|
කරිෂ්මා ගැන අලුත් තොරතුරු
කරිෂ්මා කපූර් අනූව දශකයේ සිනමාව බැබළවූවත් විවාහයෙන් පසුව සිනමාවෙන් දුරස් වුණේ ආදරණීය පවුලට සිය ජීවිතයේ මුල් තැන දෙන්නයි. නමුත් ඇය කවදාවත් සිනමාවෙන් සමු ගත්නා බව නම් ප්‍රකාශ කළේ නැහැ. ඒ නිසා කරිෂ්මාට තවමත් බොලිවුඩ් සිනමාවේ දොරටු විවෘතයි. නමුත් කරිෂ්මා නම් කියන්නේ ඇයගේ ජීවිතයේ මුල් තැන හිමි වන්නේ දියණිය සමීරා සහ පුතු කියාන්ට බවයි. “නැවතත් සිනමාවට සම්බන්ධ වෙන්නත් ආරාධනා ලැබෙනවා. නමුත් මගේ දරුවන් තවම පොඩියි. ඔවුන්ට නිතරම මා අවශ්‍යයි. ඒ නිසා මගේ සියලු කටයුතුවල ප්‍රමුඛස්ථානය හිමි වන්නේ මගේ දරුවන්ටයි” කරිෂ්මා පවන්නීය. සිනමාවෙන් ඈත්ව සිටියත් සිනමාව වගේම නිර්මාණ ගැනත් නිරතුරුවම අධ්‍යයනය කරමින් සිටින බවත් ඇය පවසන්නීය. “මම ක්ෂේත්‍රයේ හොඳ දියුණුවක් දකිනවා. වර්තමානයේ කාන්තාව කේන්ද්‍ර කරගත් නිර්මාණ රැසක් බිහිවෙනවා දකින්න පුළුවන්” ඇය වැඩිදුරටත් සඳහන් කරන්නීය. |