|
|
ජාත්‍යන්තර චිත්‍රපට උලෙළට සමගාමීව සිනමාමේලා 07 වැනිදා සිට...ශ්‍රී ලංකා චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය විසින් කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළ අපේ රටේ සිනමා ක්ෂේත්‍රය වෙනුවෙන් මුල්වරට සංවිධානය කරන ලද්දේ පසුගිය වසරේදීය. අති සාර්ථක අයුරින් නිමාව දුටු එම සිනමා උලෙළ ලාංකේය සිනමා ලෝලීන් වෙත ජාත්‍යන්තර සිනමා අත්දැකීමක් ගෙන ආවේ චිත්‍රපට ප්‍රදර්ශනයට වඩා සිනමා ක්ෂේත්‍රය පිළිබඳ දැනුම් සම්භාරයක්ද එකතු කරමිනි. ‘ඔබ ඇවිත් පිරෙන්න’ තේමාව යටතේ හෙට (06) එහි දෙවැනි දිගහැරුම සිදු කෙරෙන්නේ නැවුම් අත්දැකීම් රැසක් ඔබ වෙත තිළිණ කරමිනි.
ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇගයෙන මෙවර සිනමා උලෙළේදී ලබන 08 වැනිදා අයි. එම් හේවාවසම්, 09 වැනිදා ප්‍රවීණ වේශ නිරූපණ ශිල්පීන් යුවළක් වන සෑම් පෙරේරා සහ ඩෙරික් ප්‍රනාන්දු සහ 10 වැනිදා කලා අධ්‍යක්ෂ ධර්මසේන හේමපාල සහ සුගතපාල සෙනරත් යාපා වෙනුවෙන් උපහාර පිදීමට නියමිතව ඇත. එහිදී සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ, සිනමා විචාරක අජිත් ගලප්පත්ති, මහාචාර්ය සුනිල් ආරියරත්න සහ සරසවිය කර්තෘ අරුණ ගුණරත්න විසින් මෙම උපහාර උලෙළහිදී විශේෂ දේශන පැවැත්වේ. මේ පිළිබඳ වැඩිදුර විස්තර අපි කතා කළේ සහය අධ්‍යක්ෂවරයෙකු වන විමල් දේශප්‍රිය සමඟින්.
මෙවර සිනමා උලෙළ සමඟින් පැවැත්වෙන ‘සිනමා මේලා’ විශේෂයි? අපේ දේශීය සිනමාව ආරම්භයේ සිට මේ දක්වා සිනමාවේ තාක්ෂණ භාවිතය, 1980 වසරට පෙර නිර්මාණ කළ වාර්තා චිත්‍රපට විස්සක් පමණ තිරගත කරන්නත් කටයුතු සූදානම් කරලා තියෙනවා. ‘සෝන්ග් ඔෆ් සිලෝන්’, ‘ජනලීලා’, ‘ලිවින්ග් වයිල්ඩ්’, ‘හෙරිටේජ් ඔෆ් ලංකා’, ‘ද හිල් කැපිටල්’, ‘නුවර පෙරහැරේ දිවා වීදි සංචාරය’, ‘නෙළුම් ගම‘, වානේ කම්හලක ගීතය’, ‘නිම්නයක හදවත’ වැනි සම්මානනීය වාර්තා චිත්‍රපට තිරගත කෙරෙනවා. මෙවර උලෙළේ දී අයි. එම් හේවාවසම්, සෑම් පෙරේරා, ඩෙරික් ප්‍රනාන්දු, ධර්මසේන හේමපාල වෙනුවෙන් උපහාර පිරිනැමීම සහ සුගතපාල සෙනරත් යාපාගේ ජන්ම දිනය නිමිත්තෙන් ‘මිනිසා සහ කඳුළ’, ‘ගරුඬ ගල’ කෙටි චිත්‍රපට තිරගත කරන්නත් නියමිතයි.
