|
දෙයියො බුදුන් විතරක් නොවෙයි අම්ම තාත්තත් සිහිපත් කළා
ගීතිකා වික්‍රමසිංහ
විද්‍යුත් මාධ්‍යයේ ප්රවෘත්ති නිවේදකයෙක් නිවේදිකාවක් වන්නට සිහින දකින බොහෝ තරුණ තරුණියන් අතරේ ඒ සිහිනය සැබෑවක් කර ගන්නේ අතළොස්සක් පමණයි. මේ පිරිස අතරට අලුතින්ම පැමිණි සාමාජිකාවක් තමයි ගීතිකා වික්‍රමසිංහ. ඇය දැනට ස්වර්ණවාහිනියේ Live @ Eight News Team එකේ සිටින ළාබාලම ප්රවෘත්ති නිවේදිකාවයි. සම්පූර්ණ නම? ඩබ්ලිව්. ජී. ගීතිකා මධුමාලි වික්‍රමසිංහ. පදිංචිය? සපුගස්කන්ද. වයස? අවුරුදු 20 යි. පාසල? සපුගස්කන්ද විශාඛා බාලිකා විද්‍යාලය. ඉතින් ගීතිකා, මේ දවස්වල මොකෝ කරන්නේ? ඉගෙනීමයි, රැකියාවයි සමබරව කරගෙන යනවා. ප්රවෘත්ති නිවේදිකාවක් වීම ගැන ආඩම්බරයිද? අපෝ නැහැ. නිහතමානී සතුටක් තියෙන්නේ. නිවේදිකාවක් වෙන්නද වඩාත් කැමැති, නැතිනම් ප්රවෘත්ති කියන්නද? ප්රවෘත්ති නිවේදිකාවක් වෙන්න කැමැතියි. පළමු රැකියාව ගැන මොකද හිතන්නෙ? ගොඩක් සතුටුයි. මාධ්‍ය ක්ෂේත්රයට එන්න ලොකු ආසාවක් තිබුණා. ඒ අවස්ථාව මට ලැබුණා. රැකියාවක් කරන්න හිතකවත් තිබුණේ නැති වේලාවකයි අවස්ථාව ලැබුණේ. ප්රවෘත්ති කියන්න ඉගෙන ගත්තාද? නැතිනම් උපතින් ගෙන ආ හැකියාවක්ද? මගේ කටහඬ හොඳයි කියලා පුංචි කාලේ ඉඳන් ගොඩක් අය කියනවා. ඒ නිසා මම සංගීතය හැදෑරුවා. A/L වලට මීඩියා කරපු නිසා ප්රවෘත්ති කියන්න උත්සාහ කළා. පස්සේ ලාල් හේමන්ත මාවලගේ සර් ගාව පාඨමාලාවක් හදාරලා ඉගෙන ගත්තා. හදාරපු පාඨමාලාව මොකක්ද? NITT එකේ නිවේදන පාඨමාලාව. මම ඒකේ හොඳම ප්රවෘත්ති නිවේදිකාව, හොඳම වැඩසටහන් ඉදිරිපත් කිරීමට හා හොඳම සජීවි පුවත් වාර්තාකරණයට සම්මාන දිනා ගත්තා. ඒ හරහා ද ස්වර්ණවාහිනියට යන්න අවස්ථාව ලැබුණේ? ඔව්. උගන්වපු සර්ලා කිව්ව නිසා ස්වර්ණවාහිනියට අයදුම් පත්‍රයක් යොමු කළා. පසුව සම්මුඛ පරීක්ෂණයකට මුහුණ දුන්නා. ඒකෙන් සමත් වුණා කියලා ගෙදරට ලියුමක් ආවා. ලියුම කියෙව්වාම මොකක්ද දැනුණේ හිතට? කියාගන්න බැරි සතුටක්. ඊට පස්සේ? මං කල්පනා කළා මම රැකියාවට ගිහින් මොනාද කරන්නේ කියලා. ප්රවෘත්ති කියන විදිය ගැන ගෙදරදි පුරුදු වුණා. පළමු News එක කිව්වේ කවද්ද? 2015. 07. 15 දින. ස්වර්ණවාහිනියට ගිහින් කොච්චර කල්ද? අවුරුද්දක් විතර වෙනවා. දැනට අපිට ගීතිකා ප්රවෘත්ති කියනවා බලන්න පුළුවන් කවද්ද? සෑම බදාදා දිනකම දහවල් 12.00 ට Live @ 12 News එකෙන්. තවම ඉගෙන ගන්නවා කිව්වා නේද? ඔව්. මම සංගීත විශාරද පළමු අදියර සම්පූර්ණ කළා. දැන් දෙවැනි අදියර කරනවා. දැනට කැලණිය විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය