|
|
එයා නැතිනම් මෙයා
ඔහුගේ ආසනය තියෙන්නෙත් අපේ සරසවිය දෙපාර්තමේන්තුවට පේන මානයේ. ඉතින් අපි සරසවියට ජයසිරිගේ පින්තුර හදද්දී විහිළුවට කියනවා මේ ඉන්නේ කුමාර අයියගේ ලොකු අයියා කියලා. ඔහුත් දන්නවා අපි එහෙම කියනවා කියලා. ඔන්න ජයසිරිටත් මේ කතාව ආරංචි වෙලා. වැඩේ කියන්නේ ජයසිරිටත් කවුදෝ එහම කියලා. මෙන්න දවසක් කුමාරයි ජයසිරියි එකම ලොකේෂන් එකකදී මුණගැහිලා.
ජයසිරි කුමාරගෙන් අහලා. ඔව්නෙ. අපි දෙන්නම කොණ්ඩෙ කපලා ඉන්නෙ, නහයත් එක වගෙයිලුනේ. කුමාර ඊට පිළිතුරු දුන්නලු. එහෙනම් අපි රගපාන මෙගා නාට්‍යවල අධ්‍යක්ෂවරුන්ට බය වෙන්න දෙයක් නැහැ. ජයසිරි නිකට අත ගාලා කුමාර දිහා බැලුවලු. ඒ මොකෝ? උඹ රගපාන නාට්‍යයක දිනයක් එහෙ මෙහෙ වුණොත් හරි උඹට අසනීපයක් වුණොත් හරි මාව ගත හැකියි. මම රඟපාන නාට්‍යයක දිනයක් එහෙට මෙහෙට වුණොත්, මට අසනීපයක් වුණොත් උඹව ගත හැකි. ජයසිරි එහෙම කිව්වා. ඇත්තටම අපේ අය ටෙලි නාට්‍ය කරන විදිහට ඉදිරියේදී එහෙම දෙයක් වෙන්න බැරිකමකුත් නැහැ. |



ඔය ඩබ්ලිව් ජයසිරි ඉන්නවා නේද, මිනිහා හොඳ නළුවා. ඒ වගේම මාධ්‍යවේදියකු හැටියටත්
ජයසිරි ප්‍රසිද්ධයි. මෙයාගේ ස්වරූපයට අතිශය සමාන කෙනෙක් ඉන්නවා. දෙන්නම කොණ්ඩය
බූගාලා තියෙන හින්දා වෙන්න ඇති එකම වගේ පේන්නේ. ඔහු අපේ කුමාර සිරිවර්ධන. කුමාර ගැන
ඉතින් අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. නළුවකු මෙන්ම සම්මානනීය ග්‍රන්ථ කතුවරයකු ද වන
කුමාර සේවය කරන්නේ ලේක්හවුසියේ.
ඒ මචං, ඇත්තද අපි දෙන්නා එක වගේ කියලා කියන්නේ.