වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

තෙලි තුඩක අසිරිය

සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා ගේ රූපකාය චිත්‍රයට නැඟීමට ලැබීම මා ලැබූ භාග්‍යයකි.
 

ඊ. ඩී. ජයසිංහ

නැලිගම, රාගම

එකම මුහුණු ඇයි මේ...

ජාතික නාළිකාවේ රාත්‍රි 7.30 ට විකාශය වන ‘දියණියෝ’ හා ස්වාධීන රූපවාහිනියේ රාත්‍රි 7.30 ට විකාශය වන ‘කුටු කුටු මාමා’ යන ටෙලි නාට්‍ය දෙකේම නළු නිළියන් එකම අයයි. ලංකාවේ ටෙලි නාට්‍ය සඳහා මීට වඩා දක්‍ෂ නළු නිළියන්ගේ අඩුවක් තිබෙන නිසාද එකම මුහුණු නාට්‍ය දෙකේම පේන්න තියෙන්නේ.
 

අයිලීන් සේවිස්

වැලිසර, රාගම
 

දෙරණට දහයයි කදිමයි...

දෙරණ නාළිකාවට වසර දහයක් පිරීම නිමිත්තෙන් තිළිණ කළ ‘දෙරණට තාම දහයයි’ සංගීතමය වැඩසටහන කදිමයි. මෙවැනි වැඩසටහනක් ප්‍රේක්‍ෂක අපට තිළිණ කර අප සතුටු සයුරේ ගිල්වූ දෙරණට විශේෂ ස්තුතිය පුද කරමු.
 

දිනේෂ් ගුණසේකර

මාතර

ඩබල් සෙන්චරියට වාසනා...

ගායක සමන් ද සිල්වා 170 වෙනි වරටත් විදේශ සංචාරයෙහි යෙදී වාර්තාවක් තැබීම විරල දෙයකි. ඔහුට ඉදිරියේ දී විදේශ සංචාර 200 කට සහභාගී වී ඩබල් සෙන්චරි ගැසීමට වාසනාව උදාවේවායි ප්‍රාර්ථනා කරමි.
 

චන්ද්‍රසිරි මානවඩු

කෙරමිණිය, අම්බලන්ගොඩ

සරත්ට ඉක්මන් සුව...

සිංහල සිනමාවේ දක්‍ෂ සටන් අධ්‍යක්‍වරයකු, නළුවකු වූ දැනට රෝගාතුරව සිටින සරත් සිල්වා (බල්ටි සරත්)ට ඉක්මන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
 

ඇන්. ටී. උපනන්ද

පරණ පාර හංදිය, මුල්ලේරියාව උතුර

ගී රස බෙදන්නට තව කල් වැජඹේවා

අපට ගීත රස විඳින්නට මුලින්ම සැලැස්වූයේ වෙළෙඳ සේවයයි. එදා සිට ප්‍රචාරය වූ තැටිවල මුල් ගීත ඒ අයුරින්ම රස විඳිය හැකි එකම ආයතනයත් එයයි. අවුරුදු 65 සපුරණ මේ මොහොතේ ඉන් 45 වසරක් එය හා අඛණ්ඩව බැඳී සිටින මා එහි අනගි රසිකයෙකි. තවත් බොහෝ කලක් එහි රසාස්වාදය ලබන්නට වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
 

අජිත් ජෝතිය කරසිංහ

මත්තෙගොඩ

මා දුටු යශෝධා

මම එදා කලාභවන ට ගියේ බන්දුල විතානගේ මහතාට අවසන් ගෞරවය දක්වන අටියෙනි. මා කලාභවනට ඇතුළුවන විට ‘ආයුබෝවන්’ කියා මා පිළිගත්තේ යශෝධා විමලධර්ම නම් රංගන ශිල්පිනියයි. නිසලව උඩුකුරුව සයනය කරන බන්දුල විතානගේ ශිල්පියාගේ දේහය අසලට ඇය මා සමඟ පියමැන්නා. දේහයට අවසන් ගෞරවය දක්වා මා කලාභවනේ අයිනකට වී කල්පනාවට වැටුණා. ඒ සමාජයේ යශෝධා ගැන මට ඇසෙන කතා ගැනයි. ඇය ආඩම්බරයි, සැර පරුෂයි වැනි දෑ. සැබැවින්ම එය මිත්‍යා මතයකි. මා දුටු යශෝධා විමලධර්ම බුද්ධිමත්, නිහතමානී තවත් එක් යුවතියකි. ඇත්තටම එය සත්‍යයකි.
 

