හොඳම මණ්ඩලයත් හොඳම නැහැ
හොඳම මණ්ඩලයත්
හොඳම නැහැ
- මහාචාර්ය සුනිල් ආරියරත්න

මේ වන විට මෙරට පවතින හොඳම යැයි සැලකෙන සිනමා ප්‍රදර්ශක මණ්ඩලයේ ඇති ඇතැම් ශාලා
අතිශය ප්‍රාථමික මට්ටමෙහි පවතින බව මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා සඳහන් කරයි.
වැඩිදුරටත් අදහස් දක්වන ඔහු පවසා සිටින්නේ ඇතැම් ශාලාවන්හි වාඩි වී චිත්‍රපටයක්
නැරැඹීම යනු එක්තරා ආකාරයක දුෂ්කර කාර්යයක් බවයි. හරි හැටි ක්‍රියාත්මක නොවන විදුලි
පංකා ඇති මේවාහි චිත්‍රපටයක් නරඹද්දී පිටතින් වාහනවල ශබ්ද පවා ඇසෙන බව ද
මහාචාර්යවරයා සඳහන් කොට සිටියි. මේ තත්ත්වය ගැන නිසි බලධාරින් විසින් සොයා බලා
යහපත් වාතාවරණයක් යටතේ චිත්‍රපට ප්‍රදර්ශක ප්‍රමිතීන්ට අනුකූලව අප රටෙහි ඇති සීමිත
සිනමා ශාලාවන් නව්‍යකරණය කරන මෙන් ඔහු ඉල්ලා සිටියි.
- ප්‍රසාද්
කාසිවත්ත
වැඩ ඇරැඹේ

ජී. නන්දසේනගේ නවතම ටෙලි සිතුම වන කාසිවත්ත හි මූලික වැඩ කටයුතු බොරලැස්ගමුව
පිල්ලෑව පන්සලේදී පැවැති මුහුරත් උලෙළකින් පසුව ආරම්භ කෙරිණ. ක්ලීටස් මෙන්ඩිස්,
ඩබ්ලිව්. ජයසිරි, මැණිකේ අත්තනායක, නයනා කුමාරි, රිතු ආකර්ෂා, පුබුදු චතුරංග, අමිල
අබේසේකර, ජගත් මනුවර්ණ, ශිරන් වික්‍රමසූරිය, සමුද්‍රා හික්කඩුව, සුරේනි සෙනරත්,
ඥාණාංග ගුණවර්ධන, සුනිල් ප්‍රේමකුමාර, සරත් දික්කුඹුර, ප්‍රේමදාස විතානගේ, උපුල්
ගුණවර්ධන, උදය කුමාරි ඇතුළු නළු නිළියන් රැසක් කාසිවත්ත රංගනයෙන් හැඩ කරති.
මෙය චින්තක පීරිස්ගේ තිර රචනයකි. අධ්‍යක්ෂණය මෙන්ම කැමරා අධ්‍යක්ෂණය ද ජී.
නන්දසේනගෙනි. සනීර දිනේෂ් කුමාර අංග රචනයෙන් ද, තුෂාර සම්පත් කුරවිට කලා
අධ්‍යක්ෂණයෙන් ද, ශෙහාන් ඉද්දමල්ගොඩ සහාය අධ්‍යක්ෂණයෙන් ද මෙයට දායක වෙති.
කාසිවත්ත ශ්‍රීනාත් අර්ල් ද සිල්වගේ නිෂ්පාදනයකි. සේයාරුවින් දැක් වෙන්නේ කාසිවත්ත
මුහුරත් උලෙළෙහි අවස්ථාවකි. මෙම අවස්ථාවට අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ද සහභාගි
විය.
