වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සුහද කොකා රීගල් ශාලාවේ සතියකට නවතී

සුහද කොකා රීගල් ශාලාවේ සතියකට නවතී

හෙටින් ඇරැඹෙන කොළඹ ජාත්‍යන්තර සිනමා උලෙළ නිමිත්තෙන් කොළඹ රීගල් සිනමා ශාලාවේ පමණක් ගිරිරාජ් කෞශල්‍යගේ “සුහද කොකා” සිනමාපටය තිරගතවීම තාවකාලිකව අත්හිටුවීමට නියමිත බව එහි නිෂ්පාදක රවීන්ද්‍ර ගුරුගේ සරසවියට පැවසීය. සිනමා උලෙළ අවසන් වූ විගසම නැවතත් සුහද කොකා (11 දා සිට) රීගල් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය වෙනු ඇත. “සුහද කොකා” ළඟදීම ග්‍රාමීය මට්ටමේ සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය ඇරැඹීමට නියමිත බව රවීන්ද්‍ර ගුරුගේ සඳහන් කළේය. මේ වන විට ඉමහත් ප්‍රේ්ක්ෂක ප්‍රතිචාරයක් මධ්‍යයේ තිරගත වන “සුහද කොකා” නරඹන්නට සිනමා ලෝලීන් පැමිණෙන්නේ පවුල් පිටින් බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

ජනප්‍රිය එතුමා ටෙලි සිතුවමේ චරිතයත් “සුහද කොකා” සමඟින් තවත් චරිත එකතු වී තිරයට පැමිණ තිබේ. ටෙලි සිතුවමේ රඟපෑ නළු නිළියන්ම සිනමාපටයේ ද චරිත රංගනයේ යෙදීම මෙහි විශේෂත්වයකි. විජය නන්දසිරි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, රොඩ්නි වර්ණකුල, කුසුම් රේණු, ලාල් කුලරත්න, ඩබ්ලිව්. ජයසිරි, මිහිර සිරිතිලක, සමන් හේමරත්න, ලලිත් ජනකාන්ත, රත්නා සුමනපාල, ගාමිණී අම්බලන්ගොඩ, සෝමසිරි අලකොලංග, සංජීව දිසානායක, දමිතා සළුවඩන, එස්. අයි. සමරක්කොඩි සමඟ ගිරිරාජ් කෞශල්‍ය මෙහි රංගනයේ යෙදෙති. ප්‍රියන්ත සෙනෙවිරත්න,දමිතා අබේරත්න සහ පියුමි ශානිකා ගරු රංගනයෙන් එක් වූහ. සුහද කොකා හි කැමරා අධ්‍යක්ෂණය තුසිත අනුරාධගෙනි.

රවීන්ද්‍ර ගුරුගේගේ සංස්කරණයකි, නිෂ්පාදන සැලසුම ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙනි. අංග රචනයෙන් ඉමල් ශානක පීරිස්, කලා අධ්‍යක්ෂණයෙන් සිරිනාථ වික්‍රමසිංහ, සංගීතයෙන් රෝ්හණ වීරසිංහ එකතු වී තිබේ. මමෝජ් වික්‍රමසිංහ ඇඳුම් නිර්මාණ ශිල්පියාය. සනත් මැදිවක නිෂ්පාදන විධායකවරයාය. රුවන් බණ්ඩාර සහ සුජිත් පෙරේරා සහාය අධ්‍යක්ෂවරුන් වෙයි.