සිනමාව වෙනුවෙන් තවත් බොහෝ දේ මේ තුළ සංවිධානය කෙරෙනවා නේද? ඇත්තටම සිනමාව පිළිබඳ දැනුවත් කිරීම් රැසක් මේ සමඟ සංවිධානය වෙනවා. 07 වැනිදා හවස ග්‍රැෆික් නිර්මාණ ශිල්පීන් විසින් එදා සිනමාව තුළ තාක්ෂණය භාවිත කළ අයුරු සහ නව තාක්ෂණය භාවිතයෙන් අද කළ හැකි දේ පිළිබඳ අධ්‍යක්ෂවරුන් දැනුවත් කිරීමේ අවස්ථාවක් පැවැත්වෙනවා. සෑම දිනකම දේශන පැවැත්වීමටත් නියමිතයි. 08 වැනිදා සිනමා රංග වේදය පිළිබඳ දේශනය පැවැත්වෙන්නේ ආචාර්ය සෞම්‍ය ලියනගේ විසින්. 09 වැනිදා ගුණසිරි සිල්වා විසින් රචිත ‘ජයවිලාල් හා ජයලත් සිනමා විචාරය’ කෘතිය එළිදක්වන්න නියමිතයි. එහි විශේෂ දේශනය පැවැත්වෙන්නේ චිත්‍රපට අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ විසින්. මීට අමතරව ඩී.වී.ඩී චිත්‍රපට ලබා ගැනීමටත් අවස්ථාව තියෙනවා. සිනමා මේලා වෙත එන ඔබට සුවිශේෂ ඉටි අනුරූ දැකබලා ගැනීමටත් අවස්ථාව උදා වෙනවා. ඒ විතරන් නොවෙයි මෙවර විනෝද වීමේ අවස්ථා රැසක් සිනමා ලෝලීන්ට ලැබෙන අතර එහිදී මෙරට සිනමාවේ විශේෂ චරිත ලෙස සැරසී ඡායාරූප ගැනීමට ඔවුන්ට අවස්ථාව උදා වෙනවා. දක්ෂ සිත්තරුන් ලවා තම තමන්ගේ සිතුවම් ඇඳ ගැනීමටද අවස්ථාව සළසා ඇති මේ අතර වාරයේ ප්‍රණීත ආහාර රසවිඳිමටද ඔබට හැකියාව ලැබෙනු ඇත.
ජාත්‍යන්තර සිනමා උලෙළක් ලැබීම විශේෂ අවස්ථාවක් වන අතරම එයින් නිසි ඵල ප්‍රයෝජන ලබා ගැනීම හැමෝගේම අයිතියක්. මෙම සිනමා උලෙළ චිත්‍රපට නරඹන්න විතරක් වෙන්වූවක් නොවෙයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුව සිනමාව හදාරන සියල්ලන්ටම සිනමා දැනුම ලබා දෙන විශේෂ අවස්ථාවක්. වර්තමානය වන විට සිනමා ප්‍රබෝධයක් රට තුළ ඇති වෙනමින් පවතින කාලවකවානුවක පැවැත්වෙන මෙවැනි ජාත්‍යන්තර සිනමා උලෙළ මඟින් කළ හැකි දේ බොහෝයි. කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ ප්‍රථම උලෙළ පැවැත් වුණේ ‘ඔබටත් අසුනක් ඇත’ යන් තේමාව යටතේයි. ‘ඔබ ඇවිත් පිරෙන්න’ මෙවර තේමාවයි. ඔබට දැනුවත් වෙන්න බොහෝ දේ මේ උලෙළ තුළ තිබෙනවා. ඒ නිසා චිත්‍රපට නරඹන්න කලින් පැමිණෙන ලෙස අප ඔබට ආරාධනා කර සිටිනවා.
|



2015 කොළඹ ජාත්‍යන්තර චිත්‍රපට උලෙළට සමගාමීව එදා සිට අද දක්වා අපේ සිනමා භාවිතාව
යටතේ සිනමා කර්මාන්තය ආශ්‍රිත විවිධ අංශ පිළිබඳ දැනුවත් කෙරෙන ප්‍රදර්ශන, කෙටි
චිත්‍රපට ප්‍රදර්ශනය, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වෙත උපහාර පිදීම, සිනමාව පිළිබඳ
ලියැවුණු කෘති දොරට වැඩුම විනෝදාත්මක ඉසව් ආදියෙන් යුතු වූ ‘සිනමා මේලා’ මේ මස 07
වැනිදා සිට ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ලබන 11
වැනිදා තෙක් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය චිත්‍රපට සහය අධ්‍යක්ෂවරුන්ගේ සංගමය, කලා
අධ්‍යක්ෂවරුන්ගේ සංගමය සහ වේශ නිරූපණ ශිල්පීන්ගේ සංගමය එක්ව සංවිධානය කෙරේ. 07
වැනිදා පෙරවරු 10.30ට පැවැත්වෙන සමාරම්භක උලෙළේ ආරාධිතයන් ලෙසින් සහභාගී වන්නේ
ප්‍රවීණ කාර්මික ශිල්පීන් දෙපළක් වන චන්ද්‍රසේකර බණ්ඩා රත්නායක සහ ගාමිණී විමලසේන
ය.
දෙවැනි වරට සංවිධානය වන මෙම සිනමා ප්‍රදර්ශනයේ අරමුණ වන්නේ?