- ප්‍රසාද්
කීර්ති ශ්‍රී කරුණාරත්න
මියයයි
රංගන ශිල්පී කීර්ති ශ්‍රී කරුණාරත්න අභාවප්‍රාප්ත විය. කොළඹ සන්නියේ නිර්වස්ත්‍ර
මහත්තයාගේ චරිතයෙන් වඩාත් ප්‍රකට ඔහු චිත්‍රපට ගණනාවකම තම රංගන හැකියාව විදහාලීය.
ඔහු මෙරට ප්‍රමුඛ පෙළේ ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු හැටියට ද සැලකේ.
- ප්‍රසාද්
ප්‍රේමය නම්
ජාත්‍යන්තර උලෙළ තුනක
වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ දෙසොහොයුරන්ගේ කුලුඳුල් සිනමාපටය වූ ප්‍රේමය නම්
සිනමාපටය ජාත්‍යන්තර සිනමා උලෙළයන් ත්‍රිත්වයක තිරගතවීමට නියමිතය. ඒ කොළඹ
ජාත්‍යන්තර සිනමා උලෙළ, ඉන්දියානු අන්තර් ජාතික සිනමා උලෙළ සහ තිවෙන්ද්‍රම් කේරළ
උලෙළයන්හි වේ. ශ්‍යාමි ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, සුරංගා රණවක, විශේෂඥ වෛද්‍ය
සතිස විජේමාන්න මෙහි ප්‍රධාන චරිත මවති.
ප්‍රේමය නම් තිරගතවන ඉන්දියානු සිනමා උලෙළ මෙම මස 20 වැනිදා ඇරැඹෙනු ඇත. කේරළ උලෙළ
ආරම්භ වනුයේ දෙසැම්බර් 02 දා වේ. කොළඹ අන්තර් ජාතික සිනමා උලෙළේ මෙම මස 08 වැනිදා
ප්‍රේමය නම් තිරගත වේ.
- ප්‍රසාද්
සමන් ද සිල්වා
යළිත් විදෙස් සංචාරයක
සමන් ද සිල්වා සිය ඊළඟ විදෙස් සංචාරය සඳහා පසුගියදා මෙරටින් නික්ම ගියේය. ඒ අනුව
මෙම මස 09 වැනිදා ඕමානයේ, 12 වැනිදා කුවේටහීදී සහ 16 වැනිදා සෞදියේදී පැවැත්වෙන
සංගීත ප්‍රසංග සඳහා සමන් සහභාගිවීමට නියමිතය. සංගීත ප්‍රසංග සඳහා වැඩිම වාරයක්
විදෙස් සංචාරයන්ට සහභාගි වූ මෙරට ගායකයා හැටියට ඉතිහාස ගත වන්නේ සමන් වෙයි. ඔහු මේ
වනවිට සහභාගි වී ඇති විදෙස් සංචාර ප්‍රමාණය 182 කි.
- ප්‍රසාද්
සුමිත් රෝහණ අන්දරේට අත තබයි
ලක් ඉතිහාසයේ ඉ තාම සුප්‍රකට චරිතයක් වන අන්දරේගේ ළමා විය පිළිබඳ චිත්‍රපටයක් තැණෙන
බව සරසවියට වාර්තා විය. එය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සුමිත් රෝහණ තිත්තවැල්ගල වේ.
පුංචි අන්දරේ ලෙසට නම් කොට ඇති එය අන්දරේගේ ළමා වියේ සිදු වූ අපූරු සිදුවීම් පෙළක
එකතුවකි. ජනමූලාශ ඇසුරු කර ගනිමින් මහින්ද කුමාර දළුපොත පුංචි අන්දරේ පිටපත රචනා
කරන ලදී.
සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මහේන්ද්‍ර පෙරේරා, ඩබ්ලිව්. ජයසිරි, සුනීතා විමලවීර,
මොරින් චාරුනී, කුමාර සිරිවර්ධන, රංජිත් ජයසේකර ආදීහු මෙය රංගනයෙන් හැඩ කරති.
