වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




මට ඕනෑ චරිතාංග නළුවෙක් වෙන්න
ලැන්ටිං සිඤ්ඤොා් සමඟ එන අලුත්ම නළුවා

මට ඕනෑ චරිතාංග නළුවෙක් වෙන්න

හාසේ‍යීත්පාදක චිත්‍රපට කලාවේ අලුත්ම පෙරළිය ලැන්ටින් සිංඤෝ චිත්‍රපටයයි. එහි ජුලියට්ගේ සදාදරණීය ප්‍රේමවන්ත රෝමියෝ ඔහුයි. සිංහල සිනමාවට එක්වන මේ අලුත්ම රෝමියෝ කවුදැයි දැනගන්නට අපි ඔහු සමඟ කතා කළෙමු.

හා... හා... පුරා කියලා සිනමාවට එක්වන ඔබගේ තොරතුරු ටිකක් කියන්නකො?

මම ඉන්දික දේශප්‍රිය. පාදුක්ක සිරි පියරතන මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවේ. හෝමාගම තමයි ජීවත් වෙන්නේ.

රංගනයට දායක වෙන්න අවස්ථාව ලැබුණේ?

ඇත්තටම ඒක අහම්බයක්. දවසක් මම ගමනක් යන්න බස් හෝල්්ට් එකට වෙලා හිටියා. එතැන කෙනෙක් මං දිහා උනන්දුවෙන් බලනවා දැක්කා. බස් එකට නැග්ගට පස්සේ මේ පුද්ගලයා මගේ දුරකථන අංකය ඉල්ල ගත්තා. පහුවදාම ඔහු මට කතා කළා. ඔහු තමයි ලයනල් ගුණරත්න. කලා ක්ෂේත්‍රයට ප්‍රවේශ වෙන්න මූලික අඩිතාලම දැම්මේ ඔහුයි. හැබැයි චිත්‍රපටයට සම්බන්ධ වෙන්න පෙර මියුසික් වීඩියෝ කිහිපයකට සහභාගි වුණා.

ඔබේ ප්‍රථම සිනමා අත්දැකීම ඔබට දැනෙන්නේ කොහොමද?

ලොකු චකිතයකින් තමයි මම මීට සහභාගි වුණේ. නමුත් ප්‍රවීණ රංගන ශිල්පීන් රැසක් එක්ක වැඩ කරන්න ලැබීම නිසා ලොකු අත්දැකීමක් ලබා ගත්තා. ඒ සෙට් එකේ හිටිය කෝඩුකාරයා මම.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ අනුර මහේන්ද්‍ර, තිර පිටපත කේ. ඩී. නිකලස් මහතාගෙන්. ඇත්තටම ලැන්ටින් සිංඤෝ චිත්‍රපටයේ රෝමියෝගේ චරිතයෙන් මාව නිර්මාණය කළේ ඔහු. නමුත් චිත්‍රපටය තිරගතවීමටත් පෙර ඔහු අපෙන් සමු ගත්තා.

ප්‍රවීණයන් රැසක් දායක වුණු මේ චිත්‍රපටය ඔබට අත්දැකීම් රැසක් ලැබෙන්න ඇති?

මං හිතන්නේ ලැන්ටින් සිංඤෝ චිත්‍රපටයට ප්‍රවීණයන් තිහකට ආසන්න සංඛ්‍යාවක් රංගනයෙන් දායක වුණා. විමල් කුමාර ද කොස්තා, මානෙල් වානගුරු, කුමාර තිරිමාදුර, ආනන්ද වික්‍රමගේ, දිල්හානි අශෝකමාලා, මැණිකේ අත්තනායක ඉන් කිහිප දෙනෙක්. ඇත්තටම පළමු නිර්මාණයේදීම ක්ෂේත්‍රයේ දැවැන්තයින් රැසක් සමඟ රංගනයේ යෙදෙන්න ලැබීම භාග්‍යයක්.

මෙය හාසේ‍යීත්පාදක චිත්‍රපටයක් වුණත් මට නම් හරිම සීරියස් විදිහට තමයි මෙය දැනුණේ. ඇත්තටම රංගනයට ආවට පස්සේ කිසිම කෙනෙක් ජංගම දුරකථන භාවිත කළේ නැහැ. ඒ වගේම ප්‍රවීණ නළු විමල් කුමාර ද කොස්තා ෂූටින් පැකප් කියනකම් චරිතයෙන් මිදෙන්නේ නැහැ. ඇත්තටම මේ වගේ අත්දැකීම රැසක් ලබා ගත්තා.

ඔබේ රංගනය සිනමාවට පමණක් සීමා වෙයිද?

එහෙම වෙන්නේ නැහැ. මොකද මම මේ ක්ෂේත්‍රයේ තාම බිම් මට්ටමේ ඉන්නේ. ඉගෙන ගන්න දේවල් බොහොමයක් තියෙනවා. මේ වෙද්දිත් ටෙලි නාට්‍ය දෙකක වැඩ කටයුතුවලට සහභාගි වුණා. ඒ සුදත්ත තිලකසිරිගේ සඳදියවර ටෙලි නාට්‍යයට සහ නාලක විතානගේ මහතාගේ ටෙලි නාට්‍යයකට. ඇත්තටම වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්නත් ලොකු කැමැත්තක් තියෙනවා. හැබැයි වේදිකාවට මම ආසයි බයයි. මොකද ලොකු කැප කිරීමක් කරන්න ඕනෑ. කලා රසාංගයක් විදිහට තමයි වේදිකාව මට දැනෙන්නේ. හැබැයි සිනමාව සමඟ තමයි වැඩිපුර රැඳෙන්න කැමති.

චිත්‍රපටයේ ඔබේ පෙම්වතිය විදියට රඟන්නේ ශනුද්‍රි. කොහොමද ඇගෙන් ලැබුණු සහයෝගය?

ඇගේ චරිතය ජුලියට්. ඇත්තටම ඇයට පුංචි කාලේ ඉඳන්ම කලා ක්ෂේත්‍රයේ අත්දැකීම් තියෙනවා. රොමියෝ චරිතයට සාර්ථකව පිවිසෙන්න ශනුගෙන් ලොකු සපෝට් එකක් ලැබුණා.

කොහොමද රෝමියෝ චරිතයට මග තොටේ ලැබෙන ප්‍රතිචාර?

ප්‍රතිචාර හොඳයි. පවුලේ අයගෙන් වගේම යහලුවන්ගෙනුත් ගුණදොස් දෙකම අහන්න ලැබෙනවා. රංගනයේ ඉදිරියට යන්න නම් මේ ප්‍රතිචාර අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. අඩුපාඩු හදාගෙන චරිතාංග නළුවෙක් ලෙස ඉදිරියට යන එක තමයි මගේ බලාපොරොත්තුව.

ඔබේ ගමනට සහාය දක්වපු අයට තුති පුදන්න මේ හොඳම වෙලාව?

මාව මේ ක්ෂේත්‍රයට හඳුන්වා දුන් ලයනල් ගුණරත්න මහතාට ප්‍රථමයෙන් ස්තූතිය පුද කරන්න ඕනෑ. ඒ වගේම ශෂික අයියා ඇතුලු සරසවි චිත්‍රාගාරයේ සියලුම ශිල්පීන්ටත් ස්තූති කරනවා. ඒ වගේම මගේ පවුලේ සියලු දෙනාත් මේ වෙලාවේ මතක් කරනවා. ඔහුගේ ලිපිනය -

27/5/බී, හතරවන පටුමග, හේනවත්ත, මීගොඩ.