වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




අද පරපුරේ ජවය මදි

අද පරපුරේ ජවය මදි

‘ස්ලිම් නීල්සන්’ ජනතා සම්මාන ද්විත්වයෙන් පුද ලැබූ

සුපිරි නළු රන්ජන් රාමනායක

ජනතාවගේ ආදරණීය රංගන ශිල්පියා ලෙස මෙවර ද ‘ස්ලිම් නිල්සන්’ ජනතා සම්මානයෙන් පිදුම් ලැබූයේ සුපිරි නළු රන්ජන් රාමනායකය. දස වසරක් පුරා අඛණ්ඩව එකී සම්මානයට උරුමකම් කීමේ විරල වාසනාව ඒ සමඟින් ඔහුට උදා විය. තාරුණ්‍යයේ ආකර්ෂණීය නළුවා ලෙස මෙවර ඔහු සම්මානයට පාත්‍ර වීම තවත් සුවිශේෂත්වයකි.

දේශපාලන කරළියේ ආන්දෝලනාත්මක චරිතයක් වන රන්ජන් මේ දිනවල සිනමාවේද පෙරළිකාර චරිතයක් සමඟින් අප හමුවට පැමිණේ. ඒ සුනිල් ටී. ප්‍රනාන්දු නිෂ්පාදනය කළ 60 වැනි චිත්‍රපටය වූ ‘සිංහයා’ සමඟිනි.

එළැඹි නව වසරේ හා හා පුරා ‘සරසවිය’ මැද පිටු අතරට රන්ජන් මෙසේ එක් වන්නේ සිය කාර්යබහුල දිවියට මඳ විරාමයක් තබමිනි.

* දස වැනි වරටත් ජනතාවගේ නළුවා ලෙසින් සම්මානයට පාත්‍ර වීම මම හිතන්නේ සතුටට කාරණාවක්?

ඇත්තටම ඔව්. මේ සම්මානය හරහා නිකුත් වෙන සංඥාව තමයි මගේ රංගනයට තවම ජනතාව කැමැතියි කියන එක. රන්ජන් රාමනායක තවමත් රංගනයෙන් විශ්‍රාම ගත යුතු නෑ කියන පණිවිඩය තමයි ඔවුන් මේ දීලා තියෙන්නේ. විජය කුමාරණතුංග මහත්මයා ‘සරසවිය’ සම්මාන උලෙළක ජනප්‍රිය නළුවා වූ අවස්ථාවක ඔයාලගේ පත්තරෙන්ම අහනවා ඒ සම්මානය ගැන මොකද හිතෙන්නේ කියලා. එතකොට විජය මාමා කියනවා ‘මම ජනතාවට ඕනෑ විදිහට රඟපාලා තියෙනවා’ කියලා. ඉතින් ඒක හොඳ උත්තරයක්. මේ සම්මානය කූපන්වලින් නැතිනම් ඉ.ර්.ඉ වලින් තෝරන සම්මානයක් නෙවෙයි.

* ජනතා කැමැත්ත ඉතා නිවැරදිව නියෝජනය වන සම්මානයක් ලෙසයි ඔබ මෙය හඳුන්වන්නේ?

එංගලන්තයේ රිස(ර්)ච් ටීම් එකක් මඟින් ඈත ගම් දනව්වලට පවා ගිහින් ලබා ගන්නා දත්තයන් ඔස්සේ තමයි මේ සම්මානයේ හිමිකරුවා තෝරා ගන්නේ. මේ රිස(ර්)ච් එක කරන්නේ අපට නොදැනී. මේවා සිදුකරන කාලය අපි දන්නෙත් නෑ. ටීම් එක දන්නෙත් නෑ. සාමාන්‍යයෙන් ජනප්‍රිය නළුවා, නිළිය සම්මානය පිරිනමන්නේ පුවත්පත්වල පළවන කූපන් මඟින්. එහෙම නැතිනම් ඉ.ර්.ඉ මඟින්. වැඩිපුර පුවත්පත් මිලදී ගැනීමට, සිම්කාඩ් පත් මිලදී ගැනීමට තිබෙන හැකියාව මත තමයි බොහෝ විට ජයග්‍රාහකයා තීරණය වෙන්නේ. ඒත් මේ සම්මානයට එහෙම කිසිම විදිහක බලපෑමක් කරන්න බෑ.

