වර්ෂ 2016 ක්වූ අප්‍රේල් 21 වැනිදා බ්‍රහස්පතින්දා




Hollywood

පහට වඩා හය හොඳයි

ලොව පුරා ජනප්‍රියත්වයක් උසුලන Game of Thrones කතා මාලාවේ හයවැන්න ලබන 24 වැනිදා නිකුත් කිරීමට නියමිතයි. ජෝර්ජ් ආර්. ආර් මාර්ටින් විසින් රචනා කළ A Song of Ice and Fire ප්‍රබන්ධය පාදකකර ගනිමින් නිර්මාණය කෙරෙන Game of Thrones කතා මාලාව ලංකාව තුළත් උසුලන්නේ ඉහළ ජනප්‍රියත්වයක්.

නමුත් මෙවර හයවැන්න පස්වැන්නට වඩා පොතෙන් එහාට ගොස් තිබෙන බව ආරංචි ගෙන එනවා. පසුගිය කොටස්වල වගේම පීටර් ඩින්ක්ලීජ්, නිකොලාජ් කොස්ටර් වැල්ඩෝ, එමිලියා ක්ලාක්, ලීනා හීඩ්, කිට් හැරින්ටන් ඇතුළු නළු නිළියන් රැසක් මේ අදියරේදී ද Game of Thrones වෙනුවෙන් රංගනයෙන් එක් වෙනවා.

ඊට අමතරව තවත් අලුත් චරිත කිහිපයකුත් සම්බන්ධ වෙන බවත් ආරංචියි. ඒ විතරක් නොවෙයි පස්වැනි අදියරේදී මරණයට පත් වෙමින් කතාබහට ලක් වූ ජෝන් ස්නෝගේ චරිතය ගැනත් විවිධාකාර කටකතා පැතිරෙනවා. මෙම කොටස කාන්තා චරිත ඉදිරියට පැමිණීමක් ලෙසින් නිර්මාණය වී තිබෙනවා.

ආව්! මේ පාර දුවෙක්

වෘත්තීය මල්ලවපොර සූරයෙකුව සිට නළුවෙක් බවට පත් වූ ඩ්වේන් ජොන්සන් දැන් බොහොම සතුටින් සිටින බව ආරංචියි. ඒ විතරක් නොවෙයි ඔහුගේ සතුට දකින හැමෝම දැන් ඔහුගෙන් මේ සතුටට හේතුවත් විමසන්න පටන් අරන්.

“ඒක හරිම සරළයි. මාව සතුටට පත් කරන දේ හැමදාම මම ගෙදර එනවිට දොර ළඟ බලාගෙන ඉන්නවා” ජොන්සන් පවසනවා. ඔහු තවත් දුවෙකුට තාත්තා කෙනෙක් වුණේ පසුගිය දෙසැම්බර් මාසයේදීයි.

දැන් ඒ පුංචි දුවට මාස හතරයි. ඇයගේ නම ජෙස්මින්. ඩ්වේන් ජොන්සන් ජෙස්මින් වඩාගෙන සිටින පින්තූරයක් ඇයගේ සිව්වැනි උපන්දිනය දා ට්විටර් පිටුවට එක්කරමින් ඔහු තමන් වැඩියෙන්ම සතුටට පත්වන හේතුව හැමෝටම දන්වා සිටියා. “ඔයා දවසක දැන ගනිවී, ඔයා මට මොන තරම් සතුටක් ගේනවාද කියලා. ඒ විතරක් නොවෙයි ඔයාගේ අම්මාව වගේම අක්කත් ඒ සතුටේ හවුල්කාරියන්” ඔහු පුංචි සටහනකුත් දැම්මා.

පුතුන් දෙදෙනෙකුට පසු

පුතුන් දෙදෙනෙකුට අම්මා කෙනෙක් වුණු බ්‍රිට්නි ස්පියර්ස් දැන් පුංචි ගැහැනු ළමයෙකු ගැන සිහින මවන බව ආරංචියි. ඒ වුණත් දැනට නම් ඇයට කිසි සම්බන්ධතාවයකුත් ඇත්තේ නැහැ. ඇය ලාස්වේගාස් හි ඉදිකළ නිවසේ වැඩකටයුතුත් අවසන් අදිරේ පවතින්නේ.

ඉතින් දැන් ඇය පුංචි ගැහැනු ළමයෙක් හදා ගන්න හොයනවාලු. ඒ පුංචි ගැහැනු ළමයා හොයන්නෙත් චීනයෙන් කියලත් ආරංචියි. “පුංචි ගැහැනු ළමයෙක් ඉන්න එක මොන තරම් සතුටක්ද” කියලා බ්‍රිට්නි නිතරම පවසනවා. බ්‍රිට්නිගේ තාත්තාත් මේ අදහසට ලොකු සහයෝගයක් දක්වනවා.

මකුළුවාගේ දෙවැනි ගමන

 

ස්පයිඩර් මෑන් : හෝම්කමින් චිත්‍රපටය ලබන වසරේදී රිදී තිරයට පැමිණෙන්න සූදානම්. ඇවෙන්ජර්ස් සිටින මාවල්ස් සිනමා විශ්වයට ස්පයිඩර් මෑන් ගෙන එන නවතම චිත්‍රපටය වන්නේද මෙය යි.

ස්පයිඩර් මෑන් : හෝම්කමින් චිත්‍රපටයේ ස්පයිඩර් මෑන්ගේ චරිතයට පණ පොවන්නේ ටෝනි රිවලෝරි. ලෝරා හැරියර් ඔහුගේ මිතුරියගේ චරිතයට පණ පොවන්න සූදානම්. මයිකල් කීට්න් දුෂ්ට චරිතයට පණ පොවන බවත් ආරංචි වෙනවා.

ඒ වුණත් තිර රචනය ගැන නම් තවමත් කිසිවක් හෙළි කරලා නැහැ. කැප්ටන් අමෙරිකා සිවිල් වෝ චිත්‍රපටයේ් මේ ස්පයිඩර් මෑන් මීට පෙර රංගනයෙන් එක් වෙන්න නියමිතයි.

හදිසි විවාහය ළඟදීම

  

ගායිකා මිරෙන්ඩා ලැම්බර්ට් සහ පොප් ගායක ඇන්ඩර්සන් ඊස්ට් ගේ වෙඩින් ප්ලෑන් එක දැන් හැමෝගෙම කතාබහට ලක් වෙලා. පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ දෙදෙනාගේ සම්බන්ධය දළු ලා වැඩි දැන් විවාහය දක්වා පැමිණිලා.

මේ දෙන්නාට විවාහ වෙන්න තියෙන්නේ පුදුම හදිසියක් බව ළඟම හිත මිතුරන් පවසනවා. ඒ වගේම දෙදෙනා අතර ලොකු බැඳිමක් තියෙනවාලු. මේ දවස්වල නම් මිරෙන්ඩා වගේම ඇන්ඩර්සනුත් කතා කරන්නේ සැරසිළි කරන්නේ කොහොමද කියලයි.

නැෂ්විල් ටෙනිසිහිදී මේ විවාහ උත්සවය සංගීතය සමඟින් පැවැත් වෙන්න නියමිතයි. මීට පෙර එක් වරත් විවාහ වී සිටි මිරෙන්ඩා තවත් සැරයක් කසාද බඳින්න ආසාවෙන් සිටින බව හොලිවුඩයෙන් ආරංචි වෙනවා.