|
|
දැනුමට අත්වැලක්
නන්දා මේ දිනවල සංගීත ආශ්‍රමයට නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් බඳවා ගන්නවාලු. අවුරුදු 8 සිට 12 දක්වා වයස් කාණ්ඩවල දරු දැරියන්ට විශේෂිත වූ මූලික ස්වර අභ්‍යාස සහිත මධුර ගීත මාලාවක් මඟින් ඔවුන්ගේ කටහඬ පුහුණුව ලබා දෙනවාලු. ඒ වගේම වයස අවුරුදු 12 සිට 15 දක්වා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාසල් විෂය මාලාවට සම්බන්ධ කෙරුණු සංගීතමය ඥානය මෙහිදී ලබාදීමට නියමිතයි. 'නන්දා මාලිනී සංගීත ආශ්‍රමය, අංක 30, විජයබා මාවත, නාවල පාර, නුගේගොඩ' යන ලිපිනයෙන් මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකියි. මෙම මස 30 වැනිදාට පෙරතුව එම ලිපිනයට තමා විසින් සකස් කළ අයැදුම්පතක් එවීමෙන් සංගීත ආශ්‍රමයට එකතුවීමට පුළුවන්. |



තමන් එක් රැස් කර ගත් දැනුම තවත් පරපුරකට බෙදා දෙන ආදරණීය සංගීත ආචාර්යවරියක ලෙස
විශාරද නන්දා මාලිනීව හඳුන්වා දෙන්න පුළුවන්. ඇය සිය නිවසේ පවත්වාගෙන යනු ලබන සංගීත
ආශ්‍රමය මඟින් ගෝල බාලයන් රැසක් ක්ෂේත්‍රයට දායාද කළා.
ඒ අතරින් ජනප්‍රිය තරු කිහිප
පොළක් ද සිටිනවා. ඇතැම් නවක ගායක ගායිකාවන් අපේ සරසවිය පුවත්පතෙහි ලිපියක් සටහන් කර
ගන්නට ආව ගිය මොහොතවල්වලදී තමන් ඉගෙන ගත්තේ නන්දා මාලිනී මිස් ගාව කියලා කියන්නේ
හරිම ආඩම්බරයෙන්.