* ‘තාරුණ්‍යයේ නළුවා’ සම්මානය ගැන මොකද හිතන්නේ?

ඇත්තටම මම ඒ සංවිධායක මණ්ඩලයට ප්‍රකාශ කළා මේ ‘කධභපබඩ ඒජබධප’ සම්මානය මට ප්‍රදානය කිරීම සාධාරණ නෑ කියලා. ඔවුන් මට පෙරළා කියූ දෙය තමයි මේ සම්මානයේ අදහස ඔබ තරුණයි කියන එක නෙවෙයි, තාරුණ්‍යයේ තේරීම කියන එක. මම ඒ සම්මානය අරන් එද්දී රොෂාන් රණවන එතැන හිටියා. එතකොට දිල්හානි මගෙන් ඇහුවා ‘ඇයි බං මේ කොල්ලන්ට උඹ ඕක දෙන්නේ නැද්ද’ කියලා. එතකොට රොෂාන් කිව්වා ‘රන්ජන් අයියා මැරෙන්න ඕනෑ අපි ඕක ගන්න’ කියලා.

* මොකද ඔබට හිතුණේ ඒ වෙලාවේ?

මට හිතට ටිකක් වැදුණා ඒක. මගේ අම්මා කොයි තරම් ආසාවෙන්ද හිටියේ කියලා මම දන්නවා මම ඒ සම්මානය ගන්නවා බලන්න. එතකොට ඒ අලුත් නළුවන්ගේ අම්මලාටත් ඒ ආසාව, කැමැත්ත ඇති. දැන් ‘යූත් පීපල්ස් චොයිස්’ කියන සම්මානයට මාත් එක්ක නිර්දේශ වුණේ හේමාල් රණසිංහ සහ රොෂාන් රණවන. එතකොට ‘ජනතාවගේ නළුවා’ සම්මානයට යෝජනා වුණේ මමයි, ජැක්සන් ඇන්තනියි, ජීවන් කුමාරතුංගයි. ඔය සම්මාන දෙකම හිමි වුණේ මට. ඉතාමත් නිහතමානීව සතුටු වෙනවා ඒ ගැන සහ මෙය අවස්්ථාවක් කර ගන්නවා මාව එතැනට ඔසවා තැබූ ආදරණීය ජනතාවට ස්තූතිය පුද කරන්න.

* ඔබේ අලුත්ම චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. කොහොමද සිංහයා?

‘සිංහයා’ රූගත කිරීම්වලට මම ගියේ ඉතාමත් කාර්යබහුල සමයක. ඔබ දන්නවා පසුගිය කාලේ සිදුවුණු බල පෙරළියත් එක්ක තමයි මට ඒ තත්ත්වය උදාවුණේ. ‘සිංහයා’ චිත්‍රපටය ‘ර්ප. ධ්දඤඪච’කියන ජනප්‍රිය හින්දි චිත්‍රපටයේ අඥ-ථචඬඥ එකක්. හැබැයි මේ චිත්‍රපටයට දායක වුණ හැමෝටම මීට වඩා දෙයක් කරන්න තිබුණනේ කියන මතයේ මම ඉන්නේ. ‘ර්ප.ධ්දඤඪච’මම ඉතා ප්‍රිය කරපු චිත්‍රපටයක්. ඒක හොඳ ප්ලොට් එකක්.

* එක්තරා විචාරකයෙක් පවසා තිබුණා රන්ජන් රාමනායක තමන්ගේ වීරත්වය මුදා හරින්න බැරුව තිරය මත අසරණ වෙලා ඉන්නවා කියලා මේ චිත්‍රපටයේ. ඔබ පිළිගන්නවාද ඒක?

