වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




කාටවත් නොකීවාට වැඩේ සාර්ථකයි

කාටවත් නොකීවාට වැඩේ සාර්ථකයි

නව පරපුරේ ගායක රොමේෂ් සුගතපාල ජොලියට වගේ පොඩි වැඩක් කරලා. තමන් උපන් ගම වන මහනුවරදී තමයි මේ කටයුත්ත සිදු කරලා තියෙන්නේ. ඒක ඒක පුද්ගල ප්‍රසංගයක්. දිගු දෑස ලෙසට තමයි එය නම් කරලා තියෙන්නේ. මේ යෝධයා දිගු දෑස ප්‍රසංගය සංවිධානය කරලා තියෙන්නේ වැඩියේ කාටවත් කියන්නේ නැතුව. අඩුම තරමේ මාධ්‍යයටවත් දැන්නුවේ නැහැ. රොමේෂ් එහෙම කරලා තියෙන්නේ මේ ප්‍රසංගයේ සාර්ථක අසාර්ථකත්වය තීරණය කරන්න බැරුව.

හැබැයි රොමේෂ්ට හිතාගන්නවත් නොහැකි අන්දමට ප්‍රසංගය අතිශය සාර්ථක වුණාලු. නුවර කිංස්වුඩ් විද්‍යාලය, ඒ කියන්නේ රොමේෂ් ඉගෙන ගත්තු විද්‍යාලයේ තමයි දිගු දෑස පවත්වලා තියෙන්නේ. ප්‍රසංගයෙන් පසුව රොමේෂ් ෆෝම් වෙලා. දැන් දිගු දෑස ප්‍රසංග මාලාවක් ලෙස රට වටා පවත්වන්න හිතාගෙන ඉන්නවලු.

ඒ වගේම තමන්ටම කියලා ජනප්‍රිය ගීත 15 කට වඩා තියෙන බව රොමේෂ් හරියටම දැනගෙන තියෙන්නේ එදා. දැන් මේ රොමේෂ් ලක ගැහැස්ති වෙන්නේ ඊළඟ ප්‍රසංගය කොළඹ පවත්වන්න. රොමේෂ් පහුගිය කාල වකවානුවේ ගැයුවෙම විරහ ගීත. ආයේ සින්දුවක් කරද්දී නැගලා යන එකක් කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමැතියි.