වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




NEWS

රුක්මණී ගුණානුස්මරණ දිව්‍ය පූජාවක්

රුක්මණී දේවියගේ තිස් හත් වැනි ගුණඅනුස්මරණය නිමිති කර ගනිමින් ඇය වෙනුවෙන් විශේෂ දිව්‍ය පූජාවක් මෙම මස 28 වැනිදා එනම් එන බදාදා සවස 2.30 ට මරදාන ෆාතිමා දේවස්ථානයේදී පැවැත් වේ. ගරු ඇන්ජලෝ විජේවික්‍රම පියතුමා විසින් එම පූජාව සිදු කරන අතර එයට සහභාගි වන්නට යැයි රුක්මණීට ළැදි සියලු දෙනාට විවෘත ආරාධනාවක් දිව්‍ය ප්‍රජාව සංවිධානය කරන රුක්මණී දේවි අනුස්මරණ සංගමය වෙනුවෙන් සෑම් පෙරේරා, ඇනෙස්ටා මර්සලීන් සහ හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් ඉල්ලා සිටියි.

රුක්මණිය සිහි කොට සුනිල් හෙට්ටිආරච්චිට උපහාර.

රුක්මණී දේවියගේ තිස් හත් වැනි ගුණඅනුස්මරණය සිහි කරමින් ඇය වෙනුවෙන් උපහාර උලෙළක් සහ මැවිලා පෙනේවි රූපේ නමින් ගී ප්‍රසංගයක් මෙම මස 28 වැනිදා එනම් එන බදාදා දින සවස මරදාන ටවර් රංග ශාලාවේදී පැවැත්වේ. මෙහිදී මේ වන විට ගිලන්ව සිටින සුනිල් හෙට්ටිආරච්චි කලාකරුවා වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුල්‍යමය පරිත්‍යාගයක් ද සිදු කරනු ලබයි. මෙය සිරිලක එක්සත් කලා සන්ධානයේ සංවිධානයකි.

ශාන්ත බෙනඩික්ට් 150 දී අපුරු සිදුවීමක්

මේ සිදුවීම සිදු වන්නෙ හරියටම අදින් වසර විසි නවයකට පෙර. එම වසරේ සරසවිය සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවා වුණේ රවීන්ද්‍ර රන්දෙණිය. ජනපි‍්‍රයම නළුවා විජය කුමාරතුංග. මේ දෙන්නා වෙනවෙන් ඔවුන් ඉගෙන ගත් පාසල වන කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයෙන් උපහාර උළෙලක් පැවැත්වුණා. එය සංවිධානය කොට තිබුණේ විද්‍යාලයේ සිංහල සාහිත්‍ය සමිතිය මඟින්. එහි සාමාජිකත්වය දැරු ධර්මජිත් පුනර්ජීව නම්වූ කෙනකු සිටියා. ඔහු එදා විද්‍යාලයේ පැවැති තරගාවලියක් ජයග්‍රහණය කොට තිළිණ ලැබුවා. ඒ රවීන්ද්‍ර රන්දෙණියගේ සුරතින්. එදා තමයි විද්‍යාලයේ විවෘත වේදිකාවද විවෘත වුණෙ. මේ වසර වනවිට එම සිදුවීමට වසර විසි නවයකට පසු එම වේදිකාවෙම රවීන්ද්‍ර රන්දෙණිය උපහාර තිළිණ ලැබුවා. ඒ බෙනඩික්ට් විද්‍යාලයට වසර 150 සපිරිම නිමිති කරගනිමින් එහි ආදි සිසුවන් වූ කලාකරුවරුන්ට උපහාරයන් පුදදුන් උත්සවයේදී ධර්මජිත් ද එම උපහාරයන්ට උරුමකම් කීවා. මහා නළු රවීන්ද්‍ර රන්දෙණිය සහ ධර්මජිත් එකම වේදිකාවේදියි එලෙස උපහාර ලැබුවේ. ධර්මජිත්ව එදින අගයන්නට විශේෂ හේතුවක් වුණේ ඔහු විසින් රචනා කළ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා පිළිබඳ පළ කළ ප්‍රාග්ධනය ග්‍රන්ථයයි.

සක්කාරං කැනඩාවේ

ආචාර්ය ධර්මසේන පතිරාජගේ නවතම සිනමා නිර්මාණය වූ 'සක්කාරං' පසුගිය ඔක්තෝබර් 17 සහ 18 ඉරිදා කැනඩාවේ ටොරොන්ටෝ ඒඪඡඪධද ඛ්ඪදඥථච හි සාර්ථකව තිරගත විය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය විද්‍යාර්ථීන්ගේ සංගමය ඉදිරිපත් කළ මේ චිත්‍රපටයේ නිෂ්පාදක එච්. ඩී. ප්‍රේමසිරිය. චම්මින්ද වෙලගෙදරගේ සම්මානනීය නවකතාව ඇසුරෙන් ඔහු විසින්ම තිර නාටකය ලියූ මේ චිත්‍රපටයේ බිමල් ජයකොඩි, ප්‍රසාදිනි අපත්තු, ගයාන් වික්‍රමතිලක, පුබුදු චතුරංග, සිරිල් වික්‍රමගේ, සරත් කොතලාවල, ඩබ්ලිව්. ජයසිරි, අනුර බණ්ඩාර රාජගුරු, නීටා ප්‍රනාන්දු, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස් රඟපාති.