වික්ටර් අහංගම

නායක, දේශප්‍රේමී ජනතා ව්‍යාපාර

රිදී තිරය ඔප කළ අපේ මිහිරාවී

හෙළ සිනමාවේ නිළි රැජන රුක්මණී දේවිය ජීවිත සිනමාවෙන් සමුගෙන ඔක්තොබර් 28 වැනි දිනට වසර 37 ක් සපිරිණි. කඩවුණු පොරොන්දුවෙන් ඇරඹි ඇයගේ සිනමා ගමන අවසන් වූයේ විශාල චිත්‍රපට සංඛ්‍යාවක රඟපෑමෙනි. ගායනයෙන්ද රංගනයෙන්ද සිය ප්‍රතිභාව ප්‍රකට කළ ඇය කලාතුරකින් දැයට පහළ වන සුවිශේෂී ශිල්පිනියකි. රුක්මණී දේවී නාමය අදත්, හෙටත්, මතුවටත් මේ දෙරණ තුළ අමරණීයව පවතිනු නිසැකය. ‘රිදී තිරය ඔප කළ අපෙ මිහිරාවී. සිහිපත් කරමු අපි ඔබ රුක්මණි දේවී’
 

බදුල්ල, කන්දෙ ගෙදර

කිත්සිරි ගුණසේන

කොළොන්නාවේ විජේසිරි

මග්ගොන, මුංහේනේ,

එච්. ඩී. වසන්ත කුමාර

මුල්ලේරියාව නව නගරයේ,

එන්. ටී. උපනන්ද

අත්තනගල්ලේ, විමලසේන හපුතන්ත්‍රී

කැටපල, සමන් ගාල්ලගේ

එදත්, අදත්, හෙටත් ඔබයි විකට රජා

හැත්තෑව දශකයේ මුල් භාගයේ ජෝ දේව් ආනන්දගේ චිත්‍රපට තුළින් ඉතාමත් ජනපි‍්‍රය වී චිත්‍රපට සිය ගණනක රඟපෑ ෆ්‍රෙඩී සිල්වා විකට රජා අපෙන් සමුගෙන ඔක්තෝබර් 29 වැන් දිනට වසර දාහතරකි. එදත් අදත් මතුවටත් අපේ විකට රජා ඔබයි. ‘ෆ්‍රෙඩී කියන ඔය ලස්සන අකුරු දෙක සැමදා බැබළේවා මුතු ඇටය තුළ’.
 

සරත් සේනාධීර

කලඑළිය, ජා ඇල

තවමත් ඔබ අප මනසේ...

එදා ධීවරයෝ චිත්‍රපටයේ රැඟුමෙන් හා වැයුමෙන් ඔබ ඉදිරිපත් කළ හාස්‍යමය රංගනය තවමත් අප මනසේ තැන්පත්ව පවතී. ක්‍රිස්ටි ලෙනාඩ් රංගවේදියාණෙනි, ඔබට මොක් සුව පතමු.
 

සරත් රණසිංහ

කපුගොඩ, මාළිඳ
 

ක්‍රිස්ටි ඔබට, යහපත් ආත්මයක්...

රංගනයෙන් ගායනයෙන් රසික සිත් සතන් පිනවූ ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරාගේ අභාවය ගැන අවංකවම කනගාටු වෙමි. ඔබට යහපත් ආත්මයක් ලැබේවා.
 

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩමුල්ල, කොටුගොඩ

ඔබගේ නික්ම යෑම සිනමාවට හිස් තැනක්...

