|
|
|
Me & The Rhythm රිද්මයයි මමයි
ගනියි නුඹ වසඟයට Me & The Rhythm (රිද්මයයි මමයි) හොලිවුඩ් පුරවරයේ රූමත් ජනප්‍රිය ගායිකාවක වන සෙලීනා ගෝමස් ගයන නවතම ගීතය යි. මෙම ගීතය සෙලීනාගේ දෙවෙනි තනි ගීත එකතුවේ තෙවැන්නට නිකුත් වූ ගීතයයි. Me & The Rhythm රචනා කරන ලද්දේ සෙලීනා ගෝමස්, ජුලියා මයිකල්ස් සහ ජස්ටින් ට්‍රැන්ටර් සමඟිනි. විශිෂ්ට විචාරක පැසසුම් ලත් ගීතයක් වන Me & The Rhythm , විනාඩි 3:33 පුරා ගායනා වෙයි. Billboard Hot 100 ගීත දර්ශකයේ හයවැනි ස්ථානය දක්වා පැමිණි මෙම ගීතය ප්‍රංශයේ සහ කැනඩාවේ ජනප්‍රිය ගීත දර්ශකයන්හිද ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගන්න සමත් වී ඇත. පසුගිය ඔක්තෝබර් 02 වැනිදා එළිදැක්වුණු මෙම ගීතය සෙලීනාගේ නවතම ගීත එකතුව වන රිවයිවල් වෙනුවෙන් නිර්මාණය විය. මෙය මැට්මන් සහ රොබින්ගේ නිෂ්පාදනයක් වන අතර club-ready (ක්ලබ් රෙඩි), melodic (මේලඩික්), (Vintage Y Dance) වින්ටේජ් වයි ඩාන්ස්, සහ Disco (ඩිස්කෝ) යන ප්‍රභේදයන්ට අයත් වේ. Me & The Rhythm ඇතුළුව රිවයිවල් සන්දර්ශන මාලාව ලාස්වේගාස්හිදී ආරම්භ කර ජූලි මාසයේදී ලොස්ඇන්ජලීස්හිදී අවසන් කිරීමට නියමිතය.
|
|



අවකාශයක