පිළිගන්නවා. පිච්චර් පිස්සා තමයි එහෙම ලියා තිබුණේ. මම අසරණ වෙලා හිටියා කියලා මටත් හිතෙනවා. ජනපි‍්‍රය නළු අනිල් කපූර් තමයි ර්ප.ධ්දඤඪච විදිහට රඟපෑවේ. ඕක ඉස්සර වෙලාම ආවේ අමිතාබ් භච්චන්ට. එයා ඒ චිත්‍රපටය ප්‍රතික්ෂේප කරපුවාම තමයි අනිල් කපූර්ට ගියේ. පස්සේ ඒක ඉභනඥප ඩ්ඪබ එකක් වුණා. ඒත් ‘සිංහයා’ චිත්‍රපටයෙන් ප්‍රේක්ෂකයාට ඒ සාධාරණය ඉටු කරන්න බැරි වුණා කියන තැන මම ඉන්නේ.

* ඒ කියන්නේ ඔබේ රංගනයෙන් උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්න බැරි වුණා?

ඔව්. මට එහෙම හිතෙනවා.

* එහෙම වුණේ ඔබේ කාර්ය බහුලත්වය නිසා?

මීට වඩා පිටපත ගැන සාකච්ඡා කරලා, තව ටිකක් දිනත් දීලා, උනන්දුවෙන් මේ වැඩේ කරන්න තිබුණා කියලා හිතෙනවා. නමුත් මගේ මීළඟ චිත්‍රපට දෙකෙන් ප්‍රේක්ෂකයාට උපරිම සාධාරණයක් ඉටු කර තිබෙනවා කියලා හිතෙනවා මට. ඒ තමයි ‘මායා’ සහ ‘ච්ප. නවරියන්’ චිත්‍රපට දෙක. ඒ ගැන මම පූර්ණ විශ්වාසයකින් ඉන්නේ. එතැන මම ප්‍රේක්ෂකයාගේ මුදල් මංකොල්ල කාලා නෑ. ඔවුන්ගේ පොකට් එකට විදලා නෑ කියලා තමයි කියන්න වෙන්නේ.

* එතකොට ‘සිංහයා’ චිත්‍රපටයේ එහෙම කළා?

පිළිගන්න වෙනවා. මම තිත්ත ඇත්ත කථා කරන මිනිහෙක්නේ. සිනමාහලට යන ප්‍රේක්ෂකයාට මම උපරිම තෘප්තියක් දීලා නෑ ඒ චිත්‍රපටයේ.

* බොහොම අවංකවම තමයි ඔබ මේ ප්‍රකාශය කරන්නේ?

බොහොම අවංකව. මොකද මට කවුරු නැති වුණත් මගේ හෘද සාක්ෂිය නිදොස් වෙන්න ඕනෑ. වරදක් වෙලා තියෙනවා නම් ඒක අවංකවම පිළිගන්න එක තමයි කලාකරුවකුගේ නිහතමානී ගුණය. මෑත යුගයේ ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනූ චිත්‍රපට කිහිපයක්ම තිබුණා. ප්‍රේක්ෂකයා ගෙවන මුදලට උපරිම තෘප්තියක්, වින්දනයක් ලබා දෙන්නට සමත් වූ එවැනි චිත්‍රපට කිහිපයක්ම මගේ මතකයට නැගෙනවා. ‘අබා’, ‘සමනළ සංධ්වනිය’, ‘මහරජ ගැමුණු’, ‘හෝ ගානා පොකුණ’, ‘සිරි පැරකුම්’ එතකොට ප්‍රවේගය වගේ චිත්‍රපටවල නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු ප්‍රේක්ෂකයන්ට ණය නෑ.

* රන්ජන් රාමනායක හිස මුදුනේ තබාගෙන ඉන්න යම් ප්‍රේක්ෂකයෙක් මේ නිසා ඉච්ඡා භංගත්වයට පත් වුණා නම් ඊට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් චිත්‍රපට දෙකක් තිරගතවීමට තියෙනවානේ. මුලින්ම කියන්න කවුද මේ ච්ප.නවරියන්’. ඔබේ ජීවිතයට සමීප චරිතයක්ද?

සිංහයා ජවනිකාවක්...

