වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




නම් ලියන විදිහ හරිද?

නම් ලියන විදිහ හරිද?

මේ දවස්වල තිරගතවන චිත්‍රපට දෙකක නාමයන් පිළිබඳව පොඩි සටහනක් ලියන්නට හිතුණා. මොකද ඒවායේ සිංහල වැරදියි. තවත් විදිහකින් කිව්වොත් නිවැරිදි අක්ෂර වින්‍යාසයක් නෙවෙයි එම නාමයන්වල තියෙන්නේ. එක චිත්‍රපටයක් තමයි ජැක්සන් ඇන්තනීගේ ඇඩ්ඩ්‍රස් නෑ. එහි නියම සිංහල වචනය වෙන්න ඕනෑ ඇඩ්ඩ්‍රස් නෑ ලෙසයි. නමුත් හැම තැනම සනිටුහන් වෙන්නේ ඇඩ්‍රස් නෑ යනුවෙනුයි. 'ADDRESS යන වචනය ඉංග්‍රීසි වචනයක්. මෙහි 'ච්ච්' දෙක නියෝජනය වෙන්න සිංහලනේ 'ඩ' යනු දෙකක් අවශ්‍යයි.

ඇත්තටම කවුද දන්නේ නැහැ අකුරක් අඩුවෙන් එහෙම නමක් තිබ්බේ. අපේ අය මොනදේ කළත් හොඳ කියන පිරිසක් හින්දා ජැක්සන්ට මේ ගැන කියන්නට නැතුව ඇති. අඩුම ගානේ එහි නිෂ්පාදක ජනිත මාරසිංහටවත් කිව්වා නම් මොකද වෙන්නේ. කමක් නැහැ, අපි ඉදිරියේදී හිතනවා ඒ මහත්තුරු කරන චිත්‍රපටවල නිවැරිදිව නම තියෙයි කියලා. ඇඩ්‍රස් නෑ වචනය කියවෙන්නේ ඇ, ඩ්‍ර, ස්, නෑ යනුවෙන්. හරියට ලියවෙන්න ඕනෑ ඇඩ්ඩ්‍රස් නෑ ලෙසිනුයි.

නම වරද්ද ගත්තු තවත් චිත්‍රපටයක් තමයි අරුණ මහේන්ද්‍ර ජයවර්ධන අධ්‍යක්ෂණය කළ ලැන්ටිං සිංඤ්ඤො. ඒ නමහි සිඤ්ඤෝ කියන වචනයට බින්දුවක් ඕනෑ නැහැ. ඒත් පෝස්ටර්වලයි කටවුට්වලයි ඒකේ නම ලියලා තියෙන්නේ ලැන්ටිං සිංඤ්ඤෝ යනුවෙනුයි. ඇත්තටම ඒ වචනය වැරැදියි. අනේ අම්මපා ඒක අරුණට කියන්න කෙනෙක් ඉඳලා නැහැනෙ.