හදාරනවා. ඉදිරියේ නීති ප්‍රවේශය කරන්න හිතාගෙන ඉන්නවා. සෞන්දර්ය විශ්ව විද්‍යාලයට යන්න අවස්ථාව ලැබිලත් නොගියේ ඇයි? උසස් පෙළ හොඳ ප්‍රතිඵල තිබිලත් මාධ්‍ය ක්ෂේත්රයට එන්න කැමති නිසා මම ඒක අත හැරියා. ගීතිකා ලස්සනයි කියලා කවුරුවත් කියලා නැද්ද? එහෙම මතකයක් නැහැ. ඒත් මම පාසලේ Social එකේදී Miss Vishakians 2nd place වුණා 2013 දී. රංගනයට ආරාධනාවක් ලැබුණොත් භාර ගන්නවාද? ආරාධනා ලැබුණා. ඒත් මම රංගනයට ගියේ නෑ. පවුලේ තොරතුරු? මමයි, අක්කයි, අම්මයි, තාත්තායි. තාත්තා විශ්‍රාමික ගුරුවරයෙක්. දැන් ව්‍යාපාරිකයෙක්. ගීතිකා කටකාරයි කියලා හිතෙන්නේ නැද්ද? නැහැ. අවශ්‍ය තැනදි විතරක් කටකාරයි. පාසලේත් විවාද කළානේ. ඉදිරි බලාපොරොත්තු? ප්රවීණයන්ගේ අනුදැනුම ඇතුව අධ්‍යාපන මට්ටමින් හා වෘත්තීය මට්ටමින් ඉහළට යන්න. කැමැතිම ප්රවෘත්ති නිවේදිකාව? මයුරි අබේසිංහට කැමතියි. ප්රවෘත්ති කීම ගැන ලැබෙන ප්‍රතිචාර කොහොමද? හැමෝම හොඳයි, හොඳට කරනවා කියනවා. මේ දවස්වල අලුතින් කරපු විශේෂ දෙයක් නැද්ද? BMICH එකේ තිබුණා පාසලේ 'රසෝඝා' සංගීත සංධ්වනිය. එහි සමිත රත්නායක සමඟ නිවේදනයෙන් සහභාගි වුණා. පළමු News එක කියන දවසේ මොකද හිතුණේ. දෙයියෝ බුදුන් සිහි කළා ද බීම් එකට යන්න පෙර? ඔව්. අනිවාර්යයෙන්ම දෙයියෝ බුදුන් සිහිකළා විතරක් නෙමේ අම්මා තාත්තාත් සිහිපත් කළා. බයකුත් හිතුණා. නමුත් විශ්වාසයක් තිබුණා හොඳට කරගන්න පුළුවන් කියලා. නර්තනනයට හැකියාව තියෙනවාද? ඔව්. පාසලේදී නටලා තියෙනවා. ගීතිකා, ගීතිකා ගැන ආඩම්බරයෙන්ද ඉන්නේ? යාළුවෝ කියලා නැද්ද දැන් ටිකක් උඩ ගිහින් කියලා එහෙම? අනේ නැහැ. තාම කවුරුත් මට එහෙම කියලා නෑ. මේ වෙලාවේ කාවද මතක් කරන්නේ? බුද්ධික කුලසේකර මහත්මා ඇතුළු ස්වර්ණවාහිනි අධ්යක්ෂ මණ්ඩලය live@eight ප්රවෘත්ති අංශ ප්‍රධානි චමින්ද කරුණාරත්න මහත්මා ඇතුළු සියලු කාර්ය මණ්ඩලය. පාසලේ හිටපු විදුහල්පතිනි ඩී. එල්. පද්මශීලී ගුරු මෑණියන් හා වර්තමාන විදුහල්පතිනි ප්‍රියන්ති සමරවීර ගුරු මෑණියන්ව. මට Media උගන්වපු සුදර්මා කුමාරි මිස්වත්, සිංහල උගන්වපු ධර්ම බුලත්සිංහල සර්වත් මතක් කරනවා. දහම් පාසලේ ගුරුවරු වගේම මගේ පවුලේ ආදරණීයන්වත් මතක් කරනවා. අවසාන වශයෙන් ගීතිකා ආදරය ගැනත් කියමු? අපෝ! තාම හිතලා නෑ. හිතන්න අදහසක් නැද්ද? තාම නැතෝ . . . ආහ්... අමතක වුණා. බොකුටු දිග කොණ්ඩේ කපලා ස්ට්‍රේට් කරන්න හිතුණේ ඇයි? ලස්සන මදි වගේ හිතුණද? ආසාවට ඉදිරියෙන් ටිකක් කළා. ඒත් මගේ දිග බොකුටු කොණ්ඩේ පිටුපසින් ආරක්ෂිතව තියෙනවා.
|