මේ චිත්‍රපටයත් ජනප්‍රිය විදෙස් චිත්‍රපටයක් ඇසුරෙන් නිර්මාණය වූ එකක්. නමුත් අපි එය දේශියකරණයට ලක් කර තිබෙනවා. ප්‍රේක්ෂකයාට මේ චිත්‍රපටය මම හිතන්නේ අලුත් අත්දැකීමක් වෙයි. ච්ප. නවරියන් කියන්නේ තමන්ගේ මව්පියන් සතුටු කරන්න උත්සාහ දරන සුජාත පුත්‍රයෙක්. මම හරිම ආසාවෙන් කරපු චිත්‍රපටයක්. මම හිතනවා පේ‍්‍රක්ෂකයෝ ඉතාම ආදරයෙන් ච්ප. නවරියන් වැළඳ ගනීවි කියලා.

* එතකොට ‘මායා’ චිත්‍රපටය?

එය විශාල පිරිවැයක් දරා නිෂ්පාදනය කරපු දමිළ චිත්‍රපටයක අනුකරණයක්. එයටත් විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.

* අපේ සිනමාවට පසුගිය කාලේ කතා නායකයෝ කිහිප දෙනෙක්ම එකතු වුණා?

කතා නායකයෝ කියලා ඔයා කියන්නේ වි. ජ. මු. ලොකු බණ්ඩාර, චමල් රාජපක්ෂ, එතකොට කරු ජයසූරිය වගේ අයද?

* නෑ... නෑ... මේ සිනමාවේ?

මම විහිළුවක් කළේ.

* දැන් ඇත්තටම ඔබෙන් පස්සේ කාටද ඔය යෂ්ටිය භාර දෙන්නේ. එහෙම කෙනෙක් ඉන්නවාද?

මේකේ ඉතිහාසය පොඩ්ඩක් මතක් කරන්න මට අවස්ථාව දෙන්න. සිංහල සිනමාවේ සුපිරි වීරයා කිව්වාම අපිට මතක් වෙන්නේ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා. ඔහු වීරයෙක් විතරක් නෙවෙයි සුපිරි තරුවක්. දැන් ඊට කලින් හිටපු සුපිරි තරුනේ එඩී ජයමාන්න, ස්ටැන්ලි පෙරේරා, ප්‍රේම් ජයන්ත්, අරුණ ශාන්ති වගේ අය. හැබැයි ගාමිණී ඒ අතරින් කැපී පෙනුණා. ගාමිණී තමයි අන්ඩ(ර්) වෙයා(ර්) එක ඇඳගෙන, මවිල් පිරුණු පපුව ඉස්සරහට දාගෙන පොරක් වගේ ඇක්ට් කළේ . රන්මුතු දූව, ගැටවරයෝ, චණ්ඩියා වගේ චිත්‍රපටවල ගාමිණීගේ ඒ පෞරුෂය අපි දැක්කා. ඒක අර නළුවන්ට වඩා උඩින් තිබුණා.

* එදා හිටපු සමහර නළුවෝ ඒ වීරත්වය අනුකරණය කරන්නට පවා උත්සාහ කළා?

ඔව්. නමුත් ඊට පස්සේ කාටවත් අවේ නෑ ඒ ඉමේජ් එක. හැබැයි විජය කුමාරණතුංග වෙන පැත්තකින් තමන්ගේ ස්ථාවරය ගොඩ නඟා ගත්තා. ඔහු තමයි අපේ සිනමාවේ හිටපු ප්‍රේමණීයම නළුවා. මේ දෙන්නවම මම අධ්‍යයනය කළා. ඈත ඉඳන් කොපි කරලා තියෙනවා දෙන්නවම. ඒක කියන්න අවංක වෙන්න එපායැ. කොහොමද මේ දෙන්නා මේ තැනට ගියේ අනෙක් නළුවෝ අභිබවා. මම මේක දිවා රෑ නැතුව ඉබචඤර කළා අසංක. ගාමිණී ෆොන්සේකා කියන්නේ යකෙකුටවත් බය නැති මිනිහෙක්. ඔහු හැප්පුණේ රිදී තිරයේ දුෂ්ටයෝ එක්ක විතරක් නෙවෙයි. දේශපාලන ලෝකයේ ප්‍රබල චරිත එක්ක. ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක වගේ ප්‍රබල දේශපාලන චරිතයක් අලලා ඔහු චිත්‍රපටයක් පවා නිර්මාණය කරනවා.

* සාගරයක් මැද?

