|
Crimson Peak
පසුගිය 16 වන දා තිරගත වීම ඇරඹි ‘කි‍්‍රම්සන් පීක්’ (Crimson Peak), ඉහත කී ‘ගොතික් පේ‍්‍රම’ ගනයේ ලා ගැනෙන චිත්‍රපටයකි. ‘කි‍්‍රම්සන් පීක්’ 19 වන සියවසේ උතුරු එංගලන්තයේ කුම්බ්‍රියා නම් ගැමි කඳුකර ප්‍රදේශයක් පසුතලය කොටගෙන නිර්මාණය වී ඇත. ශී‍්‍රමත් තෝමස් ශාප් නම් වංශකාර පුද්ගලයෙකු සමඟ පේ‍්‍රමයෙන් බැඳී විවාහ වන ශී‍්‍රමත් ඊඩිත් කුෂින් නම් තරුණ ලේඛිකාව ට මුහුණදීමට සිදුවන අද්භූත සිදුවීම් අළලා නිර්මාණය වී ඇති ‘කි‍්‍රම්සන් පීක්’, ගුයිලේර්මෝ ඩේල් ටොරෝ (Guillermoe Dell Toro) නම් ප්‍රවීණ මෙක්සිකානු චිත්‍රපට අධ්‍යක්ෂකවරයාගේ නිර්මාණ කාර්යයක් වන ‘කි‍්‍රම්සන් පීක්’, ටොරෝ, කැලම් ග්රීීන්, ජොන් ජැශ්නි, තෝමස් ටල් යන අයගේ නිෂ්පාදනයකි. ඇමෙරිකානු චිත්‍රපටයක් වන මෙහි ප්‍රධාන චරිත ති‍්‍රත්වය රටවල් තුනක රංගන ශිල්පීහු පණ පොවති. ඔස්ටේ‍්‍රලියානු රංගන ශිල්පිනියක වන මියා වසිකොව්ස්කා (Mia Wasikovska) ඊඩිත් ගෙ චරිතයට පණ පොවන අතර, ඇමෙරිකානු රංගන ශිල්පියෙකු වන ටොම් හිඩ්ල්ස්ටන් (Tom Hiddleston) ශී‍්‍රමත් තෝමස් ශාප් ගෙ චරිතයට පණ දෙයි. චිත්‍රපටයේ එන අනෙක් ප්‍රධාන චරිතය වන තෝමස් ගේ සොහොයුරියගේ චරිතය බ්‍රිතාන්‍ය නිළියක වන ජෙසිකා චාස්ටෙන් (Jessica Chastain) විසින් රඟ දැක්වෙයි. විනාඩි 118ක් පුරා දිවෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 55ක පිරිවැයකින් නිමවී ඇති ‘කි‍්‍රම්සන් පීක්’, යුනිවර්සල් පික්චර්ස් බෙදා හැරීමකි.
|