වර්ෂ 2015 ක්වූ ඔක්තෝබර් 22 වැනිදා බ්‍රහස්පතින්දා




අධ්‍යචක්ෂණයට විරාමයක්

අධ්‍යචක්ෂණයට විරාමයක්

ප්‍රවේගය අධ්‍යක්ෂණය කරපු ඩොනල්ඩ් ජයන්ත උන්නැහේ ආයේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන වගක් නම් පේන්න නැහැ. අපට එවන් වූ ආරංචියක්වත් ආවේ නැති හින්දයි එහෙම කිව්වේ. ඇත්තටම ඩොනල්ඩ්ටත් චිත්‍රපට අධ්‍යක්ෂණයට විරාමයක් තබන්නට හිතිලලු. අනේ මන්දා මෙයාට ඇයි එහෙම හිතුණේ කියලා. ප්‍රවේගයට ආව විවිධාකාර විවේචන හින්දද මන්දා ඩොනල්ඩ් එහෙම තීරණයක් අරගෙන තියෙන්නේ.

සමහර අය කියනවා ප්‍රවේගය අධ්‍යක්ෂණය කළේ ඩොනල්ඩ් නෙවෙයි කියලා. අනේ අපි නම් එහෙම කියන්නේ නැහැ. ඒවා අහලා ඩොනල්ඩ් මහත්තයෝ හිත කලකිරවා ගන්න එහෙම එපා. කමක් නැහැ. ඩොනල්ඩ් අධ්‍යක්ෂණයෙන් මඳක් අයින් වුණේ ඉහටත් උඩින් ඇති සහාය අධ්‍යක්ෂණයට ලැබෙන ආරාධනා හින්දලු.

මේ දිනවල ඩොනල්ඩ් උදයකාන්තගේ බන්දනය චිත්‍රපටයට සහාය අධ්‍යක්ෂණයෙන් දායක වෙනවා. ඒ වගේම ලබන වසර සඳහා චිත්‍රපට පහකට සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධවීමට ඩොනල්ඩ් සැලසුම් කරගෙන ඉන්නවලු.

කොහොම හරි මේ කරුණු කාරණා මත සහාය අධ්‍යක්ෂණයෙන් චිත්‍රපට සියයකට දායක වෙලා ඉන් පසුවයිලු ඩොනල්ඩ් යළි චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන හිතන්නේ. එක එක අධ්‍යක්ෂවරුන් යටතේ වැඩ කරලා අත්දැකීම් රැස් කරගෙනලු ඩොනල්ඩ් ඊළඟ චිත්‍රපටය කරන්නේ. මොනවා වුණත් ඩොනල්ඩ් මේ කරන්නේ හොඳ වැඩක්. අපිත් මේ බලාගෙන ඉන්නේ ඩොනල්ඩ් එහෙම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනකම් තමයි.