ඔව්. ඔහු එවැනි චිත්‍රපටයක් හදනවා පමණක් නෙවේ. ඒ පිළිබඳ විවාදාත්මක ප්‍රකාශ පවා ලබා දෙනවා පුවත්පත්වලට. නිර්මාණ දිවියේ පමණක් නෙවෙයි, සැබෑ ජීවිතයෙත් අවදානම දරා ගැනීමේ, අපි අර කියන්නේ ඕනෑම ‘රිස්ක්’ එකක් ගැනීමේ ගතිය ඔහුට තිබුණා. දැන් ‘පරසතු මල්’ චිත්‍රපටය ඔහු අධ්‍යක්ෂණය කරන්නේ අවුරුදු විසි නවයේදී. අපට හිතා ගන්නත් බෑ. එතකොට විජය කුමාරණතුංග මහත්තයා ගත්තාම ඔහු වෝඩ් ප්ලේස් එකේදී ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයාට කියනවා ‘ඇඟේ ඉඳන් පට්ට ගහනවා’ කියලා. ඔහු රැඩිකල් චරිතයක්. දිනන්න බැරි ආසනවලට ගිහින් ඡන්දේ ඉල්ලනවා. හිරේ විලංගුවේ වැටෙනවා. එතකොට ප්‍රේක්ෂකයෝ බලනවා කලින් සිනමාවේ හිටපු හීරෝස්ලා එක්ක මේ අය සංසන්දනය කරලා.

* ඔබ කියන්නේ තිරයේ දකින වීරයා සැබෑ ලොවේදීත් වීරයකු ලෙස දකින්නට ජනතාව කැමැතියි කියන එක?

ඒ සත්‍යය තමයි ගාමිණී සහ විජය අපට ඔප්පු කර පෙන්නුවේ. තිරයේ බොරු වීරත්වයක් මවා පාලා ඔවුන් සැබෑ ලෝකයේදී නිවටයන් බවට පත් වුණේ නෑ. වරක් අරලියගහ මන්දිරයේ තිබුණා කලාකරුවන්ගේ හමුවක්. මගේ නැන්දා චන්ද්‍රිකා බණ්ඩාරනායක තමයි එතකොට ජනාධිපතිනිය. මේ රැස්වීමට ගිය කලාකරුවෝ ඇය නැති තැන අම්මා මූ නැතිව බැන්නා. නොයෙක් විවේචන එල්ල කළා. මෙන්න එතුමිය ආවාම ‘ඔබ තමයි අපේ විහාර මහා දේවිය’ කියලා පිළිගත්තා.

* අර බැනපු කටින්ම?

ඔව්. පස්ස් මම මයික්‍රෆෝනය අරගෙන අර තිරයෙන් පිටුපස කතා වූ දේවල් ප්‍රසිද්ධියේම කිව්වා. එතැන ලොකු කලබගෑනියක් පවා ඇති වුණා. ගාමිණී ෆොන්සේකා මහත්තයා එතුමා වෙනුවෙන් තිබූ උපහාර උලෙළ දවසේ මේ විදිහේ ප්‍රකාශයක් කළා. ‘අපේ සිනමාවේ කොල්ලෙක් ඉන්නවා රන්ජන් රාමනායක කියලා. මම බොහොම ආඩම්බර වෙනවා ඒ මනුස්සයා ගැන. තමන්ගේ ජීවිතය බල්ලට දාලා කොන්ද කෙලින් තියාගෙන කතා කරන පුද්ගලයෙක් ඔහු.’ එහෙම තමයි ගාමිණී මහත්තයා එදා කිව්වේ. මට ලැබුණු සියලුම සම්මානත් හරි ගාමිණී මහත්තයාගේ ඒ ප්‍රකාශයත් හරි. ඊට පස්සේ මම බැඳෙනවා ඒ විදිහට ඉන්න. ගාමිණී මහත්තයානේ කියලා තියෙන්නේ අසංක. මට බෑ ආයේ හැරෙන්න. මාව එයා කොටු කරනවා, හිර කරනවා යම් තැනකට.

* රිදී තිරයේ දුපිරි වීරත්වය මවන්නන් ඒ ඔසවා තැබීම බෙහෙවින්ම ඉවහල් වන්නට ඇති?

