වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




දීපිකාගේ අමාරුම රංගනය

දීපිකාගේ අමාරුම රංගනය

දීපිකා පදුකෝන් තම රංගන ජිවිතයේ අමාරුම චරිතය නිරූපණය කරලා. ඇය කියන්නේ බජිරාඕ මස්තානි චිත්‍රපටයේ කළ රංගනය තම වෘත්තීය ජීවිතයේ කළ අමාරුම රංගනය කියලයි. සන්ජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ බජිරාඕ මස්තානි චිත්‍රපටයේ දීපිකා සමඟින් රන්වීර් සහ ප්‍රියංකා චොප්රා රංගනයෙන් දායක වෙනවා.

මාරත අධිරාජ්‍යයේ පළමු බජිරාඕ වන පේෂ්වා අධිරාජ්‍යයා සහ ඔහුගේ දෙවැනි බිරියගේ ආදර කතාව ගෙන එන මෙහි දීපිකා පණ පොවන්නේ සටනෙහි දස්කම් දක්වන දෙවැනි බිරියගේ චරිතයටයි. ප්‍රියංකා පළමු බිරිය වන කෂිබායිගේ චරිතයට පණ පොවනවා.

මෙම නිර්මාණය පුරා අධ්‍යක්ෂ සන්ජේ ලීලා බන්සාලි නළු නිළියන්ගේ රංගනයන් නියමාකාරයෙන් ගැනීමට මහත් පරිශ්‍රමයක් දරලා. දීපිකා නම් කියන්නේ බජිරාඕ හි රංගනය තමන්ට කායිකව මෙන්ම මානසිකවත් ඉතාම අපහසු කාර්යයක් වූ බවයි.