|
මැද පොඩ්ඩක් පැත්තක් නෑ සැප්තැම්බරයේ තිරයට
කල්‍යාණ චන්ද්‍රසේකරගේ කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණය මැද පොඩ්ඩක් පැත්තක් නැහැ එළඹෙන සැප්තැම්බරයේ තිරගතවීමට නියමිතය. හාස්‍යෝත්පාදක සිනමා කෘතියක් වන මේ මඟින් නළු නිළියන් කිහිප දෙනෙකුම සිනමාවට හඳුන්වා දෙයි. බින්දු බෝතලේගම, මාධි පණ්ඩිතරත්න, දිල්හානි වීරසිංහ, අමීරා දිව්‍යාංජලී ඉන් කිහිප දෙනෙකි. ඔවුන් සමඟ ප්‍රේමදාස විතානගේ, දයාසිරි හෙට්ටිආරච්චි, ආරියසේන ගමගේ, සුනිල් ශ්‍රී, රූපා ගෝමස්, මානෙල් චන්ද්‍රලතා, තුලිත වෛද්‍යකීර්ති, රුවන් අමරසේකර, හෙලන් රෙනොල්ඩා, මංජුල බණ්ඩාර සහ තුෂාර ප්‍රගීත් සෙසු චරිත මවති. ගාමිණී කොස්තාගේ අංග රචනයකි. ප්‍රසාද් උඩුගමසූරිය කලා අධ්‍යක්ෂවරයාය. ලලින්ද්‍ර ප්‍රනාන්දු සහාය අධ්‍යක්ෂණයෙන් එක් විය. ශෂික රුවන් මාරසිංහ ශබ්ද පරිපාලකවරයාය. ගුණවර්ධන එදිරිසිංහ නිෂ්පාදන කළමනාකරු වේ. මැද පොඩ්ඩක් පැත්තක් නෑ ඒ. පාරිස්ටර්ගේ නිෂ්පාදනයකි.
සිංග මචං චාලිට අනුමැතිය
ලාල් වීරසිංහ අධ්‍යක්ෂණය කළ සිංග මචං චාලි සිනමාපටයෙහි සියලු වැඩ කටයුතු මේ වන විට නිමවී තිබේ. එයට පවුලේ චිත්‍රපටයක් ලෙසට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයෙන් අනුමැතියද ලැබී ඇත. ලාල් වීරසිංහ, අනුෂා දමයන්ති, උදයන්ති කුලතුංග, සැන්ඩෝ හැරිස්, විශාකා සිරිවර්ධන, කුසුම් පෙරේරා, රංජිත් ජයවර්ධන, දමිතා සළුවඩන, අනුර බණ්ඩාර රාජගුරු මෙහි චරිත මවති. සිංග මචං චාලි හි විශේෂත්වය වනුයේ ජෝතිපාලයන්ගේ පැරැණි ගීත දෙකක් මෙයට ඇතුළත් වීමය. ළඟදීම සිංග මචං චාලි තිරගත වන බව ලාල් සරසවියට දැන්වීය.
|