දේශපාලනයේදී තිත්ත ඇත්ත මම නොබියව කතා කරන්නේ, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අසාධාරණය, අයුක්තිය වෙනුවෙන් හඬ නඟන්නේ එදා ගාමිණී, විජය වැනි දැවැන්තයන්ගේ ගමන් මඟ ක්‍රියා පිළිවෙත මම අධ්‍යයනය කළ නිසයි. ඊට පස්සේ හැම මසල් එකටම, හැම ඩයලොග් එකකටම, ගත පුරාවටම ඒ චින්තනය ගලාගෙන යනවා. ඒකෙන් බේරෙන්න බෑ. දැන් මම දන්න දෙයක් පෞද්ගලික ජීවිතයේ කවුරුවත් ගාමිණී මහත්තයා එක්ක ගෝරියට ගියේ නෑනේ. ඒ වගේම බෲස්ලීට, සිල්වෙස්ටර් ස්ටැලෝන්ට, ටෝනි ජාට, ජැකී චෑන්ලාට කවුරුත් කින්ඩි දාන්නේ නෑ. ඒ ඕව(ර්) කොන්ෆිඩන්ස් එක සිනමා තිරයේ විතරක් නෙවේ, සැබෑ ජීවිතයේදීත් මිනිස්සුන්ට දැනෙනවා.

* සිනමාවේ ර්‍ණදඥ ඉඩධබ වුණ ඔබ දේශපාලන වේදිකාවේදීත් ජනතාව හැඳින්වූවේ ඒ විදිහට?

ඔව්. දේශපාලන වේදිකාවේ ඉඳන් ප්‍රතිවාදියා විවේචනය කරන කොට මිනිස්සු මට කිව්වේ ර්‍ණදඥ ඉඩධබ කියලා. ඒ විශ්වාසයට ඊට පස්සේ අපි අනුගත වෙනවා. ඒකට පේ වෙනවා. තිරයේ අපිව දකිනකොට මිනිස්සුන්ට හිතෙනවා තමන්ගේ වීරයා එතැන ඉන්නවා කියලා. තිරය පුරාවටම ඒ ප්‍රතිරූපය මැවෙනවා. රැජිනිකාන්ත් ‘මුත්තු’ එකේ කියන ඩයලොග් එක ඇත්ත වේදිකාවේත් කියනවා. එයා ඇත්ත වේදිකාවේදී ජයලලිතා ඉන්න තැන කියනවා දේශපාලනඥයෝ කියන්නේ හොරු කියලා. එහෙම රික්ස් එකක් ගන්න මාර කොන්ෆිඩන්ස් එකක් තියෙන්න එපායැ. දැන් දේශපාලනය කරලා මුදල් උපයා ගත්ත නළුවෙක් ‘මම දූෂකයන්ට එරෙහිව පියවර ගන්නවා’ කියලා චිත්‍රපටයක වීරයා වෙන්න හැදුවට වැඩක් වෙන්නේ නෑ. ඒක සැට් වෙන්නේ නෑ.

* හරි... හරි... ඔබ ඔය පුන පුනා කියන්නේ ඔබ වීරයෙක් කියන එකද?