කුල්ලෙන් පොලා පොලා, අම්මා කියා කියත හැකී එකම ළඳකටයි රසබර ගීතවලින් රසිකයන් සනසාලූ ද වරද කාගෙද, සිනමා සිත්තමෙන් සිනමාවට පිවිස රදළ පිළිරුව, සුකුමලී, අල්ලපු ගෙදර, චණ්ඩියා, බංඩා නගරයට පැමිණීම, හොඳම වෙලාව ඇතුළු චිත්‍රපට රාශියකට දායක වෙමින් රසිකයන් අතර සදා නොමියෙන රංගනයක යෙදුන අද නිහඬ ගමනක යෙදෙන ක්‍රිස්ටි ලෙනාඩ් රංගවේදියණෙනි ‘ජීවිතය මේ යැයි අපට පාඩමක් කියා දෙමින් ඔබගේ නික්ම යෑම සිනමාවට හිස්තැනක් එක් කළේය. ඔබට මොක් සුව පතමු.
 

චන්ද්‍රකාන්ති පියතුංග

කැලණිය

පැසසුම් කටයුත්තක්...

රුක්මණී දේවිය ගේ තිස්හත් වැනි ගුණානුස්මරණය සිහි ගන්වමින් සිරිලක එක්සත් කලා සන්ධානය මඟින් සුනිල් හෙට්ටිආරච්චි රංගනවේදියා වෙනුවෙන් මූල්‍යමය පරිත්‍යාගයක් කිරීම පැසසුමට කරුණකි.
 

දයාරත්න ගනේගොඩ

කැලණිය

ලස්සන අනාගතයක්, ඉදිරියටම යන්න

‘සාරා’ ටෙලි සිතුවම නරඹද්දී අනාගතයේ දක්‍ෂ නළුවකු වේයැයි සිතූ පුබුදු චතුරංග, අද ඔබ ඉතා වටිනා තත්ත්වයකට තම රංගනය දියුණු කරගත් උත්සාහවන්ත නළුවකු වී හමරයි. එකිනෙකට වෙනස් චරිත මනා සංයමයකින් යුතුව, ඒ සෑම චරිතයක්ම නරඹන අපට දැනෙනා ලෙස හසුරුවයි. ‘ප්‍රවේගයේ’ චරිතයත් ‘වන්වේ’ චරිතයත් එයට උදාහරණයකි. ඔබට ලස්සන අනාගතයක් ඇති බව පෙනේ. ඉදිරියටම යන්න පුබුදු.
 

සුසිලා පතිරාජ

ප්‍රබුදුගම, උස්වැටකෙයියාව

S.M.S.

ස්වර්ණවාහිනියේ ‘මීදුම් අම්මා’ ටෙලි නාට්‍යයේ හේමසිරි ලියනගේ ගේ රඟපෑම් විශිෂ්ටයි.
 

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

ලැන්ටිං සිංඤඤා චිත්‍රපටයේ රෝමියෝ ලෙස රඟන යොවුන් රංගන ශිල්පී ඉන්දික දේශපි‍්‍රය ට කලා ලොවේ දිගු ගමනක් යාමට හදපිරි සුබපැතුම්.
 

විරාජ් හර්ෂනාත බණ්ඩාර

නිකවැරටිය

හිරු නාළිකාව අපරාධ මැඬලීම සඳහා ඉදිරිපත් කරන C. I. A. වැඩසටහනට සහ කාර්ය මණ්ඩලයට තුති.
 

සී. ඒ. පී.

ගාල්ල

රදළ පිළිරුව, සුකුමලී, අල්ලපු ගෙදර, ධීවරයෝ සිනහවෙන් පිරවූ ක්‍රිස්ටි ලෙනාඩ්, ඔබේ වියෝව දරාගත නොහැකියි.
 

ගාමිණී මහබාලගේ

පිලියන්දල

දීපිකා පි‍්‍රයදර්ශනී ඔබ අපේ සංගීත ලෝකයේ කඳුළු බිංදුව, කවිය, සරෝජාවිය. ඔබගේ අලුත් නිර්මාණ රස විඳීමට අපි බලා සිටිමු. ඇයි ඔබ නිහඬ.
 

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

ගුවන් විදුලි චිත්‍රපට පසුබිම් ගායක, නළු ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා සමුගෙන ගියද ප්‍රේක්‍ෂක හදවත් තුළ සැමදා සිටිනවා.


(නම සඳහන් වී නොමැති)

ජෝදා අක්බර් ටෙලි නාට්‍යයේ ජෝදා සහ ජලාල් ගේ රංගනය අති විශිෂ්ටයි.
 

කෞෂල්‍යා සංදීපනී

කුලියාපිටිය