|
උපහාර පිදීමක්
මාලිගාවත්ත, ශ්‍රී ධර්මරාජ දහම් පාසලේ දරුවන් වෙනුවෙන් පරිත්‍යාගශීලිව කැපවීමෙන් කටයුතු කළ කලාකරුවන් දෙදෙනෙකු වෙත උපහාර පිදිමක් පසුගියදා මාලිගාවත්ත ශ්‍රී සුධර්මාරාම ධර්ම ශාලාවේදී සිදු කෙරිණි. දීර්ඝ කාලයක් ශ්‍රී ධර්මරාජ දහම් පාසලේ කලා කටයුතුවලදී කළ සේවය වෙනුවෙන් සමීර සුබසිංහ සහ තමාරා පණ්ඩිත මහත්ම මහත්මීන් වෙත මෙලෙස උපහාර පිරිනැමූයේ ඔවුන් නර්තනය සහ සංගීත ක්ෂේත්‍ර ඔස්සේ දරුවන් වෙනුවෙන් කළ සේවය උදෙසාය. පූජ්‍ය ගොඩඋඩ අරියධම්ම නාහිමියන් විසින් රචිත ගීත උදපාදි සංගත තැටිය දොරට වැඩීමේ උත්සවය පැවැති අවස්ථාවේදී රාජකීය ආචාර්ය කොළොන්නාවේ සිරිසුමංගල මහනායක ස්වාමීන්ද්‍රයන ් වහන්සේ සහ පණ්ඩිත පූජ්‍යපාද බෙංගමුවේ නාලක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අතින් මෙම උපහාර වෙනුවෙන් වූ සිහිටවටන පිරිනැමීම සිදුකෙරිණි.
කලා ලොවට හෙට පායන තරුවක් ශාමික
ශාමික උදය කුමාර ත්‍රිත්ව භූමිකා, අනේ අපොයි, පාප මිත්‍රයෝ වැනි වේදිකා නාට්‍යවලින් සිය රංගන ජීවිතයේ අත් පොත් තැබූවේය. ඔහු ප්‍රවීණ කළා ශිල්පීන් වන ජයලත් මනෝරත්න, කරුණාරත්න, අමරසිංහ, පරාක්‍රම නිරිඇල්ල, අතුල රන්සිරිලාල්, අශේන් මංජුල මහත්වරුන් සිය කලා ලොවේ ගුරු භවතුන් බව මහත් ගෞරවයෙන් යුතුව සිහිපත් කරයි. ශ්‍රී ලංකාවේ සුන්දර ප්‍රදේශයක් වන හපුතලේ උපන් ශාමික, බණ්ඩාරවෙල ධර්මපාළ මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ඇත. රංගනයට අමතරව පිටපත් රචනය, අධ්‍යක්ෂණය සහ නිවේදන කටයුතු පිළිබඳවද ඔහු උනන්දු වෙයි. ශාමිකගේ දුරකතන අංකය 0711883178.
|