මම වීරයෙක් කියලා මම කියන්නේ නෑ. ඒත් වීරයා රිස්ක් එක ගන්න ඕනෑ. වීරයා ජනතාවගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න ඕනෑ. ඒ වෙනුවෙන් පෙනී සිටින්න ඕනෑ. පාරට බැහැලා ජනතාව වෙනුවෙන් විමුක්ති ගී ගයන කොට චිලියේ වික්ටර් හාරාගේ අත් දෙක කපනවා. ඒත් ඔහු ගී ගයනවා. බොබ් මාලේ ගංජා ගැට තියාගෙන වේදිකාවට ඇවිත් ‘ගෙටප් ස්ටෑන්ඩප්’, ‘බෆලෝ සෝල්ජර්’ වගේ ගීිත ගයන කොට ඒ වීරත්වය මිනිස්සුන්ට දැනෙනවා. එතකොට මාලන් බ්‍රැන්ඩෝ බලන්න, ඔහුට ඔස්කා(ර්) සම්මානය දෙනවා. ඒ සම්මානය ඔහු විසි කරනවා රෙඩ් ඉන්ඩියන්ස්ලාට එරෙහිව බ්ලැක් ඇමරිකන්ස්ලා කරන අකටයුතුකම්වලට විරෝධය පාලා. බෲස්ලීගේ චිත්‍රපට බලන්න. ඌ චයිනීස් මාෆියාවට ගහනවා. පොලීසියට ගහනවා. එතකොට අපිට හැඟෙන්නේ ඇත්ත ජීවිතයේදී වුණත් බෲස්ලී පොලීසියට නෙලන චරිතයක් කියලයි. මේ සියල්ලකින්ම මම අවධාරණය කරන්නේ තිරයේ වීරයා යම්කිසි ප්‍රමාණයකින්වත් සැබෑ ජීවිතයේ ඉන්න ඕනෑ. ජීවමාන වෙන්න ඕනෑ.

* එතකොට සුපිරි තරු, සුපිරි වීරයෝ අපේ අනාගත සිනමාවට අහිමිද?

ඉදිරියට අපේ සිනමාවේ බලාපොරොත්තු තැබිය හැකි තරුණ නළු පරම්පරාවක් ඉන්නවා. හේමාල් රණසිංහ, රොෂාන් රණවන, පුබුදු චතුරංග, සුරාජ් මාපා, උද්දික ප්‍රේමරත්න වැනි නළුවන්. මම විශ්වාස කරන විදිහට ඔවුන් අතරින් විශේෂිත අවස්ථාවක් ලැබුණේ උද්දිකට. ‘සමනල සංධ්වනිය’, ‘මහරජ ගැමුණු’ චිත්‍රපටවල ඔහු රඟපෑ චරිත එකිනෙකට වෙනස්. ඔහුට තමයි හොඳම රජ කතා ටික ලැබුණේ. තිරගත වීමට නියමිත ‘පත්තිනි’ චිත්‍රපටයේත් ඔහු රඟපානවා. එතකොට ඇක්ෂන් හීරෝ වර්ගයේ හොඳම හයිබජට් ෆිල්ම්ස් ටික ලැබුණේ හේමාල්ට. රොෂාන්ට තමා රොමෑන්ටින් ෆිල්ම්ස් ටික හම්බ වුණේ. සුරාජ් මාපාටත් චරිත කිහිපයක් ලැබුණා. ‘මායා’ චිත්‍රපටයෙන් පස්සේ පුබුදු ලොකු තැනකට එයි කියලා මම විශ්වාස කරනවා.

* එහෙම බැලුවොත් ඉතිං අවුලක් නෑනේ?

නමුත් මම හිතනවා අපේ තිබුණ විසේ, ඒ ජවය මම තාම දැක්කේ පුබුදුගෙන් විතරයි. ස්ක්‍රිප්ට් එක ලියලා, ප්‍රොඩියුසර් කෙනෙක් හොයන් ගිහිල්ලා තමන් වෙනුවෙන් චිත්‍රපටයක් කිරීමට පොළඹවා ගැනීමක් අද අපි දකින්නේ නෑ. එහෙම දෙයක් කරන එක මදිකමක් කියලා ඔවුන් හිතනවාද දන්නෙත් නෑ. ගෙදරටම ඇවිත් තමන්ට කතා කරන කල් තමයි ඔවුන් බලාගෙන ඉන්නේ. නමුත් පුබුදු ‘මායා’ චිත්‍රපටය බලලා, ස්ක්‍රිප්ට් එක ලියලා, ඒක අරගෙන ප්‍රොඩියුසර් හොයාගෙන ගිහිල්ලා ඒක යථාර්යක් බවට පත් කර ගත්ත කොල්ලෙක්. එතකොට පුබුදු තමයි ලිබර්ටි හන්දියේ ලයිට් කණුවට නැග්ගේ ස්ටන්ට් කෙනෙක් නැතුව ‘හිරිපොද වැස්ස’ චිත්‍රපටයේ. මට මතක් වුණේ තරුණ කාලේ අපට තිබුණු ජවය. අතපය කඩා ගත්තු හැටි. නමුත් පුබුදු ආරම්භයේම ගත්ත ඒ ජවය එක පාරටම නතර වුණා. කෙනෙකුට වාසනාව විතරක් තිබිලා මදි. මුළු පැකේජ් එකම තියෙන්න ඕනෑ ප්‍රතිරූපය ගොඩ නඟන්න.

