වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




ජාත්‍යන්තර සිනමා උලෙළේ අපේ චිත්‍රපට

ජාත්‍යන්තර සිනමා උලෙළේ අපේ චිත්‍රපට

මේ මස 07 වැනිදා ආරම්භ කිරීමට නියමිත කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළේ දී ශ්‍රී ලාංකේය චිත්‍රපටකරුවන්ගේ සිංහල චිත්‍රපට හතක් තිරගත වෙයි.

මධුර චාරිකා

නොවැම්බර් 07 වැනිදා - රාත්‍රි 7.00ට රීගල් සිනමා ශාලාවේ

උදයකාන්ත වර්ණසූරිය අධ්‍යක්ෂණය කළ ‘මධුර ජවනිකා (Joyful Journeys)’

ප්‍රේමය නම්

නොවැම්බර් 08 වැනිදා - දහවල් 1.00ට රීගල් සිනමා ශාලාවේ

වින්දන ආරියවංශ හා කල්පන ආරියවංශ දෙසොහොයුරන් අධ්‍යක්ෂණය කළ ‘ප්‍රේමය නම් (Dirty, Yellow, Darkness)’

ධවල දූවිලි

නොවැම්බර් 08 වැනිදා - රාත්‍රි 7.00ට චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ

අනුරුද්ධ ජයසිංහගේ අධ්‍යක්ෂණය කළ ‘ධවල දූවිලි’

ද ලෙටර්

නොවැම්බර් 09 වැනිදා - දහවල් 1.00ටරීගල් සිනමා ශාලාවේ

ඉසුරු වීරසිංහ අධ්‍යක්ෂණය කළ ‘ද ලෙටර් (The Letter)’

රැය තවම තරුණයි

නොවැම්බර් 10 වැනිදා - උදේ 10.00ට මැජෙක්ස්ටික් සිටි සිනමා ශාලාවේ

ඉන්දික උඩුගම්පොළ අධ්‍යක්ෂණය කළ ‘රැය තවම තරුණයි (The Night is Still Young)’ වැඩිහිටියන්ට පමණයි.

මෝටර් බයිසිකල්

නොවැම්බර් 10 වැනිදා - සවස 4.00ට රීගල් සිනමා ශාලාවේ

ශමීර රංගන අධ්‍යක්ෂණය කළ ‘මෝටර් බයිසිකල් (Motor Bicycle)’

නිම්නයක හුදකලාව

නොවැම්බර් 11 වැනිදා - දහවල් 1.00ට රීගල් සිනමා ශාලාවේ

බූඩි කීර්තිසේන අධ්‍යක්ෂණය කළ ‘නිම්නයක හුදකලාව (Alone in a Valley)