|
|
ශාරුක්ට පනහයි සුබ පතන්න මහ සෙනගක්
බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්ගේ 50 වැනි උපන්දිනය පසුගිය නොවැම්බර් 02 වැනිදාට යෙදී තිබුණා. 02 වැනිදා උදාවනවාත් සමඟින් ශාරුක් සිය බිරිඳ ගෞරි, දියණිය සුහානා සහ පුතුන් දෙදෙනා ආර්යන් හා අබ්‍රහම් සමඟින් කේක් කපා උපන්දිනය සැමරුවා. පවුලේ සාමාජිකයන්ට පමණක් වෙන්වන ලෙසින් මෙම අවස්ථාව සමරන්න ගෞරි වග බලා ගත්තද පසුදින උදෑසන අති විශාල රසික-රසිකාවන් පිරිසක් ඔහුගේ නිවහන වටා රොක් වුණේ තම වීරයාට සුබ පතන්නයි. තම ආදරණීය රසික-රසිකාවන්ගේ සුබ පැතුම් ලබා ගන්නත් කිං ඛාන් අමතක කළේ නැහැ. ශාරුක්ගේ නවතම චිත්‍රපටය වන ‘ෆෑන්’ හි දෙවැනි ප්‍රචාරණ පටය නිකුත් වුණෙත් පසුගිය 02 වැනිදා. ඒ විතරක් නොවෙයි පනස් වැනි උපන්දිනය ආසන්නයේදීම ශාරුක්ට තම දෙවැනි ආචාර්ය උපාධියත් හිමි වුණා. එය පිරිනැමුණේ එක්සත් රාජධානියේ එඩින්බරෝ සරසවියෙන්. පසුගිය මාසයේදී ශාරුක් - ගෞරි තම 24 වැනි විවාහ සංවත්සරයත් සැමරුවා. 1965 නොවැම්බර් 02 වැනිදි නවදිල්ලියේ දී උපත ලද ශාරුක් බොලිවුඩ් සිනමාවට පිවිසියේ 1992 ‘දීවානා’ චිත්‍රපටයෙන්. වයසින් අවුරුදු 50ක් වුණත් කිං ඛාන් තවමත් බොලිවුඩයේ ආදරණීය පෙම්වතා බව කාටත් නොරහසක්. |