* පැකේජ් එකක් කිව්වේ?

වේශ නිරූපණ ශිල්පීන්, තිර කතා රචකයන්, නිෂ්පාදකයන්, අධ්‍යක්ෂවරුන්, මාධ්‍යවේදීන් ඇතුළු සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි. ඒකට දේව පිහිටත් ලැබෙන්න ඕනෑ. ඒ පැකේජ් එකම සෙට් වුණොත් තමයි සාර්ථක ප්‍රතිරූපයක් ගොඩ නැඟෙන්නේ.

* රන්ජන් රාමනායක කියන චරිතය මේ සමාජයේ සම්භාවනාවට පාත්‍ර වන්නේ ආකර්ෂණයක් හිමි කර ගන්නේ සහ පොදු ජනතාවගේ ආදරය දිනා ගන්නේ කලාකරුවෙක් හැටියට ද නැතිනම් දේශපාලනඥයෙක් හැටියටද?

ඔබ හැමදාම අහන ප්‍රශ්නයක් ඕක. මම කියන්නේ මේකයි. වතුර බිංදු ගොඩක් එකතු වෙලා තමයි මහා ගඟක් හැදෙන්නේ. එතකොට ඔබට කියන්න බෑ අර වතුර බිංදුව ආවෙ මෙහෙන්, මේ බිංදුව මෙහෙන් කියලා. ඔබ මහා ජලාශයක් වෙලා තියෙන්නේ. ඔබ මහා වෘක්ෂයක් වෙලා තියෙද්දී නටු ආවේ කොහෙන්ද, මුල් ආවේ කොහෙන්ද, ඵල හට ගත්තේ කොහොමද කියලා ඔබට කියන්න බෑ. ඒ ගහම තමයි අවසන් ප්‍රතිඵලය දකින්නේ. වරක් එක්තරා රූපවාහිනී වැඩ සටහනකදී නිවේදකයෙක් අහනවා ගාමිණී ෆොන්සේකා මහත්මයාගෙන් ‘ලොවෙන් එකෙක් එක දේකට වෙයි සමත’ කියලා කතාවක් තිබෙනවා ඒ ගැන ඔබතුමාගේ අදහස මොකක්ද කියලා.

* ගාමිණී දුන්නේ හරි අපූරු උත්තරයක්?

ලොවෙන් එකෙක් එක දේකට වෙයි සමත කියන්නේ බොරුවක් අයිසේ. ලොවෙන් එකෙක් සැමදේටම වෙයි සමත. බැරි එකාට මුකුත් බෑ’ ඒකයි එතුමාගේ උත්තරය වුණේ. එතකොට වෑන් ඩෑම් කියන්නේ හොඳ බැලේ ඩාන්සර් කෙනෙක්. රුසියාවේ අගමැති ව්ලැඩ්මීර් පුටින් ටයිකොන්ඩෝ ජාතික ශුරයෙක්. එක ක්ෂේත්‍රයක කෙනෙක් හිර කරන්න, කොටු කරන්න බෑ. දේශපාලනඥයෙක්, නළුවෙක් කියලා එක තැන මාව හිර කරන්න බෑ. මේ දෙක තුනම එකතු වෙලා හැදෙන්නේ විශාල දෙයක්. ඒක ඇතුලේ ගායකයෙක් ඉන්නවා. නළුවෙක් ඉන්නවා, දේශපාලනඥයෙක් ඉන්නවා. මානව හිතවාදියෙක් ඉන්නවා. හොඳ රසවතෙක්, ආදරවන්තයෙක් වගේම සංවේදී මිනිසෙකුත් ඉන්නවා. මම හිතන්නේ මේ හැමදේම එකතු වෙලා තමයි රන්ජන් රාමනායක කියන ප්‍රතිරූපය ගොඩ නැඟී තිබෙන්නේ.