අශෝක ජයසේකර කැමරා අධ්‍යක්ෂවරයාය. ඩබ්ලිව් රවින්ද්‍රගේ සහාය අධ්‍යක්ෂණයකි. ආචාර්ය
රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂවරයාය. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්න ගීත රචනා
කරයි. නලින් ප්‍රේමතිලක අංග රචනයෙන් ද, වසන්ත පාලි නිෂ්පාදන කළමනාකරණයෙන් ද, ජගත්
වීරතුංග සංස්කරණයෙන් ද පුංචි අන්දරේ සඳහා එක් වෙති.
මෙහි රූගත කිරීම් මහියංගනය සහ මාතලේ ආදී ප්‍රදේශයන්හි සිදුවනු ඇත. පුංචි අන්දරේ
බ්ලූ අයිස් ක්‍රියේෂන් වෙනුවෙන් වෛද්‍ය කුසුම් නිල්නුවන්ගේ නිෂ්පාදනයකි. එය එස්.
එම්. ෆිල්ම්ස් හි ඉදිරිපත් කිරීමකි.
පුංචි අන්දරේ සුමිත්ගේ දෙවැනි චිත්‍රපට අධ්‍යක්ෂණය වන අතර ස්තුතියි නැවත එන්න ඔහුගේ
පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වේ.
- ප්‍රසාද්
මයි නේම් ඉස්
බන්දු
හෙට තිරයට

බන්දු සමරසිංහ ප්‍රථම වතාවට ත්‍රිත්ව චරිත මවන අපූරු සිනමා සිතුවමක් හෙට සිට තිරගත
වීම ඇරැඹෙයි. ඒ මයි නේම් ඉස් බන්දු වේ. සුරංග ද අල්විස්ගේ අධ්‍යක්ෂණයක් වන මයි නේම්
ඉස් බන්දු එම්. පී. අයි. සහ එල්. එෆ්. ඩී. මණ්ඩල එකමුතුවෙන් මෙරට සිනමා ශාලා තිහකදී
තිරගත වේ.
බන්දු සමරසිංහ සමඟ අනූෂා දමයන්ති, රොඩ්නි වර්ණකුල, රොනී ලීච්, රෝයි ද සිල්වා, දමිතා
දළුවඩන, මාක් සැම්සන්, ආරියසේන ගමගේ, ප්‍රේමදාස විතානගේ, තරංති පෙරේරා, දෙනුවන
සේනාධි, විශ්ව ලංකා සහ ඩී. බී. ගංගොඩතැන්න ආදීහු මෙහි රංගන දායකත්වය සපයති.
මෙහි කතාව, දෙබස්, තිර රචනය සුරංග ද අල්විස්ගෙනි. අයෙෂ්මන්ත හෙට්ටිආරච්චිගේ කැමරා
අධ්‍යක්ෂණයකි. ප්‍රවීන් ජයරත්නගේ සංස්කරණයකි. සමන් පද්මකුමාර කලා අධ්‍යක්ෂණයෙන්
දායක විය. චාමර නිරෝෂන්ගේ අංග රචනයකි. කාලිංග ගිහාන් පෙරේරා ශබ්ද පරිපාලකවරයාය.
විශේෂ ප්‍රයෝග සහ සහාය සංස්කරණය රුවන් වීරසිංහගෙනි. නිමිෂාන් වීරක්කොඩි සහ නදීෂ
ඩයස් සහාය අධ්‍යක්ෂවරුන්ය. ජයන්ත දිසානායක, ප්‍රසාද් සුරේඛ නිෂ්පාදන කළමනාකරුවන්ය.
සමන් චන්ද්‍රනාත් වීරසිංහ, චන්ද්‍රදාස ප්‍රනාන්දුගේ ගීත රචනයකි. සරත් ද අල්විස්
සංගීත අධ්‍යක්ෂවරයාය. උරේෂා රවිහාරි, බුද්ධික උෂාන්, රුක්මන් අසිත, උදයංග සුරේෂ්
ගායනයෙන් එක් වූහ. සමන්ත රංග මායාදුන්නගේ සටන් අධ්‍යක්ෂණයකි.
