේ තෙවැනි ගීතයයි. එහෙත් මේ ඔහුගේ පළමු මියුසික් වීඩියෝව. මීට ප්‍රථම අමිල නෙතුපිය නොසැලී සහ නීලනෙත් පතුලේ නම් වූ ගීත දෙකක් ගැයුවා. අමිලගේ ගම බදුල්ලේ. වර්තමාන පදිංචිය කොළඹ. කලක් සංගීත කණ්ඩායමක ලීඩ් ගිටාර් වාදකයකු ලෙස කටයුතු කළ ඔහු ගුවන් විදුලියේ බී ශ්‍රේණියේ ගායකයෙකි.
|