ඩොනල්ඩ් කරුණාරත්න කැමරාව මෙහෙය වූ මේ චිත්‍රපටයේ, සංගීත නිර්මාණය නදීක ගුරුගේගෙනි. එල්මෝ හැලිඩේ සංස්කරණ ශිල්පියාය.

මෙරට ජ්‍යේෂ්ඨතම සිනමා නිළිය මියයයි

මෙරට ප්‍රථම කතානාද සිනමා සිතුවම වන කඩවුණු පොරොන්දුව සඳහා සම්බන්ධ වුණු කලාකරුවන් අතරින් ජීවතුන් අතර සිටි අවසන් තැනැත්තිය වන ඇස්ලින් බාලසූරිය අභාවප්‍රාප්ත විය. මිය යන විට ඇයගේ වයස අවුරුදු 89 කි. 1926 දී උපත ලද ඇය බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන්ගේ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ සාමාජිකාවකි. අනතුරුව කඩවුණු පොරොන්දුවට එක්වන ඇස්ලින් එහි රංගනයේ යෙදෙනු ලැබුවේ රුක්මණී දේවියගේ මවගේ චරිතයයි. පසුකාලීනව වැරදුණු කුරුමානම, සැඟවුණු පිළිතුර ආදී චිත්‍රපටවලට එක්වන ඇයගේ නැගණිය වන එව්ලින් බාලසූරිය ද රංගන ශිල්පිණියකි. (ඇය ද කඩවුණු පොරොන්දුවෙහි රඟපෑවාය).

ඇස්ලින්ගේ අවසන් කටයුතු පසුගියදා ගාල්ලේ දඩල්ලේදී සිදු විය.

ධර්මපාල ගුණසමරු තැටියක් නොමිලේ

අනගාරික ධර්මපාලතුමාගේ එකසිය පණස් එක්වැනි ගුණ අනුස්මරණය නිමිතිකර ගනිමින් රංජිත් පීරිස් (මැජික් සීයා) විසින් නිර්මාණය කළ ධර්මපාලතුමන්ගේ ගුණකථනය ඇතුළත් සංයුක්ත තැටියක් පසුගියදා නිකුත් විය. එය ධර්මපාලතුමන්ගේ ශ්‍රේෂ්ඨ කියමන් වලින් සමන්විත වේ. මෙහි කාව්‍ය රචනා විමල් රූබසිංහගෙනි. කවි, විරිඳු, ගීත ගායනය සහ කතා පිටපත රංජිත් පීරිස් ගෙනි. රෝහිණී පීරිස් පසුබිම් කථනයෙන් සහ රෝහිත් පීරිස් පසුබිම් සංගීතයෙන් මේ සඳහා එක්ව තිබේ. ධර්මපාල ගුණසැමරුම් සංයුක්ත තැටිය එක්වින් පීරිස්ගේ නිර්මාණයකි. 0112652661 යන අංකයට ඇමතීමෙන් මෙය නොමිලයේ ලබාගත හැකිය.

සුනිල් සාන්තයන්ගේ සියවැනි ජන්ම දිනය සමරයි

2015 වසරට යෙදෙන සංගීතවේදී සුනිල් සාන්තයන්ගේ සියවැනි ජන්ම සැමරුම නිමිතිකර ගනිමින් ඔහු කළ විසල් මෙහෙය පිළිබඳ ‘සියවසට ගුරු දෙවි සුනිල් සාන්ත - අභිනව සංගීත සම්ප්‍රදායක පුරෝගාමියා’ යන තේමාව යටතේ පැවැත්වෙන ඇගයුම් සම්මන්ත්‍රණයක් මේ මස 24 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 4.30 දක්වා කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවට අනන්‍ය සංගීත ආරකට පදනම දැමූ සුනිල් සාන්තයන් දැයට දායාද කරන ලද සංගීතමය, සාහිත්‍යමය, ප්‍රතිපත්තමය, විශිෂ්ට සේවාව යළි ආවර්ජනය කරමින් ඒ පිළිබඳ විශ්වවිද්‍යාල හා පාසල් සිසු - සිසුවියන්, ගුරුභවතුන්, විද්වතුන් මෙන්ම වත්මන් පරපුරේ රසිකයන්ගේ හදවතේ දැනුවත් බවක් ඇති කිරීම මේ සම්මන්ත්‍රණයේ මූලික අරමුණ වෙයි. එහිදි මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ජයන්ත අමරසිංහ, සංගීතවේදී හර්ෂ මාකලන්ද, සංගීතවේදී නදීක ගුරුගේ, මහාචාර්ය සරච්චන්ද්‍රජීව, මහාචාර්ය කොලිතභානු දිසානායක, වෛද්‍ය රැවන් ඒකනායක, මහාචාර්ය වෝල්ටර් මාරසිංහ, යන විද්වත්හු දේශන පවත්වති. ගැයුම් අයිවෝ ඩෙනිස් ඇතුළු පිරිසගෙනි. යථෝක්ත සියලු දේශන සහ සුනිල් සාන්ත පිළිබඳ වැදගත් ලිපි අඩංගු ග්‍රන්ථයක් සහභාගි වන සැමට ප්‍රදානය කිරීමට නියමිත අතර මේ සම්මන්ත්‍රණය ඹඹඹ.ඵභදඪතඵදබඩච.ධපඨ යන වෙබ් අඩවිය ඔස්සේ එදින විසුරුවා හැරීමට නියමිත ය. සම්මන්තුණය අවසානය දක්වා රැඳී සිටින්නන්ට සුනිල් සාන්තගේ ‘ආසිරි වේ ලංකා’ සංයුක්ත තැටියක් ද තෑගි ලැබෙයි.