- ප්‍රසාද්
නර්තන පූජා හෙට
කිදෙල්පිටි ප්‍රදේශයේ පැවැත්වෙන දිරිදරු පියස දරුවන්ගේ හා මිරුන්ඩා හේමලතා කලා
ආශ්‍රමය මූලික කරගනිමින් පැවැත්වෙන ‘නර්තන පූජා’ ප්‍රසංගය මේ මස 10 වැනිදා පස්වරු
5.30ට කොළඹ විශාකා විද්‍යාලයීය රඟහලේ දී පැවැත්වෙයි. සෙමෙන් මනස වැඩෙන දරුවන්ගේ
ජීවිතයට ආලෝකයක් රැගෙන ඒමේ අදහසින් හා ඔවුන්ගේ සුබ සාධන අවශ්‍යතා සඳහා සිදු කෙරෙන
මේ ප්‍රසංගයේ දී ප්‍රවීණ නර්තන ශිල්පිනී සන්ධ්‍යා බමුණු විට හා නර්තන ශිල්පිනී
ලක්මිනී විචිත්‍රා, වෛද්‍ය උදුම්බරා සෙව්වන්දි සමඟ ප්‍රවීණ කථක් නර්තන ශිල්පී
තීක්ෂණ ලියනගේ තම හැකියා දැක්විමට නියමිත ය. සෙමෙන් මනස වැඩෙන දරුවන් අතර සිටින එකම
ශිල්පිනියන් දෙදෙනා වන නදිකා සමරකෝන් සහ ධනන්ගී ප්‍රනාන්දු සමඟ නිර්මාල්
ප්‍රදිනාන්දු ද ඇතුළු දිරිදරු පියස දරුවන් රැසක් ද එදිනට ශිල්ප දක්වයි. සංගීතය
චන්දන සේනානායකගෙනි. මේ ප්‍රසංගයට පැමිණ සහභාගි වී ඔවුන්ගේ ජීවිතයට ආලෝකයක් වන්නැයි
සංවිධායක කමිටුව ඔබ සැමට ආරාධනා කර සිටියි.
තිලානි
නිමල් වෙල්ගම මියයයි
ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ හිටපු සංගීත සහ නැටුම් කථිකාචාර්ය නිමල් වෙල්ගම
මහතා අභාවප්‍රාප්ත විය. හොරණ ශ්‍රීපාලි සෞන්දර්ය විද්‍යාලයේ ආරම්භක ශිෂ්‍ය කණ්ඩායමේ
කෙනෙකු වන ඒ මහතා ඉන්දියාවේ ශාන්ති නිකේතනයේ සංගීතය සහ නර්තනය විෂයයන් හදාරා ලංකාවට
පැමිණි ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමේ ද සාමාජිකයෙකි. ඔහු ඒ නිකේතනයෙන් ඉගෙනුම ලැබූ සුනිල්
ශාන්ත සහ ආනන්ද සමරකෝන් ආදීන්ගේ සමකාලීනයෙක් වෙයි. විදුහල් ගණනාවකම සංගීත සහ නර්තන
විෂය භාර ගුරුවරයා ලෙස ද ගිරාගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස ද ඔහු
සේවය කළේය.
විශ්‍රාමික නර්තන කථිකාචාර්ය ලීලා වෙල්ගම මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූ ඒ
මහතා තිදරු පියෙකි. ජන ගී ගායන ශිල්පී සමන් පනාපිටියගේ මාමණ්ඩිය වූ ඒ මහාත මියයනවිට
අනූ අටවැනි වියෙහි පසු විය.
වෙල්ගම මහතාගේ අවසන් කටයුතු පසුගියදා හොරණදී සිදු කෙරිණි.
ප්‍රසාද්
|