|
සුහද කොකා අද ඇඩ්ඩ්‍රස් නෑ හෙට
අද (22) සහ හෙට (23) අලුත් සිනමාපට ද්විත්වයක ප්‍රදර්ශනය ඇරැඹෙනු ඇත. ඒ ඇඩ්ඩ්‍රස් නෑ සහ සුහද කොකාය. ජැක්සන් ඇන්තනීගේ තෙවැනි සිනමා අධ්‍යක්ෂණය වන ඇඩ්ඩ්‍රස් නෑ තිරගත වනුයේ හෙට සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හී වේ. මහේන්ද්‍ර පෙරේරා. කමල් අද්දරආරච්චි, සබීතා පෙරේරා, රොෂාන් රවීන්ද්‍ර, දර්ශන් ධර්මරාජ්, ශේෂාද්‍රි, අකිල ධනුද්ධර, මාධවී වත්සලා, හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, දිනුෂා රාජපතිරණ, කුමාරි මුණසිංහ සමඟ ජැක්සන් ඇන්තනි චරිත නිරූපණයේ යෙදෙති. කතාව, දෙබස්, තිර රචනය ජැක්සන්ගෙනි. චන්න දේශප්‍රියගේ කැමරා අධ්‍යක්ෂණයකි. වසන්ත කුමාරවිල සටන් අධ්‍යක්ෂවරයාය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ගීපද රචනයෙන් සහ ආචාර්ය රෝහණ විරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් එක් විය. සංස්කරණය ප්‍රවීණ් ජයරත්නගෙනි. නිමල් සෝමරත්න ඇඳුම් ආයිත්තම් නිර්මාණයෙන් ද, රුචිර දිනේෂ් කහඳ කොණ්ඩා සැකසුමෙන් ද, හර්ෂ මංජුල අංග රචනයෙන් ද, සරත් සේනාරත්න සහාය අධ්‍යක්ෂණයෙන් ද මෙයට දායක වූහ. නිරෝෂා විරාජිනී, නෙලූ අධිකාරි සහ ගයාන් පෙරේරා ගැයුමින් ඇඩ්ඩ්‍රස් නෑ හැඩ කරති. නිලුකා මාරසිංහ විධායක නිෂ්පාදකවරයාය. අද සිට තිරගත වන සුහද කොකා ගිරිරාජ්ගේ දෙවැනි සිනමා අධ්‍යක්ෂණය වේ. හාස්‍යෝත්පාදක සිනමාපටයක් වන මෙය තිරගත වනුයේ සී. ඊ. එල්. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි වේ. කතාව, දෙබස්, තිර රචනය ගිරිරාජ් විසින් නිම කළ සුහද කොකා සම්මානනීය සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ ප්රමුඛ ටී. වී. ටී. කණ්ඩායමේ නිෂ්පාදනයකි. විජය නන්දසිරි, රොඩ්නි වර්ණකුල, කුසුම් රේණු, ලාල් කුලරත්න, ඩබ්ලිව්. ජයසිරි, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, මිහිර සිරිතිලක, ගිරිරාජ් කෞශල්‍ය, ලලිත් ජනකාන්ත, සමන් හේමරත්න, සෝමසිරි අලකොලංග, රත්නා සුමනපාල, ගාමිණී අම්බලන්ගොඩ, සංජීව දිසානායක, දමිතා සළුවඩන, එස්. අයි. සමරක්කොඩි ඇතුළු පිරිස රංගන දායකත්වය සපයයි. දමිතා අබේරත්න, පියුමි බොතේජු, ප්‍රියන්ත සෙනෙවිරත්න ගරු රංගනයෙන් එක් විය. සුහද කොකාහි කැමරා අධ්‍යක්ෂණය තුසිත අනුරාධගෙනි. රවීන්ද්‍ර ගුරුගේ ගේ සංස්කරණයකි. නිෂ්පාදන සැලසුම ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගෙනි. අංග රචනයෙන් ඉමල් ශානක පීරිස්, කළා අධ්‍යක්ෂණයෙන් සිරිනාථ වික්‍රමසිංහ, සංගීත අධ්‍යක්ෂණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහ දායක වී තිබේ. මනෝජ් වික්‍රමසිංහගේ ඇඳුම් නිර්මාණයකි. සනත් මැදිවක නිෂ්පාදන විධායකවරයාය. රුවන් බණ්ඩාර සහ සුජිත් පෙරේරා සහාය අධ්යක්ෂවරු වෙති.
|