|
|
වතුර වගේ පැහැදිලියි
සිරස සුපිරි තරු මාවතේ හයවැනි අදියරේ සුපිරි තරුව වූ ගයාන් අරෝෂ හවසට හවසට මහරගම පැත්තේ කරක් ගහනවලු. ගයාන්ගේ මේ හොර ගමන ගැන තවම කිසිම මාධ්‍යයකින් දන්නේ නැතිලු. හැබැයි අපි ගයාන්ගේ පස්සෙන් ගිහිල්ලා ගයාන් මේ මොකද කරන්නේ කියලා හොයා ගත්තා. මිනිහා බෑන්ඩ් එකක් හදාගෙන. යකා බැඳ ගෙන වගේ ඔහු ප්‍රැක්ටිස් කරනවලු මේ දවස්වල.
වෝටර් පළමු ප්‍රසංගය සඳහා සෝමසිරි මැදගෙදර, අමිලා නදීශානි, ශෂිකා නිසංසලා, චාමර රණවක, රුක්මන් අසිත, තීක්ෂණ අනුරාධ, ප්‍රදීප් රංගන යන ගායක ගායිකාවන් ආරාධිත ශිල්පීන් වශයෙන් සහභාගිවීමට නියමිතයි. ගයාන්ගේ වෝටර් බෑන්ඩ් එකේ කළමනාකරු වශයෙන් කටයුතු කරන්නේ නලීන් අබේවර්ධනයි. |




ලබන
හත් වැනිදා මහරගම තරුණ සේවා සභාවට යාබදව තමයි ගයාන්ගේ බෑන්ඩ් එකේ කුලුඳුල් ප්‍රසංගය
පැවැත් වෙන්නේ. ඒකයි ගයාන් කඩි මුඩියේ මේ ප්‍රැක්ටිස් කරන්නේ. ගයාන් බෑන්ඩ් එකට නම
තියලා තියෙන්නේ 'වෝටර්' කියලා. වතුර වගේ පැහැදිලි ඇති ගයාන්ගේ බෑන්ඩ් එක ප්ලේ කරන
කොට.